සටන් විරාමයකට යමින්, සාකච්ඡා පවත්වා, රුසියන් යුක්රේන අර්බුදය කඩිනමින් විසඳා ගැනීමට සියලු පාර්ශ්වයන් උත්සහ ගත යුතු යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අවධාරණය කර තිබේ. අග්‍රාමාත්‍ය මෝදි මෙසේ අවධාරණය කළේ ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වෙන ‘ජී20’ සමුළුවට සහභාගී වෙමිනි.
දෙවැනි ලෝක යුද්ධයේ බිහිසුණු බව අත්විඳි ලෝකය සැමවිටම උත්සාහ ගත යුත්තේ යුද්ධ කිරීමට නොව සාමයට යැයි අග්‍රාමාත්‍ය මෝදි සමුළුවේදී පෙන්වා දුන්නේය. ‘පසුගිය ශතවර්ෂයේ අප දෙවැනි ලෝක යුද්ධයෙන් සිදුවුණු මහා විනාශය අත්වින්දා. යුක්රේන අර්බුදය කිසිසේත් තෙවැනි ලෝක යුද්ධයක් තෙක් දුරදිග යා යුතු නැහැ. සටන් විරාමයකට කඩිනමින් යන්න ඕනෑ. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා පැවැත්වෙන්න ඕනෑ’ යැයි අග්‍රාමාත්‍ය මෝදි වැඩි දුරටත් කියා සිටියේය.
‘ලබන වසරේ ජී 20 සමුළුව පැවැත්වෙන්නේ ඉන්දියාවේ. ඉන්දියාව බුදුන් උපන් දේශයයි. අහිංසාවාදයේ පියා ගාන්ධිතුමන්ගේ දේශයයි. මා විශ්වාස කරනවා එම ජී20 සමුළුව පැවැත්වෙද්දී ලෝකය සාමකාමී තැනැක් වනු ඇත.’ යැයි ද අග්‍රාමාත්‍ය මෝදි වැඩි දුරටත් පැහැදිලි කළේය.
බාලි හි පැවැති ‘ජී20’ සමුළුවට සමඟාමීව, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, බි්‍රතාන්‍ය නව අග්‍රමාත්‍ය ඉන්දීය සම්භවයක් ඇති රිෂී සුනාක් ද හමුවිය. ඔවුන් සියලු දෙනා සමඟ මෝදි, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වීය.
‘ජී20’ යනු ලොව ආර්ථිකමය වශයෙන් බලවත් රටවල් 19 ක් සහ යුරෝපා සංගමයේ එකමුතුවයි. ‘ජී20’ සමුළුව වාර්ෂිකව පැවැත් වෙන අතර මෙවර සමුළුවේ සත්කාරකරු ලෙස කටයුතු කරන්නේ ඉන්දුනීසියානු ජනාධිපති යෝකෝ විඩෝඩෝ ය. සමුළුවට පැමිණි සියලු නායකයන් උණුසුම් ලෙස පිළි ගැනීමට ජනාධිපති යෝකෝ විඩෝඩෝ කටයුතු කළේය.
රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. ඒ, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගේ රජය, ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයට සහාය දැක්වීම සහ ‘නේටෝ’ සාමාජිකත්වය ඉල්ලීම නිසාය. ඇමෙරිකාව, කැනඩාව සහ යුරෝපා රටවල් එක් වී ‘නේටෝ’ යුද සන්ධානය පිහිටුවාගෙන ඇත්තේ රුසියාවෙන් එල්ලවන තර්ජනවලට එරෙහිවය.
(එන්.ඩී.ටීවී.)
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කතා කරලා යුක්රේන අර්බුදය විසඳා ගන්න ඕනෑ