නිරිත දිග බංගලාදේශයේ ඉදිකරමින් පවතින සිමෙන්නි කර්මාන්ත ශාලවක වහලය කඩා වැටීමෙන් 6 දෙනෙක් ජිවිතක්ෂයට පත්වි 60 කට වැඩි පිරිසකට තුවාල සිදුවි ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බගර්හැටි දිස්ත්‍රික් රෝහලේ ප්‍රධාන කායික වෛද්‍යවරයා වන මොහමඩ් බකීර් හුසේන් පවසා ඇත්තේ තුවාල කරුවන් වැඩි දෙනෙකුගේ තත්වය බරපතල බවයි.
බංගලාදේශ සිවිල් ආර්ක්ෂක සහ ගිනි නිවීම් සේවාවේ සම්බන්ධිකාරක නිලධාරි මොහමඩ් නියැස්මුර් රහමාන් පවසා ඇත්තේ සුන්බුන් අතර සිරවි සිටි පුද්ගලයන් දෙදෙනෙක් නිරුපද්‍රිතව බේරාගත් බවයි. තවත් 30 දෙනෙක් පමණ සුන්බුන් අතර සිරවී සිටින බව විශ්වාස කෙරණ බවද රහමාන් පවසා තිබේ.
කුල්නා ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස් ප්‍රධානි මොනි අස් ෂමාන් පවසා ඇත්තේ සිරවි සිටින ගණන ස්ථිර ලෙස ප්‍රකාශ කර නොහැකි බවයි. එහි වැඩ කරමින් සිටි සංඛ්‍යාව පිළිබඳ මෙතෙක් ස්ථිර තොරතුරු නැත. මෙම කර්මාන්ත ශාලාව සේන කල්යන් සංස්ථා නැමැති සුභ සාධන සංවිධානයට අයත් බවද පැවසේ.
බංග්ලාදේශයේ කර්මාන්ත ශාලාවල මෙවැනි මාරක අනතුරු විම අළුත් දෙයක් නොවන බව ද එරට මාධ්‍ය වාර්තා කරයි. දරුණුම අනතුර සිදුවි ඇත්තේ 2013 අප්‍රේල් මස 24 වැනි දිනයි. එදින ඇඟළුම් කර්මාන්ත ශාලා පහක් පවත්වාගෙන යනු ලැබු තට්ටු නමයක ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 1100 ක් මියගියහ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කම්කරුවෝ කම්හලට යටවෙති
දුමින්ද Monday, 16 March 2015 05:48 AM
වැඩ බිම සහ සොහොන් බිම එකක් උන අරුමය (නදී)