X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 25 වන සිකුරාදා


කල්ගිය ප්‍රශ්නයක් විසඳෙයි

දේශපාලන හේතු මත හෝ වෙනත් රාජ්‍ය තර්ජන හේතුවෙන් ජීවිතය බේරා ගැනීම සඳහා තම මව්බිම හැර ගොස් විදේශ රටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ට විදේශ ගමන් බලපත‍්‍ර  ඉල්ලූම් කිරීමේදී මින් පෙර පනවා තිබු සියලූම සීමා ඉවත් කොට ඔවුන්ට අවශ්‍ය  ගමන් බලපත් ලබා ගැනීමට හැකි ලෙස නව චක‍්‍ර ලේඛනයක් රජය විසින් නිකුත් කොට තිබේ.

ඒ අනුව විදේශයන් හී ජීවත් වන ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත් නොමැති සෑම ලාංකිකයකුටම තම අනන්‍යතාවය ඔප්පු කළ හැකි පිළිගත් ලිපි ලේඛන ඉදිරිපත් කොට ගමන් බලපත‍්‍රයක් ලබා ගැනීමට අවස්ථාව උදාවී ඇත.

ප‍්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට බලපෑ ඉහත ප‍්‍රශ්නය හා ඒ හා බැඳුණු ප‍්‍රශ්න ඇතුළත් සංදේශයක් පසුගිය නොවැම්බරයේදී පැරීසියේ ශ්‍රී ලාංකික එකමුතුව ප‍්‍රංශ තානාපතිට භාර දුන් අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස පසුගිය මැයි මස ආගමන හා විගමන පාලක, අමාත්‍යාංශ ලේකම්, ආගමන හා විගමන විදේශ අංශ ප‍්‍රධානි ඇතුළත් රාජ්‍ය නිලධාරින් සමග තානාපති රණවිරාජා මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්විණි.

ප‍්‍රංශයේ ලාංකිකයෝ ප‍්‍රශ්න ඉදිරිපත් කළහ. විදේශ අමාත්‍යාංශය හා ඊට අදාල අංශ සමඟ සාකච්ඡාකොට සාධාරණ සහන සලසන බව ආගමන හා විගමන පාලකවරයා පැරීසියේදි පොරොන්දු විය.

ප්‍රථම රැස්වීමට එක්වූ පුෂ්පසිරි ද අල්විස්, රොහාන් දයාදර , රෙක්ස් හෙට්ටිආරච්චි, ලාල් රාජපක්ෂ , ශ්‍රී සරවන්, එන්ස්ලි ප‍්‍රනාන්දු, ජසින්තා බණ්ඩාර, සුදත් සිල්වා, ඒ.ඩී. ජයන්ත, නිහාල් මැණික්බෝව ඇතුළු පිරිසද තවත් සංවිධාන ද එම අයිතිවාසිකම් දිනා ගැනීමට මුල් වූහ.

web_201662------------------------------------------------06

 

 

 



අදහස් (0)

කල්ගිය ප්‍රශ්නයක් විසඳෙයි

අජිත් පැරිස් Tuesday, 07 June 2016 05:37 PM

නිමල් පැරිස්, කතාව සම්පුර්ණ ඇත්ත. (නි)

:       0       0

රාජා Sunday, 05 June 2016 07:11 AM

පැරිස් ලංකා සන්දානයට ස්තුතියි ... ඉතිරි ඉල්ලිම් සියල්ලම අපිට දිනාදීමට .... පැරිස් ලංකා සන්දානයට.... ශක්තිය ලැබේවා ..(හේ)

:       0       0

ඩයස් පැරිස් Sunday, 05 June 2016 10:47 AM

පැරිස් ලංකා සන්ධානය සමඟ ප්‍රංශයේ ජීවත්වෙන සියලු ශ්‍රී ලාංකිකයින්ගේ යුතුකම සන්ධානය සමඟ අත්වැල් බැඳගෙන අනෙකුත් ජයග්‍රහණ වෙනුවෙන් සටන්කොට ජයගැනීමයි (නි)

:       0       0

උපනන්ද පැරිස් Sunday, 05 June 2016 10:50 AM

ප්‍රංශයේ පැරිස් ලංකා සන්ධානය කළ සේවයට අපගේ මේ සුබ පැතුම්! (නි)

