ප‍්‍රධානියාගේද ආශිර්වාදය ඇතිව කාර්යාලයේ සගයින් හා එකතුවී හොද හැටි ඇග පත රත් කරගැනීමට සේවකයින්ට අවස්ථාව සළසා දෙන අපූරු චාරිත‍්‍රයක් ජපානයේ ඇත.
‘‘නොමිකායි‘‘ ලෙස හැදින්වෙන මෙයින් කාර්යාලීය සගයින් අතර සබදතාවය වර්ධනය කිරීම අපේක්ෂා කෙරේ.එනිසාවෙන්ම මෙයට කාර්යාලයේ ඉහළ බළධාරීන්ගේද ආශිර්වාදය හිමිය.
මෙය සාමාන්‍යයෙන් අප දන්නා පරිදි කාර්යාලයක සේවකයින් වසරක් පාසා සංවිධානය කරන සාදයක හෝ විනෝද චාරිකාවක හෝ ස්වරූපයෙන් වෙනස්ය.සියලූ දේ සිදුකෙරෙන්නේ කාර්යාලයේදීය
‘‘නොමිකායි‘‘ දිනයේදී සේවකයින්ට පාරිතෝෂික දීමනාවක්ද ලබා දීමට ඇතැම් ආයතන ප‍්‍රධානීහු කටයුතු කරන්නෝය.ඒ ඔවුන් කෙසේහෝ එදිනට කාර්යාලයට ගෙන්වා ගැනීමේ අරමුණ ඇතිවය.තම සේවකයින්ට කන පාත් කර ගැනීමට අවස්ථාව සළසා දීමට කාර්යාල ප‍්‍රධානීන් කෙතරම් වෙහෙස වනවාදැයි මෙයින් සිතා ගත හැකිය.
ජපානයේ සංස්කෘතියට අනුව මත්පැන් පානයටද සැළකිය යුතු ස්ථානයක් හිමිය.පුද්ගලයින් අතර සම්බන්ධතාවයක් වර්ධනය කරන්නක් ලෙස ජපාන ජාතිකයෝ එය සළකති.
‘‘නොමිකායි‘‘ තමන්ට උසස්වීමක් ලබාගත හැකි ලෙහෙසිම විදිය ලෙස ඇතැම් ජපාන ජාතිකයින් දකී.කාර්යාලයේ සියලූ දෙනා එක්ව විනෝද වන බැවින් තම ශිල්ප පෙන්වීමට එය අවස්ථාවක් කර ගැනීමට ඔවුහු උත්සාහ කරන්නෝය.
හොද හැටි පදම්වී ‘‘හතරගාතයෙන්‘‘ නිවෙස් බලා යන මෙවන් කාර්යාල සේවක පිරිසකගේ ඡායාරූපයන් රැසක් පසුගියදා අන්තර්ජාලයට එක්ව තිබුණේය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කන්තෝරුවේදීම ඇඟ රත් කර ගනී
ඉර්ෆාන් ධර්මා Saturday, 14 June 2014 06:37 AM
ලංකාවේ දිනපතා වෙන චාරිත්‍රයක් ජපානයේ අය හොරට කොපි කරගෙන වගේ (නි)
රන්ජිත් Sunday, 06 July 2014 12:09 PM
අනේ! මෙහෙටත් මේක ගේන්නකෝ (නි)
ප්‍රනාන්දු Wednesday, 18 June 2014 08:04 AM
කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන... මෙතන තමයි මා හට ඇති විනෝද උයන.... ගී ගයමින් සතුටින් මා නිතරම සිටින.... මෙතන තමයි මාගේ විනෝද උයන... (නි)
ශංක Tuesday, 17 June 2014 09:37 AM
අපේ රයේ ඒවත් කොපි කරන රටවල් තියෙනවා (නදී)
ඉසුරන්දි Monday, 16 June 2014 04:52 PM
එකනම් කාර්යාලයක් වෙන්න බැහැ.තැබරුමක්ද කොහෙද (දී)
මෙල්බා Monday, 16 June 2014 03:35 PM
රෝයි ඔයා ගල් වෙලාද ඉන්නේ? (දී)
උදිත මදුමල් පෙරේරා Monday, 16 June 2014 12:00 PM
අම්මෝ මම හොඳ වෙලාවට ජපානේ ඉපදුනේ නැත්තේ, (ස)
නීල් Monday, 16 June 2014 05:43 AM
