X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


කළ හොඳ ඔබාමාටම කැරැකෙයි

වසර පහක්  තලේබාන් අත්අඩංගුවේ සිටි ඇමරිකා ජාතික සොල්දාදුවෙකු නිදහස් කරගැනීම ඇමරිකා ජනපති බරක් ඔබාමාට පාරා වළල්ලක් වී තිබේ.

බෝවේ බර්ග්ඩාල් නම් වන මෙම හමුදා භටයා ඇෆ්ගනිස්ථානයේ ස්ථාන ගත කර සිටි සැරයන්වරයෙකි.

ඔහුගේ සගයින් පවසන ආකාරයට කම්මැලියැයි පවසා දිනක් කඳවුරෙන් පිටව ගොස් ඇති හෙතෙම තලේබාන් අන්තවාදීන්ගේ අතට පත් විය.

එදා සිට වසර පහක් තිස්සේ තලේබාන් ග‍්‍රහණයේ සිටි ඔහු ඔබාමා පාලනය මැදිහත්වී නිදහස් කර ගත්තේ පසුගියදාය.ඔහු නිදහස් කර ගැනීමට ගුවන්ටානාමෝ බේ සිර කදවුරේ සිටි තලේබාන් සංවිධානයේ ප‍්‍රධාන පෙලේ සටන්කාමින් පස් දෙනෙකු තලේබාන් සංවිධානය වෙත භාරදීමටද සිදුවිය.

බොවේ ඇමරිකා හමුදා භටයින් අතට භාරදෙනු දැක්වෙන් වීඩියෝ පටයක්ද අන්තර්ජාලය වෙත එක්කිරීමට තලේබාන් සංවිධානය කටයුතු කර ඇති අතර බියපත් මුහුණුවරකින් යුතු සැරයන් බෝවේ තමන්ගේම සගයින් වෙත යළි පැමිණෙනු එහි දැක්වේ.තලේබාන් සංවිධානයේ සාමාජිකයින් දුසිමක් පමණ ඔහු වටා අවි ගෙන රැකවල්ලාගෙන සිටින අතර ඇමරිකා හමුදා හෙලිකොප්ටරයට නැගී ඔහු පිටව යාමට ප‍්‍රථමයෙන් තලේබාන් සාමාජිකයින්ගෙන් අයෙක් ‘‘නැවත ඇෆ්ගනිස්ථානයට නොපැමිණෙන්න.ආපසු ආවොත් ඔබට අත්වන්නේ මරණයයි‘‘ යැයි පවසනුද ඇසේ.

කෙසේවුවත් නොසිතූ පරිදි ඔබාමා පාලනයට කරුණු කිහිපයක් මුල් කරගෙන නැගෙන විවේචනයන් වලට මුහුණ දීමට සිදුව ඇත.මුල්ම කරුණ වන්නේ තමන් තලේබාන් අත්අඩංගුවේ පසුවන ඇමරිකා හමුදා භටයකු නිදහස් කරගැනීමට යන්නේ යැයි ඇමරිකා කොංග‍්‍රස් මණ්ඩලය දැනුම්වත් කිරීමට ජනපති ඔබාමා අතපසු කර තිබීමයි.

නීතියට අනුව එවැනි තිරණයක් ගැනීමට ප‍්‍රථමයෙන් කොංග‍්‍රස් මණ්ඩලය දැනුම්වත් කළ යුතු වන අතර මෙනිසා කොංග‍්‍රස් මණ්ඩලයේ සාමාජිකයින් දැන් ජනපතිට චෝදනා නගමින් සිටින්නේ මේ සියල්ල පසුපස සැගවුණු යමක් ඇතැයි කියමිනි.අනෙක් කරුණ වන්නේ බොහෝ දෙනා සිතා සිටි පරිදි සාජන්ට් බෝවේ අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් හෝ,බියපත්වී හෝ නොසිටීමයි.ඔහු වසර 5 ම තලේබාන් සංවිධානයේ සාමාජිකයෙකු ලෙස ගතකර ඇති බවක් පෙනෙන්නේ යැයි ඇමරිකා හමුදා භටයින්ම චෝදනා කරන වාතාවරණයක් උද්ගතව තිබේ.

මෙනිසා ඔහු වෙනුවෙන් ප‍්‍රධාන පෙලේ තලේබාන් සංවිධාන සාමාජිකයින් පස් දෙනෙකු නිදහස් කර හැරීම නිරර්ථක කි‍්‍රයාවක් ලෙස ඔවුන් දකී.

චෝදනා වලට පිළිතුරු දෙමින් ජනපති බරක් ඔබාමා තමන්ගේ තීරණය සාධාරණීකරනය කරමින් පෝලන්තයේ පැවැත්වුණු මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූයේය.

ඔහු පැවසුවේ බෝවේගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් මතුවන්නට ගත් සැක සංකා නිසාවෙන් ඉක්මනින් කි‍්‍රයාත්මක වන්නට සිදුවූ බවයි.