:       0       0

නිහාල් ගමගේ Sunday, 05 June 2016 12:56 PM

සඳරුවන් ලන්ඩන්, ඔයා කියා ඇති පරිදි නියම සරණාගත බව ලැබෙන අයට ලංකාවේ පාස්පෝර්ට් ඉල්ලීමට කිසිදු අයිතියක් නැත. නමුත් සරණාගත බව ඉල්ලා ප්‍රතික්ෂේප වුණ අයට ලංකාවේ පාස්පෝර්ට් එකක් අවශ්‍ය වනු ඇත. එහෙම කෙනෙකුට හා සරණාගත බව ඉල්ලුම් නොකළ කෙනෙකුට පාස්පෝර්ට් එකක් අවශ්‍ය වනු ඇත. ඉහත චක්‍රලේඛනය වලංගු වන්නේ එහෙම අයටයි (නි)

:       0       0

මහේෂ් Sunday, 05 June 2016 01:03 PM

මේ නිසා පැනගිය කොටින්ට ලංකාවට එන්න පුළුවන් වෙනවා නේද. (නි)

:       0       0

අල්විස් පැරිස් Sunday, 05 June 2016 02:34 PM

රාජා, පැරිස් ලංකා සන්ධානයට ශක්තිය ලැබේවා නෙමෙයි, ශක්තිය දෙන්න එකතු වෙන්න කියලයි මම නම් කියන්නේ (නි)

:       0       0

ජයරත්න Sunday, 05 June 2016 02:40 PM

හොඳ විස්තර ඇතුළත් ලිපියක් (නි)

:       0       0

අල්විස් Monday, 06 June 2016 06:45 AM

ජාතිවාදය හැමතැනමටම නොසුදුසු බව කරුණාවෙන් සලකන්න (ම)

:       0       0

නිමල් පැරිස් Monday, 06 June 2016 12:39 PM

පැරිස් වල ජාතිවාදී පිරිස් සැරිසරයි කල්පනාවෙන් ඉන්න... (ර)

:       0       0

අල්විස් පැරිස් Tuesday, 07 June 2016 08:30 AM

ඒ අයට වෙන මොනවා කරන්නද ජාතිවාදය අවුස්සනවා ඇරෙන්න (බ)

:       0       0

බණ්ඩාර පැරිස් Tuesday, 07 June 2016 08:32 AM

ජාතිවාදය අවුස්සන එක හරිම නරකයි ..අපි ඔක්කොම මිනිස්සු ..(බ)

:       0       0

නිමල් පැරිස් Tuesday, 07 June 2016 01:49 PM

අපි ඔක්කෝගෙම ලේ කොලපාටයි ඉතින් මොකටද ඕවා (බ)...

:       0       0

අපොන්සු Tuesday, 07 June 2016 01:55 PM

බුද්ධ දර්ශනය තුල ජාතිවාදයට ඉඩක් නැත ...(බ)

:       0       0

සිසිර Sunday, 05 June 2016 07:09 AM

පැරිස් එකමුතුවට ජයවේවා! (නි)

:       0       0

ඔසී පැරිස් Tuesday, 07 June 2016 05:36 PM

නිමල්, අපේ පාට කොළ... අපි නැහැ කලබල... (නි)

:       0       0

මදුර පැරිස් Wednesday, 08 June 2016 07:49 PM

නිමල්, අපිත් ඉන්නේ පැරිස් වල තමයි. කතාව දෝලාවෙන් ගමන පයින් (නි)

:       0       0

අනුර පැරිස් Wednesday, 08 June 2016 07:54 PM

නිමල් පැරිස්, ඉදිරියේදී කොළපාට එකතුකරන්න වෙන්නේ කුල්ලෙන් තමයි, පොළලා (නි)

:       0       0

සෝමේ පැරිස් Wednesday, 08 June 2016 07:57 PM

නිමල්, ඔයාලගේ පාටද කොළ? (නි)

:       0       0

බණ්ඩාර පැරිස් Thursday, 09 June 2016 07:00 AM

මදුර, ඔයාගේ කතාව හරි. ඌරාගේ මාළු ඌරාගේ ඇඟේ තියලා කැපුවා නේද.? (නි)

:       0       0

ඔස්ටින් Thursday, 09 June 2016 07:07 AM

අනුර පැරිස්, මිනිසුන්ට කියලා දෙන්න පුළුවන්. නමුත් මොළේ දෙන්න බැහැ (නි)

:       0       0

ජානක පැරිස් Friday, 10 June 2016 08:11 AM

බණ්ඩාර පැරිස් ...ඔබ හරියටම හරි ...මදුර පැරිස් ලා එයාලා ගේ වැඩේ අති සාර්ථකයි ජයවේවා ...(බ)

:       0       0

සනත් පැරිස් Friday, 10 June 2016 09:46 AM

ඔගස්ටින් ඔබහරි ..ඇග තිබුණාට ,කට තිබුණාට ,ලොකු ඔලුවක් තිබුණාට ඇතුල හිස් ..(ම)

