X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


කාබුල් නුවර ගුවන් තොටුපොළට තලේබාන් සටන්කාමීහු පහර දෙති

තලේබාන් සටන්කාමීහු ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ඊයේ (10) අලූයම ප‍්‍රහාරයක් එල්ල කළහ.
අත්බෝම්බ සහ රොකට් ප‍්‍රහාර එල්ල කරමින් තලේබාන් සටන්කාමීන් එම ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ ඉතා සැලැසුම්සහගතවය.
ඔවුන් ප‍්‍රහාරය එල්ල කළේ ගුවන්තොටුපොළ අසල පිහිටි ඉදිකරමින් පවතින මහල් ගොඩනැගිලි දෙකකට කඩා වැදී ඒවායේ ඉහළ මහලවල සිටය.
සටන්කාමීන් එල්ල කළ එම ප‍්‍රහාරයෙන් ගුවන් යානාවලට හානියක් සිදු නොවුව ද ගුවන් තොටුපොළ අසල නවතා තිබූ මෝටර් රථ රැසක් විනාශ විය. සටන්කාමීන් ප‍්‍රහාරය එල්ල කිරීම ආරම්භ කළ අවස්ථාවේදී වහාම කි‍්‍රයාත්මක වූ ඇෆ්ගන් සහ විදෙස් හමුදා සෙබළු එම ගොඩනැගිලි වට කරමින්, සටන්කාමීන් වෙත ප‍්‍රතිප‍්‍රහාර එල්ල කර ඇත.
දෙපිරිස අතර වෙඩි හුවමාරු පැය 3 ක් තිස්සේ පැවැති අතර, අවසානයේ දී සටන්කාමීන් සියල්ලන්ම මරා දැමීමට ආරක්ෂක අංශ නිලධාරීහු සමත් වූහ.
ඇෆ්ගන් අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශයේ ප‍්‍රකාශක සෙදික් සෙදීකී කියා සිටියේ අලූයම 4.30 ට පමණ සටන්කාමීන් ප‍්‍රහාරය එල්ල කළ බවත්, ආරක්ෂක අංශ නිලධාරීන්ට ඔවුන් සියල්ලන්ම මරා දැමීමට හැකිවුණු බවත්ය.
ප‍්‍රහාරය සඳහා සටන්කාමීන් හත් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ ඇති බව ආරක්ෂක අංශ කියා සිටී.
එම හත් දෙනාගෙන් දෙදෙනකු මරාගෙන මැරෙන බෝම්බ කබා පැළඳ සිටි බව පැවසේ. පුපුරන ද්‍රව්‍ය ඇටවූ මෝටර් රථයක් ද එක් ගොඩනැගිල්ලක් ඉදිරිපිට තිබී සොයා ගැනීමට ද ආරක්ෂක අංශවලට හැකියාව ලැබුණි.
බෝම්බ කබා පැළඳ සිටි සටන්කාමීන් දෙදෙනා ඒවා පුපුරුවා ගත් බවද වාර්තා විය. ප‍්‍රහාරය එල්ල වෙද්දී, කාබුල් නුවර ඇමෙරිකන් තානාපති කාර්යාලය සිය කාර්ය මණ්ඩල නිලධාරින්ට දැනුම් දුන්නේ වහා ආරක්ෂක ස්ථාන වෙත යන ලෙසටය.
2001 වසරේදී, තලේබාන් සටන්කාමීන්ට එරෙහිව ආරම්භ කළ සංග‍්‍රාමය ලබන වසරේ දී එනම් 2014 දී නිමා කිරීමට ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝව සූදානම් වෙයි.

ප‍්‍රහාරයෙන් විනාශ වූ මෝටර් රථ

 



අදහස් (0)

කාබුල් නුවර ගුවන් තොටුපොළට තලේබාන් සටන්කාමීහු පහර දෙති

ලාල් Tuesday, 11 June 2013 06:25 PM

හොඳ පුවතක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site