ඇෆ්ගන් තලේබාන් සටන්කාමී සංවිධානය විසින් කටාර් රාජ්‍යයේ දෝහා හි පිහිටුවා ඇති ‘සාම කාර්යාලය’ හැඳින්වීමට භාවිතා කළ නම, වෙනස් කිරීමට තලේබාන් සංවිධානය ඊයේ (24) තීරණය කළේය.
තලේබාන් සටන්කාමීන් එම සාම කාර්යාලය නම් කර තිබුණේ ‘ඇෆ්ගන් එමීර් රාජ්‍යය’ යන නමිනි. ‘ඇෆ්ගන් එමීර් රාජ්‍යය’ යනු 2001 වසරට, පෙර තලේබාන් පාලනය පවතිද්දී, ඇෆ්ගනිස්තානය හැඳින් වූ නමය.
1996 වසරේ සිට 2001 වසර තෙක් පැවැති එම තලේබාන් පාලනය පෙරළා දැමුණේ ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝව ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කළ අවස්ථාවේදීය.
‘ඇෆ්ගන් එමීර් රාජ්‍යය’ යනුවෙන් එම සාම කාර්යාලය නම් කිරීමට ඇෆ්ගන් රජයෙන් දැඩි විරෝධයක් එල්ල විය.
ඇමෙරිකා රජයත්, ඇෆ්ගන් තලේබාන් සංවිධානයත් අතර ආරම්භ කිරීමට නියමිත සාම කතාවලට ද ඇෆ්ගන් රජයෙන් එල්ල වූ එම විරෝධය හේතුවක් විය.
විදෙස් හමුදා ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කළේ, 2001 සැප්තැම්බර් 11 ප‍්‍රහාරයෙන් පසු අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන්, ඇෆ්ගනිස්තානයේ සැඟවීමත්, තලේබාන් සංවිධානය ඔහුට සහාය දීමත් මුල්කොට ගනිමිනි.
ඇෆ්ගන් සංග‍්‍රාමයට වසර 12 ක් ගතවී ඇති නමුත් තලේබාන් සටන්කාමීන් ‘මට්ටු කිරීමට’ විදෙස් හමුදාවලට තවමත් හැකියාවක් ලැබී නැතැයි නේටෝ සංවිධානය ද පිළිගෙන ඇත. සාම සාකච්ඡුා පැවැත්වීම කෙරෙහි අවධානය යොමු වී ඇත්තේ එහෙයිනි.
සාම සාකච්ජාවලට එන්නැයි තමන් කළ ඇරයුම ඇෆ්ගන් තලේබාන් සටන්කාමීන් විසින් පිළිගෙන ඇතැයි ඇමෙරිකාව නිවේදනය කළේ ඉකුත් 19 වැනිදාය.
2014 දී සංග‍්‍රාම කටයුතු අවසන් කර, ඇමෙරිකාව ප‍්‍රමුඛ විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමට නියමිතව සිටී.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කටාර්හි තලේබාන් සාම කාර්යාලයේ නම වෙනස් කෙරේ
සේරම් පැරිසිය Tuesday, 25 June 2013 02:42 PM
කොටියාගේ පුල්ලි මාරු කළාට කොටිය කොටියාමය. එමෙම්ම තලේබාන්වරු නම මාරු කලාට ඔවුන් තලේබාන්වරුන්මය. (නි)
ජානි Wednesday, 26 June 2013 01:36 AM
සමාවන්න සේරම්."කොටියා කැලේ මාරු කලාට පුල්ලි නොමැකෙයි" ලෙසයි අපි අසා ඇත්තේ. (නි)