X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


කාසි ළඟ සතුට නෑ

රැකියාව හා මුදල්,දරුවන් හා ගෘහ ජීවිතය සමග පටලවා ගන්නන් ජීවිතයේ සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට අසමත් වන බව කැනඩාවේ බි‍්‍රටිෂ් කොලොම්බියා සරසවියේ මනෝ විද්‍යාඥයෝ පිරිසක් කියති.

මේ තත්ත්වය වැඩි වශයෙන්ම දැකගත හැක්කේ ධනවත් යැයි සමාජයේ සම්මත පවුල් වල යැයි ඔවුන්ගේ අධ්‍යනයන් කියයි.

දරුවන් සිටීම යනු බොහෝ දෙමව්පියන්ට සතුටක් ගෙන දෙන්නක් වන මුත් දෙමව්පියන් දෙදෙනාම මුදල් පසුපසම හඹා යන්නේ නම් ඔවුන් දරුවන් සළකන්නේ කරදරයක් ලෙසින් යැයිද මේ අධ්‍යයනයෙන් සොයාගැනීමට හැකිවී යැයි මනෝ විද්‍යාඥයෝ කියති.

‘‘සල්ලි පසුපස දුවන දෙමව්පියන්ට මේ ඉලක්කය කරා මේ වන විට යා යුතුයියැයි අදහසක් තිබෙන බව අපට පෙනුනා.ඔවුන්ට දරුවන් සිටියත් එම ඉලක්කයන්ට බාධාවක් ලෙස ඔවුන් තම දරුවන්ව සළකන ලෙසක් අප දුටුවා මේ තත්ත්වය වැඩි වශයෙන්ම තිබුණේ මව්වරුන්ගේ.

පෙර අධ්‍යනයන් වලින් හෙළිවී තිබුණු කරුණක් තමයි කාන්තාවන් තමන්ගේ තත්ත්වය අන් අයට වඩා ඉහළින් තබා ගැනීමට වැඩ කටයුතු කරන්නන් කියලා.මේ සදහා ඔවුන් පොළඹවන ප‍්‍රධාන සාධකයක් වන්නේ මුදල්.මෙනිසා රැුකියාවටම කැප වෙලා ඉන්න මවක් ස්වභාවයෙන්ම තමන්ගේ දරුවන්ට නිසි පරිදි සළකන්නේ නැති බව අප දුටුවා‘‘ යැයි කණ්ඩායමේ ප‍්‍රධානී මනෝ විද්‍යාඥ කොස්ටාඩියන් කුෂ්ලෙව් පවසයි.

මෙනිසා මුදල් තිබුණද තෘප්තියක් අත්කර ගැනීමට බොහෝ දෙනාට නොහැකි වී ඇතැයි මනෝ විද්‍යාඥ පිරිස කියති.

අවුල ලිහා ගැනීමට ඔවුන් උපදේශයක් ද දේ.

‘‘රැකියාවයි ගෙදර වැඩකටුයතුයි පටල ගන්න එපා.දරුවන් එක්ක ගත කරද්දී රැකියාවේ කටයුතු ගැන සිතන්න එපා.ඒකට වෙනම කාලයක් දෙන්න.දරුවන්ට දරුවන්ගේ කාලය දෙන්න.අප සියලූ දෙනාට ඉලක්ක තිබෙනවා තමයි.නමුත් ඒවා දිනා ගන්න  ඕනේ තමන් සතුව තිබෙන දේවලූත් ආරක්ෂා කරගෙන.සාර්ථක ජීවිතයක් ගත කිරීමට කෙනෙකුට හැකි වන්නේ එතකොට‘‘ මනෝ විද්‍යාඥ කොස්ටාඩියන් කුෂ්ලෙව් කියයි.



අදහස් (0)

කාසි ළඟ සතුට නෑ

චනා Wednesday, 19 February 2014 06:35 PM

මේවාට කවුරුත් ප්‍රතිචාර නැහැ. (අ)

:       0       0

රජින්ද Wednesday, 19 February 2014 06:57 PM

මෙය බොහෝදුරට බටහිර රටවලට අදාල කාරණාවකි. එම කලාපයේ දෙමාපියන් ඔවුනොවුන්ගේ සැදෑ සමය බොහෝදුරට දරුවන්ගෙන් හුදෙකලාව ගතකරයි. (අ)

:       0       0

සංජීව Thursday, 20 February 2014 05:41 AM

මේක කැනඩාවේ වේ සාමාන්‍ය දෙයක්. මොකද රස්සාවට යන්න බැහැ ළමයි තනියම දාලා අවු 13 ට අඩුනම්. එතකොට එකෙනයි වැඩ කරන්නේ. (අ)

:       0       0

සත්‍යයා Thursday, 20 February 2014 06:19 AM

අනාගත ලෝකයේ මෙවැනි ප්‍රශ්න ඇතිවෙන බව වසර 2500 කටත් කලින් බුදුන් වහන්සේ දුටුවා පමණක් නොව ඊට පිළියම් ද කියා දුන්න. තන්හා, ලෝබ, මෝහ වලින් දුරුවී මධ්‍යම ප්‍රතිපදාවෙන් කල් ගෙවන්නේ නම් ද්‍රව්‍යමය හේතුන් නිසා පැන නගින ප්‍රශ්න බොහොමයක් නිරාකරණය කරගත හැකිබව පැවසූ බුදුන් වහන්සේගේ දහමට පිටුපාන ඕනේ ම සමාජයකට ඔය ඉරණම අත්වෙනවා. (අ)

:       0       0

මනෝ ධම්ම Thursday, 20 February 2014 06:49 AM

බුදු දහම කියන්නේ බොරු නෙමේ....සිම්පල් නේ..(අ)

:       0       0

මිහිර Thursday, 20 February 2014 07:58 AM

මුදල් විසින් සියලු මානව සම්බන්දතා බිඳ වැටි මුදල පමණක් අති පූජනීය වෙන බව කාල් මාක්ස් නමැති දර්ශනිකයත් කිව්වා. (දී)

:       0       0

ජිලෝ Thursday, 20 February 2014 11:25 AM

බුදු දහම සත්‍යයි .දහම පිලි පදින්නන් කොහෙද.? (අ)

:       0       0

අසෝකා Thursday, 20 February 2014 02:45 PM

පැල්පතේ ඇති සාමේ නැත මහ මන්දිරේ (දිල්)

:       0       0

ඉන්දික Friday, 21 February 2014 11:52 AM

සත්‍යයා කාලෙකට පස්සේ සත්‍යයක් කියල තියෙනවා ! (අ)

:       0       0

ටෝනි නිශාන්ත Saturday, 22 February 2014 07:14 PM

සහතික ඇත්ත (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site