X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


කරච්චි නුවර යළිත් ඡන්දයක්: ඉම්රාන් ඛාන්ගේ පක්ෂයට ජය

පාකිස්තානයේ ප‍්‍රධාන වෙළෙඳ නගරය ලෙස සැලකෙන කරච්චි නුවර පෙරේදා (19) යළිත් වරක් මැතිවරණයක් පැවැත්වීමට එරට මැතිවරණ කොමිසම කටයුතු කළ අතර එයින් ජයග‍්‍රහණය කළේ ඉම්රාන් ඛාන්ගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයයි.
ඉකුත් 11 වැනිදා පැවැති මහ මැතිවරණයේදී කරච්චි නුවර මැතිවරණ වංචා රැසක් සිදුවිනැයි චෝදනා එල්ල වීම හේතුවෙන් කරච්චි නගරයේ  මැතිවරණය යළි පැවැත්වීමට පාකිස්තාන මැතිවරණ කොමිසම පියවර ගත්තේය.
කරච්චි නුවර ප‍්‍රචණ්ඩත්වය රජයන නගරයක් ලෙස ප‍්‍රකටය. වාර්ගීක, ආගමික සහ දේශපාලන ගැටුම් එහි බහුලය. පෙරේදා මැතිවරණය පැවැතියේ විශේෂ පොලිස් සහ හමුදා රැකවල් මැදය. කරච්චි නුවර ඡුන්ද මධ්‍යස්ථාන 43 ක් කි‍්‍රයාත්මක විය.
මැතිවරණයට සියල්ල සූදානම් වෙද්දී ඉකුත් සෙනසුරාදා (17) ඉම්රාන් ඛාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක මෙන්ම එහි උප සභාපතිවරිය ද වන සාරා ෂහීද් හුසේන් නානදුනන තුවක්කුකරුවන් දෙදෙනකු එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූවාය.
යතුරු පැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනකු සාරා ෂහීද් හුසේන්ගේ හිසට වෙඩි තබා මරා දැමුවේ ඇගේ නිවස ඉදිරිපිටදීය.
මැතිවරණ රැලියක් අමතමින් සිටිද්දී, අට්ටාලයකින් ඇද වැටී ලාහෝර් නුවර රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටින ඉම්රාන් ඛාන් චෝදනා කළේ සාරා ෂහීද් හුසේන් ඝාතනයට වගකිව යුත්තේ ‘මුටාඩියා කුවාමී’ දේශපාලන පක්ෂය සහ එහි නායක  අල්තාෆ් හුසේන් බවය.
කරච්චියේ මේ වනතෙක්ම බලයේ සිටියේ මුටාඩියා කුවාමී දේශපාලන පක්ෂයයි. මිනීමැරුම් චෝදනා ලැබ සිටින අල්තාෆ් හුසේන්, පාකිස්තානයෙන් පිට වී, බි‍්‍රතාන්‍ය රජයේ ආරක්ෂාව ලැබ එරට ජීවත් වෙයි. ඔහු පක්ෂයට නායකත්වය දෙන්නේ බි‍්‍රතාන්‍යයේ සිටය. අල්තාෆ් හුසේන්ට බි‍්‍රතාන්‍ය රජයේ අනුග‍්‍රහය සහ ආරක්ෂාව ලැබෙන නිසා සාරා ෂහීද් හුසේන්ගේ ඝාතනයට බි‍්‍රතාන්‍ය රජය ද වග කිව යුතු යැයි හිටපු කි‍්‍රකට් තරුවක් ද වන ඉම්රාන් ඛාන් චෝදනා කරයි.
ඉකුත් 11 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් වැඩි ආසන සංඛ්‍යාවක් හිමිකර ගනිමින් ජයග‍්‍රහණය කළේ හිටපු අගමැතිවරයකු වන නවාෂ් ෂරීෆ් සහ ඔහුගේ ‘මුස්ලිම් ලීගය එන්’ පක්ෂයයි. දෙවැනි ස්ථානයට පත්වූයේ වත්මන් ජනපති අසීෆ් අලී සර්දාරිගේ ජනතා පක්ෂයයි. තෙවැනි ස්ථානය හිමිවූයේ ඉම්රාන්ගේ පක්ෂයටය.



අදහස් (0)

කරච්චි නුවර යළිත් ඡන්දයක්: ඉම්රාන් ඛාන්ගේ පක්ෂයට ජය

ගාමිණී-සිරි Tuesday, 21 May 2013 08:57 AM

ඉම්රාන් ඛාන්ට කවදා නමුත් ජය සිකුරුයි. ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තොර සාමකාමී පුද්ගලයෙක් බව ජනතාව තේරුම් ගනී ඊළඟ වතාවේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site