කරච්චි නුවර දී පෙරේදා (25) යතුරු පැදි දෙකකින් පැමිණි නානඳුන තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි තැබිමකට හසුවි පාකිස්තාන නීතිඥ වරු තිදෙනෙක් ජිවිතක්ෂයට පත්වූහ. වෙඩි ප‍්‍රහාරයට හසුවෙද්දී නීතිඥවරු තිදෙනා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියහ. යතුරු පැදි දෙකකින් පැමිණි තුවක්කුකරුවෝ මෝටර් රථය හරස් කොට ඊට වෙඩි තබා පලා ගිය බව සිද්ධිය දුටුවෝ පවසති. වෙඩි ප‍්‍රහාරය එල්ල වූයේ කරච්චි නුවර දකුණින් පිහිටි අරම්බා පළාතේය. මියගිය නීතීඥවරුන් තිදෙනාගෙන් දෙදෙනකු පියකු හා පුතකු බව කරච්චි පොලිස් නිලධාරීහු පවසති. මෝටර් රථයේ සිටි තවත් නීතීඥවරයකු ද වෙඩි ප‍්‍රහාරයට හසුවී තුවාල ලබා ඇති අතර ඔහු මේ වනවිට රෝහල් ගත කර සිටියි. රෝහල් ආරංචි මාර්ග පවසන්නේ ඔහුගේ තත්ත්වය බරපතළ බවය. එම නීතීඥවරුන් ෂියා මුස්ලිම්වරුන් පිරිසක් වන හෙයින් එය ආගමීක ගැටුමක් යැයි පොලිසිය අනුමාන කරයි. කරච්චි නුවර අයත් සිංද් ප‍්‍රාන්ත මහ ඇමැති මන්සූර් වසාන් ඊයේ (26) මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ද එය ආගමික ගැටුමක් කියාය. සිද්ධිය ගැන පොලිස් පරීක්ෂණ දිගටම පැවැත්වේ. මේ අතර කරච්චි නීතිවේදීන්ගේ සංගමය එම ඝාතනයන්ට එරෙහිව කරච්චි නුවර විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කරච්චියේදී පාකිස්තාන නීතිඥවරු තිදෙනෙක් වෙඩි වරුසාවකට බිලිවෙති