සිරියානු රජයේ හමුදාව කැරැුලිකරුවන්ගේ ප‍්‍රධාන බළකොටුව ලෙස සැලකෙන කුසයාර් නගරය අත්පත් කරගැනීමට ඊයේ (20) දැවැන්ත මෙහෙයුමක් දියත් කළේය.
සිරියානු රජයේ පුවත් සේවා පැවැසුවේ රජයේ හමුදා සෙබළුන් 700 කට වැඩි පිරිසක් එම මෙහෙයුමට එක් ව සිටි බවය. ඔවුහු කැරැලිකරුවන්ට පහර දීමට ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානා සහ කෙටි දුර මිසයිල ද භාවිතා කළහ.
ඊයේ දිනයේ පමණක් කැරැලිකරුවන් 100 කට වැඩි පිරිසක් ප‍්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වූයේ යැයි කැරැලිකරුවන් නියෝජනය කරන ඔවුන්ගේ දේශපාලන හඬ ලෙස සැළකෙන සිරියානු පාලක මණ්ඩලය පැවැසීය.
සිරියානු කැරැලිකරුවන් සහ විපක්ෂ දේශපාලන කණ්ඩායම් එක් වී පිහිටුවාගත් එම පාලක මණ්ඩලයට ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර සහාය හිමිවෙයි. කුසයාර් නගරය අල්ලා ගැනීමට ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ද සිරියානු රජයේ හමුදාව සමඟ එක් වී සිටි බවට කැරැලිකරුවෝ චෝදනා කරති.
හිස්බුල්ලා සංවිධානයට අයත් වන්නෝ ෂියා මුස්ලිම්වරුය. ලෙබනනය කේන්ද්‍රකොට ගත් එම සංවිධානය ඊශ‍්‍රායලයේ පරම සතුරා වන ඉරානයේ සමීප මිතුරෙකි.
හිස්බුල්ලා සංවිධානයට මූල්‍ය ආධාර ලැබෙන්නේ ඉරානයෙන් සහ සිරියාවෙනි. අසාද්ගේ රජය පෙරළීමට බටහිර බලවතුන්ට ඉඩ නොදෙන බව හිස්බුල්ලා සංවිධානය අවධාරණය කර ඇත්තේ ද ඒ නිසාය. හිස්බුල්ලා බටහිර විරෝධී ෂියා මුස්ලිම් සටන්කාමී සංවිධානයක් පමණක් නොව දේශපාලන පක්ෂයක් ද වෙයි. එය පිහිටුවූයේ 1985 දීය. එහි නායක හසන් නසරල්ලාය.
‘හිස්බුල්ලා’ යන්නෙහි අර්ථය ‘දෙවියන්ට පක්ෂපාතී’ එසේත් නැතිනම් ‘දෙවියන්ගේ පක්ෂය’ යන්නය. ඇමෙරිකාව ප‍්‍රමුඛ පටහිර රටවල් හිස්බුල්ලා සංවිධානය ත‍්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර ඇත.
මේ අතර ආජන්ටිනා මාධ්‍යවේදීන් දෙදෙනකු සමඟ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් කියා සිටියේ තමන් බටහිර අනුග‍්‍රහය ලබන කිසිම සාම ගිවිමසුමකට සූදානම් නැති බවත් තමා බලයෙන් ඉවත් නොවන බවත්ය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කැරැලිකරුවන්ගේ බළකොටුවට සිරියා රජයේ හමුදා පහර දෙයි