තලේබාන් සංවිධානයේ සාමාජිකයින් පස් දෙනෙකු නිදහස් කිරීම අවදානම් සහගත කි‍්‍රයාවක්යැයි තමන් දන්නා බවත් මෙනිසාවෙන්ම ඔවුන් නිදහස් කර හැරුණද ඇමරිකාව ඔවුන් ගැන නිරතුරුව විමසිල්ලෙන් සිටිනු ඇති බවත් ඔහු අවධාරණය කළේය.

 

 

 

 



අදහස් (0)

කළ හොඳ ඔබාමාටම කැරැකෙයි

ශාන් සෞදි Saturday, 07 June 2014 03:01 PM

අප සියලු දෙන සිත සිත හදා ගනිමු මොනම බලවතකුටවත් හැමදාම රජවිය නොහැක දිට්‍ඨ දම්ම වේදනීය කර්ම ඔහු සොයා එනු ඇත‍ අප බෞද්ධයන් ලෙස මෙය පිළිගත යුතුය (ස)

:       0       0

විදානපතිරණ Friday, 13 June 2014 07:11 AM

ඔබාමා කියන්නේ හොඳ නායකයෙක් (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 13 June 2014 07:01 AM

අපේ රටේ නියම තත්ත්වය දකින්න තමිල්නාඩු දෙමළ චිත්‍රපටියක් බැලුවා නම් හරි (නි)

:       0       0

සේරම් Tuesday, 10 June 2014 08:21 AM

ඇමරිකාවේ වෙනස තමයි ඇමරිකාවට කඩේයන අයට එයාල ගෙවන්නේ නෑ. (දී)

:       0       0

පිටිගල Monday, 09 June 2014 09:59 PM

ඇමෙරිකාවට පෙන්නේ තමන්ට මොකක් හරි වාසියක් ගන්න පුළුවන් රටවල් වල ප්‍රසන විතරයි. ඔය කවුරු ආවත් විදේස ප්‍රතිපත්තිය එකමයි. (දී)

:       0       0

සංජීව Monday, 09 June 2014 05:20 PM

ඇමරිකාව සැමවිටම වෙනත් රටවල කුණු සොයන්නම හදන්නේ ඇයි? (නි)

:       0       0

අසේල Monday, 09 June 2014 03:19 PM

හීනෙකින්වත් හිතෙන්නේ නැතුව ඇති (දී)

:       0       0

පුෂ්පා Monday, 09 June 2014 04:26 AM

විද්‍යා, ඔබේ දැනුමේ ඇති අවිද්‍යාව ලෝකෙට පෙන්නන්න එපා. (දී)

:       0       0

සිරා Sunday, 08 June 2014 11:53 AM

ශාන් සෞදි, දිට්‍ඨ දම්ම වේදනීය කර්ම එන බවත් මතක්කරන්න. (දී)

:       0       0

ෂෙරිෆ් Friday, 06 June 2014 03:24 PM

ත්‍රස්තවාදීන් හා අන්තවාදීන් මෙලොවින් තුරන් කල යුතුයි, (ස)

:       0       0

සමන්ත Saturday, 07 June 2014 02:42 PM

ඕවා පරිස්සමෙන් කරන්න ඕන වැඩ මහත්තයෝ (දී)

:       0       0

ඉන්දික Saturday, 07 June 2014 09:33 AM

විද්‍යා, ඒ උතුමාට වාසනාවත් තියෙනවා. නැතිනම් ඇෆ්ඝනිස්ථානෙයි ඉරකෙයි ලක්ෂ ගණනක් මරලත් නොබෙල් සාම පදක්කම හම්බවෙයිද !! (ස)

:       0       0

කාන්ති Saturday, 07 June 2014 07:51 AM

කළ හොඳ පස්සෙන් එළවනවා කියලා කියනවනේ (නි)

:       0       0

ෂෙරිෆ් Friday, 06 June 2014 09:19 PM

අපේ රට හොඳටනේ තියෙන්නේ ත්‍රස්තවාදී ප්‍රශ්න නැහැ, මිනිස්සු ටෙලි නාට්ටි බලනවා, ක්‍රිකට් මැච් බලනවා, චාරිකා යනවා, කනවා වගේම හොඳට බොනවා, දන්සැල් දෙනවා, බහුතර ජනයා ඉංගිරිසි, හින්දි කතාකරනවා, මීට වැඩිය මොනවද? (දී)

:       0       0

විද්‍යා Friday, 06 June 2014 08:21 PM

දරුවනේ, ඔබාමා වැනි උතුමෙක් ලෝකයේ පහළ වන්නේ කලාතුරකින්. මම මෙය කියන්නේ වගකීමක් ඇතුව. රෝයිගේ අදහස ඉතාම වැදගත් (නි)

:       0       0

රෝයි Friday, 06 June 2014 05:48 PM

ඔබාමා ගැන අදහස් පළකරන්න පෙර අපි අපේ රට ගැන කතා කරමුද? (නි)

:       0       0

සුනිල් Friday, 06 June 2014 04:35 PM

ඔබාමා කවුරුත් හිතන තරමට අවංක නායකයෙක් කියල කියන්න බැහැ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site