බීල වැඩිවෙලා ගෙදර යන්න බැරි වුණහම ටැක්සි වලට ජයයි. (නි)
බිමල් Sunday, 15 June 2014 12:07 PM
වසර දහයක කාලයක සිට ජපානයේ ජිවත්වන 'රෝයි' ට,මගේ සුබ පැතුම් !(දී)
ධනු Sunday, 15 June 2014 07:52 AM
ජපන් පිරිමින්ට වැඩිය කාන්තවන් බොන්න පුළුවන්, මෙහෙම ගියාම කන සාක්කුවේ දාගෙන තමයි එන්නේ. මෙහෙම බීල ඒ ඇඳුම් පිටින්ම වැඩට යනවා කිසි ගානක් නැතුව (අ)
ජයනාත Sunday, 15 June 2014 02:50 AM
මේකට කොහෙත්ම අදාළ නැති කාරණයක් මේ කියන්නේ.මේ ක්‍රමය ඇරෙන්න අපගේ පාටකයන් දැනුවත් කරන්න වෙන ක්‍රමයක් මට නැහැ."හොර ෆේස් බුක් සාමාජිකයන් හදුනා ගන්න".1.ගිය ඉස්කෝලයක් සදහන් වන්නේ නැත.2.මිතුරන් නැත.3.මිතුරන් සිටියත්,ගිය ඉස්කෝලේ මිතුරන් නැත.4.තමන්ගේ පින්තුර [බලන අයට ඒ පුද්ගලයා පිලිබදව සැහීමකට පත් විය හැකි පින්තුර ] නැත.මෙවැනි පුද්ගලයන් ඉතා භයානකය.මොවුන්ගෙන් ප්‍රවේශම් වන්න.සමහරුන් සිය දිවි නසාගන්නේ,අපහසුතාවයට පත් වෙන්නේ මෙවැනි පුද්ගලයන්ගේ ක්‍රියා කාරකම් නිසාය. (දී)
ශිරාණි කරුණාරත්න Friday, 13 June 2014 12:35 PM
අනේ මෙහෙම ලංකාවෙත් තිබුනා නම් කොච්චර ශෝක්ද? එහෙම වුණානම් අවුරුද්දකට සැරයයි නේ බොන්නේ(දිල්)
මෙත්ම Saturday, 14 June 2014 06:08 AM
සිරි, ඔබ හරි. රෝයිට නම් ජපානය හරි ලොකු ඇති (නි)
ආන්ජලි Saturday, 14 June 2014 04:45 AM
අපේ රටේ මෙහෙම චාරිත්‍රයක් නැහැ. හැබැයි වෙන්නේ මේ වැඩේ (දී)
ජෙහාන් Saturday, 14 June 2014 04:02 AM
මේක අපේ රටේ නීති ගත කරන්න ඕනේ
ඩෑම් Friday, 13 June 2014 10:59 PM
මේක හොඳ වැඩක්නේ. අපිටත් අවස්ථාවක් දෙන්නකෝ (නි)
සිරි Friday, 13 June 2014 08:13 PM
රෝයි, ඔය වසර 10 මේ ලිපිය සමග සමිබන්ද වෙන්නෙ කොහොමද? (නදී)
රෝයි Friday, 13 June 2014 05:37 PM
මමත් වසර 10 ක කාලයක් තිස්සේ ජපානයේ තමයි ජීවත් වෙන්නේ (නි)
නන්දන පනාගොඩ මිලානෝ Friday, 13 June 2014 03:47 PM
ජපානේ අවුරුද්දට එක දවසයි.ලංකාවේ නම් මෙම චාරිත්‍රය දිනපතා සිදුවෙනවා. (දිල්)
ද සිල්වා Friday, 13 June 2014 03:38 PM
ලංකාවේ තිබෙන්නේ මේකේ අනිත් පැත්ත ලංකාවේ මිනිස්සුන්ට මෙහෙම බොන්න දුන්නනම් මරා ගනී , ආයතන ප්‍රධානියාට සිද්ධ වෙන්නේ සතියක් පුරා ආයතනය වසා දමා පොලිසි උසාවි ගානේ රස්තියාදු වීමටය ,(දිිල්)
ගාමින්ද Friday, 13 June 2014 03:04 PM
ලංකාවේ කාර්යාල වේලාවෙන් පස්සේ මෙහෙම තමයි (දී)
ඉන්දික Friday, 13 June 2014 01:41 PM
අන්න රටවල්! (දී)