:       0       0

චමින්ද Sunday, 12 June 2016 09:07 AM

ඇත්තටම මේ දේ කරපු එක ලොකු දෙයක්.(හේ)

:       0       0

රන්ජිත් පැරිස් Sunday, 12 June 2016 09:10 AM

සනත්, මෝඩ කතා කියන්න එපා. ඔයාගේ ඇත්ත එළිවෙයි (නි)

:       0       0

අයිවන් Sunday, 12 June 2016 05:50 PM

සනත් පැරිස්, ඔයා ළඟ තිබෙන කතා ටික කිවුවා නම් ඉවරනේ (නි)

:       0       0

චමින්ද Sunday, 12 June 2016 05:53 PM

රන්ජිත් පැරිස්, මොකද්ද අර ලක්ෂ පහේ කතාව? (නි)

:       0       0

කිර්ති Friday, 03 June 2016 09:08 AM

අද පැරීසියේ නැති වුණත් හොද වැඩක්. ජයවේවා (ම)

:       0       0

උපුල් Thursday, 02 June 2016 02:03 PM

කුමන හෝ පුද්ගලයෙක් සරණාගත විදියට විදේශ රටක රැකවරණ ගතහොත් ඔහුට හෝ ඇයට අවුරුදු පහක් යන තුරු තම මවු රටට යා නොහැක . ඔවුන්ගේ සරණාගත බව පිළිගන්න ඕනෑම රටක් ඔවුන් එම රටේ පුරවැසියන් ලෙසට පිළිගන්නවා . මේ රටවලට හොරෙන් ලංකාවේ පස්ස්පෝර්ට් එක තියාගන මොවුන් කරන්නේ ට්‍රාන්සිට් වෙන රටේ ඉදල ලංකාවට ලංකාවේ පාස්පෝර්ට් එකෙන් එනවා (බ)

:       0       0

දිලංග පැරිස් Thursday, 02 June 2016 02:08 PM

පැරිස් එකමුතුවට ජයවේවා....(බ)

:       0       0

අල්විස් Thursday, 02 June 2016 02:15 PM

එදා ( පැරිස් එකමුතුව ) අද ( ප්‍රාන්ස් ලංකා සන්දානය ) ලෙස කටයුතු කරනබව පැරිස් ශ්‍රී ලාංකිකයෝ දනිති ...(බ)

:       0       0

ඔසී පැරිස් Thursday, 02 June 2016 02:19 PM

සන්ධානයට ..ජයවේවා .ජයවේවා ..ජයවේවා. (බ)

:       0       0

අමල් Thursday, 02 June 2016 02:48 PM

පැරිසියේ සටනින් සියලුම විදේශ ශ්‍රී ලාංකිකයන්ට සහනයක් ලැබුණා . පැරිසියේ එකමුතුවට පින් දෙන්න (බ)

:       0       0

දීපාල් ජයකොඩි පැරිස් Thursday, 02 June 2016 02:48 PM

මෙම අයිතිවාසිකම් ලබා දෙන්න තානාපති තිලක් රණවිරාජා මහතා ගොඩක් වෙහෙසුණා (බ)

:       0       0

ඉසුරි Thursday, 02 June 2016 04:06 PM

මේවා දිනාගන්න පැරිස් එකමුතුවේ කැඳවුම්කරු පුෂ්පසිරි අල්විස් මහතා සහ එකමුතුවේ පිරිස් හා එකතුව තානාපති තිලක් රණවිරාජා කළ සේවය අපි ඉතා ඉහළින් අගයකරමු (නි)

:       0       0

පෙරේරා පැරිස් Thursday, 02 June 2016 05:00 PM

පැරිස් එකමුතුව මේ කටයුත්තේදී විශාල මෙහෙවරක් කළ බව පැරිස් වල ඉන්න ලාංකිකයෝ හොඳින් දන්නවා (නි)

:       0       0

නිශාන්ත පැරිස් Thursday, 02 June 2016 05:27 PM

නියමයි. ජයවේවා! (නි)

:       0       0

සමන්ත පැරිස් Thursday, 02 June 2016 05:28 PM

පින්තූරයේ ඉන්න පිරිස අපි හොඳට හඳුනනවා. මෙයාලා අවංක පිරිසක් (නි)

:       0       0

ගුණේ Thursday, 02 June 2016 07:22 PM

අඬන්න ඕනෑලු කිරි එරෙන්න. යහපාලනය යහපත් වේවා! (නි)

