යුක්රේනයේ කර්සෝන් නගරයෙන් පසුබසින්නැයි රුසියන් හමුදාවට එරට ආරක්ෂක අමත්‍යාංශයෙන් උපදෙස් ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
කර්සෝන් නගරයෙන් පසුබසින්නැයි හමුදාවට අණ දී ඇත්තේ රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ෂොයිගු ය.
කර්සෝන් නගරයේ සිටින රුසියානු හමුදාවන්ට සැපයුම් ප්‍රවාහනය කිරීමට හැකියාවක් නොමැති බැවින්, දිනිප්‍රෝ ගංගාවේ බටහිර ඉවුරෙන් රුසියානු හමුදා සම්පුර්ණයෙන් ඉවත කර ගැනීමට තීරණය කළේ යැයි යුක්රේනයේ රුසියානු හමුදා අණදෙන නිලධාරී ජනරාල් සර්ගෙයි සුරොවයිකින් පැහැදිලි කර ඇත.
රුසියානු හමුදාවට කර්සෝන් නගරය අහිමි වීම රුසියාව ලැබූ පරාජයක් බව යුක්රේන හමුදා පවසා තිබේ.
රුසියානු හමුදා ගත් මෙම පියවර තමන් බලාපොරොත්තු වූ බවත් ශීත සෘතුවේදී යුක්රේන සහ රුසියානු හමුදාවන්ට තමන්ගේ ස්ථාවරය පිළිබඳ සිතා බැලීමට අවස්ථාව ලැබෙන බවත් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පැහැදිලි කර ඇත.
දිනිප්‍රෝ ගංගාවේ බටහිර ඉවුරෙන් රුසියානු හමුදා ඉවත් වී නැගෙනහිර ඉවුරේ ස්ථානගත වෙනු ඇතැයි ජනරාල් සර්ගෙයි සඳහන් කර ඇත.
(රොයිටර්)
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කර්සොන් නගරයෙන් රුසියන් හමුදා ඉවතට