X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 16 වන බදාදා


කාරයට යටවූ පුංචි බබා බේරෙයි

බටහිර මහා රාෂ්ට්‍රයේ නෂික් හිදී (මුම්බායි සිට කිලෝමීටර් 171 ක් දුරින් පිහිටියේය) ඇස් අදහාගත නොහැකි සිද්ධියක් සීසීටීවී ආරක්ෂක කැමරාවක සටහන් විය. 

තුන් හැවිරිදි දැරියක කාරයකට යටවිය. ලොකුම පුදුමය නම් දැරියගේ ජීවිතය බේරීමයි. පසුගිය ජූනි 18 වැනිදා මේ පුදුම සහගත සිද්ධිය වීඩියෝ ගත කෙරිණි. 

ජොයා නම් දැරිය ඇගේ මවට පියවර පිටුපසින් ගමන් කරන්නීය. සුදු කාරයකට ඇය යටවන්නීය. ඉදිරිපස ටයර් දෙකකට දැරිය යටවූ පසු කාරය නවත්වයි. බියටත් පුදුමයටත් පත් මිනිස්සු ජොයා රෝහලට රැගෙන යති. මව යම් ගොඩනැගිල්ලකින් එළියට පැමිණ තම තුන් හැවිරිදි දියණිය ගැන කිසිදු සෙවිල්ලක් නැතිව ගමන් කරයි. දියණිය අම්මා පසුපස දිව යන්නීය. මාර්ගයේ නවතා තිබූ රථය පනගන්වන එහි රියදුරා රථය ඉදිරියට ගනිද්දී මව පසුපස දිවයන දැරිය රථයට යටවෙයි. දැරියගේ කෑ ගැසීමත් සමග තම දියණිය මතක්වන අම්මා දිව එනවිට දැරිය රථයට යටවී සිටින්නීය.වෛද්‍යවරුන් පැවසූයේ කාරයේ බර කුමක් වුවත් දැරිය පුදුම සහගත ලෙස බේරී ඇති බවයි. ඇයගේ අක්මාව හා වකුගඩුවලට තුවාල සිදුවී ඇත. ඇය වහා සැත්කමකට භාජනය කෙරිණි. දැරියගේ මවගේ නොසැලකිල්ල මේ අනතුරට හේතුව බව බොහෝ දෙනෙක් කියති.

(එන්.ඩී.ටී.වී අනුග්‍රහයෙනි)



අදහස් (0)

කාරයට යටවූ පුංචි බබා බේරෙයි

එස්.එස්.එස්. Thursday, 16 July 2015 01:43 PM

මේ කිලි පැටික්කි අම්ම පසු පස්සේ දුවනවා. අම්මගේ නොසැලකිල්ලෙන් සහ වාහනයේ රියදුරාගේ නොසැලකිල්ල නිසා අනතුරට භාජනය වෙන්නේ. වීඩියෝ එක බලන්න . (ස)

:       0       0

කමල් පානදුර Thursday, 16 July 2015 03:41 PM

අම්මා ගැනයි ,රියැදුරු ගැනයි හිතෙන ඒවා මේකේ ලියන්න බැහැ.බුදුසරණයි කෙලි පැටියාට! (නි)

:       0       0

චතුරි Thursday, 16 July 2015 05:16 PM

දරුවා අතින් අල්ලන්නේ නැත්නම් දරුවා තමන්ගේ ඉදිරියෙන් ගමන් කරවන්න ඕනෑ, තමන්ට අල්ලගන්න පුළුවන් තරම් ළඟින්. (නි)

:       0       0

ආරියසේන Friday, 17 July 2015 02:27 AM

දරුවට බුදු සරණයි. ඇත්තටම වැඩිහිටියෝ කරණ වැරදි නිසා අපේ දරුවෝ කොච්චර අපට අහිමි වනවාද. බලන්න ඒ ළමයාගේ මව දරුවාගේ ආරක්ෂාව ගැන සිතුවද. අද කොච්චර මේ වගේ අය සමාජයේ ඉන්නවද. මම දවසක් වීල් එකක් ලග සිටින විට කුඩා දරුවකු ඒ වීල් එකේ නිදාගෙන ඉදල එක පාරටම නැගිටල දිව්වා. මම පැනල ඒ ළමයා අල්ලගත්තෙ නැත්නම් ළමයා ඉවරයි. නූලෙන් වාහනයකින් බේරුනේ. පස්සේ බලන විට තාත්තා ළමයා නිදි නිසා වාහනේ තියල කඩේ ගිහින්. ඒ වගේම සිදුවීමක් පසුගිය 15 වන දින නගරයේ සිදුවුනා. එදා බලන කොට අවුරුදු තුනක පමන ළමයකු වීල් එකක හොදටම නිදි මම දන්න නිසා පොඩ්ඩක් එතන ඉදල වැඩිහිටියෝ ගැන හොයල බලන කොට අඩි සිියයක් පමන දුරින් කඩේක ඉන්නවා එයාලට හොදටම මම දොස් කියලයි ආවේ. මේ වගේ දෙමව්පියන්ගේ නොසැලකිල්ල නිසා තමයි අපේ අහිංසකයො අකාලයේ දුක් විදලා මැරෙන්නේ. ඒක නිසා ගෙදරදීත් මහ මග යනකොටත් අදුරන හෝ අදුරන් නැති අය සමග ළමයි යවන කොටත් වාහන වල ළමයි තියල යන කොටත් කල්පනාවෙන් කටයුතු කරන්න. (නදී)

:       0       0

ජයසිරි විජේරත්න Friday, 17 July 2015 02:33 AM

රිය අනතුරු වලින් වැඩිහරියක් සිදුවන්න්‍ෙ පදිකයන්ගේ නොසැලකිල්ලෙන්. මම දින කීපයක්ම පොඩි සමීක්ෂණයක් කළා. කිලෝමීටර පහක් පමණ දුරක් පයින් යන ගමන් පාරෙ දකුණු පැත්තෙන් යන ගණනයි වම් පැත්තෙන් යන ගණනයි ගණන් කළා. ඒ හැම දිනකම වාගේ වම් පැත්තේන් ගිය ගණන දකුණු පැත්තෙන් ගිය ගණනට වඩා වැඩියි. (නදී)

:       0       0

රූපවතී Friday, 17 July 2015 05:27 AM

මෙය දුටු දවසේ මට දවසම සිත එකලස් කරගන්න බැරි මහා පුදුම අපහසුවක් දැනුනා. මොකද මගෙත් වසර දෙකක දියණියක් ඉන්නවා.මම මගේ ඇස් දෙකටත් වඩා මගේ දියණියව බලාගන්නේ. දෙවි රැකවරණයි ඒ දරුවා නිරෝගී වේවා! (නි)

:       0       0

සෙනෙවි Friday, 17 July 2015 10:02 AM

මේ දරුවා මවගෙන් නීතියෙන් වෙන්කර දරුකමට හදා ගැනීමට දරුවන් නැති කරුණාවත්ත පවුලකට ලබාදිය යුතුයි කියා මට සිතෙනවා (නි)

:       0       0

ධම්මික Saturday, 18 July 2015 07:28 AM

පින් කරපු රත්තරන් පැටියෙක් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site