:       0       0

ධම්ම Friday, 03 June 2016 06:52 AM

පෙරටුගාමීන් ඔවුන්ගේ නායකයා වෙනුවෙන් ඉල්ලා සිටියේත් මෙවැන්නක් නේද? (ම)

:       0       0

දොඩන්ගොඩ Thursday, 02 June 2016 12:35 PM

ඒක ඇත්ත .පැරිස් එකමුතුව තමයි පලමු ගඩොල තිබ්බේ .ඊට පස්සේ වෙන වෙන අයත් පස් ,සිමෙන්ති ,ලී දඩු ,උළු කැට තිබ්බා .කොහොම හරි වැඩේ කෙරුනනේ .දැන්වත් සමගියෙන් සිටපල්ලා (බ)

:       0       0

ඇල්බට් පැරිස් Friday, 03 June 2016 09:49 AM

මේ කරපු සේවයට පැරිස් සන්දානයට ස්තුතියි ..(ම)

:       0       0

පිටිගල Friday, 03 June 2016 03:51 PM

ඒ්ක හොඳයි.(හේ)

:       0       0

විමල් Friday, 03 June 2016 05:19 PM

පැරිස් සන්ධානයේ කට්ටිය ඉදිරියටත් අපි හැමෝටම හොඳ දේවල් කරයි කියලා අපි හිතනවා (නි)

:       0       0

පෙරේරා පැරිස් Friday, 03 June 2016 05:21 PM

පැරිස් සන්ධානයට ජයෙන් ජයම වේවා! ජයවේවා! (නි)

:       0       0

සඳරුවන් ලන්ඩන් Saturday, 04 June 2016 09:41 AM

"දේශපාලන හේතු මත හෝ වෙනත් රාජ්‍ය තර්ජන හේතුවෙන් ජීවිතය බේරාගැනීම සඳහා තම මව්බිම හැර ගොස් විදේශ රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට" මොකටද ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්? ඒ අය සරණාගතයෝ බැවින් ලංකාවට නීත්‍යානුකුලව යා නොහැකියි. මෙවැනි සරණාගතයින් ලෙස පෙනීසිටින 95% වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට එරෙහිව බොරු දෝෂාරෝපණ එල්ල කර යුරෝපීය රටවල රැඳෙන්නයි සෑම උත්සාහයක්ම ගන්නේ. (නි)

:       0       0

දිනේස් Saturday, 04 June 2016 12:15 PM

පැරිස්... සන්ධානයේ... පිරිස මේ කළ සේවය මුළු ලෝකයේම විසිරි සිටින ශ්‍රී ලාංකිකයනට කළ මහගු සේවයක් ..(හේ)

:       0       0

ඔගස්ටින් Saturday, 04 June 2016 12:20 PM

අවුරුදු ගණනක් නොලැබුණු දෙයක් ලබාගන්න ලබාදෙන්න පැරිස් තානාපති තිලක් රණවිරාජා මහතා සමග පැරිස් සන්ධානය මේ කල සමාජ සත්කාරයට පිං..(හේ).

:       0       0

බණ්ඩාර පැරිස් Saturday, 04 June 2016 05:37 PM

පැරිස් විතරක් නොව මුළු මහත් ලෝකයේම ජීවත්වෙන ශ්‍රී ලාංකිකයනට මේ කළ සේවයට පැරිස් තානාපති තිලක් රණවිරාජා මහතා සමඟ උරෙන් උර ගැටී වෙහෙසවී මේ මහා සේවාව සිදුකිරීමට මැදිහත්වූ පැරිස් එකමුතුව, දැන් පැරිස් සන්ධානය විධායක කමිටුව සිංහල ඉතිහාස පොතේ රන් අකුරෙන් ලියවෙනු ඇත (නි)

:       0       0

ලාල් පැරිස් Saturday, 04 June 2016 05:40 PM

මෙය පැරිස් එකමුතුවේ පළමු ජයයි. ඉතිරි සියල්ල නුදුරේදී පැරිස් එකමුතුව කැපවී ඉටුකරනු ඇත (නි)

:       0       0

නිහාල් පැරිස් Saturday, 04 June 2016 05:45 PM

පැරිස් එකමුතුව, පැරිස් සන්ධානයට ජයවේවා! (නි)

:       0       0

නිශ්ශංක Saturday, 04 June 2016 07:41 PM

මේ මුවාවෙන් අනවශ්‍ය පුද්ගලයින්ටත් වාසි ලබාගන්න හැකිවේවි නේද?

:       0       0

විජේ Saturday, 04 June 2016 07:49 PM

කල්ගියත් කමක් නැහැ, ප්‍රශ්න විසඳෙනවා නම් ලොකු දෙයක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site