X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 29 වන ඉරිදා


කැලයක් වවා මිහිකත සනසයි

මිට වසර 30 කට පමණ ඉහතදී වයස අවුරුදු 17 කොලූගැටයෙක් ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගංඉවුරක් අසබඩ පැළ කිහිපයක් සිටැවීය.පෙරදා ගැලු ගංවතුරෙන් ගසාගෙන පැමිණි සතුන් රෑනකගේ මළ සිරුරු ඔහු පසෙකය.උන් මියගොස් තිබෙන්නේ දැඩි හිරු රශ්මිය නිසාය.ගංඉවුරක වුවත් පෙනෙන තෙක් මානයක ගහක් කොළක් නොමැත.කෙසේ හෝ ගස් කිහිපයක් හෝ පැළ කරන්නෙමියි සිතා මේ කොලූ ගැටයා වැඩෙහි යෙදෙනුයේ ඒ අරමුණෙන් මෙහෙයවීය.

කාලය ගෙවී ගොස් දැන් 2013 වසරයි.දැන් මේ කොලූගැටයා මැදිවියේය.එදා ගස් කිහිපයක් සිටුවා ආරම්භ කළ කර්තව්‍යය දැන් අක්කර 1360 පුරා පැතිරුණු මහා ගණ වනාන්තරයක් බවට පත්ව හමාරය.

‍‘‘අවුරුදු 15 යි මට මේ හරියේ වනාන්තරයක් ඇති කරන්න සිතෙනකොට.ඒ දවස් වල ගොඩක් අය මට හිනාවෙන එකමයි කරේ.මට කවුරුත් හිටියේ නැහැ. තනියමයි ජීවත් උනේ.අනික් අයගේ කීම නොඅසා  මම මගේ අරමුණ ජය ගන්න වැඩ කළා.මුලින්ම මම ගියා බළධාරීන් හම්බවෙන්න.ඔවුන් කීවේ මේ වැලි සහිත ප්‍රදේශයක් නිසා උණ ගස් වවන්නය කියලා.හරිම අමාරු වැඩක්.ඒත් කොහොමහරි මම ඒක කළා. පස්සේ ගස් වවන්න ගත්තා‘‘.ඒකත් සාර්ථක වුනා.එතකොටයි අනිත් අයට මගේ වැඩේ අගේ තේරෙන්න ගත්තේ‘ පවසන්නේ දැන් 47 වැනි වියේ පසුවන ජඩව් මෝලායි පයෙන්ග් නම් මේ දිරිය මිනිසාය.

විවාපත්ව ඇති මෝලායි සිය බිරිද සමග ජීවත්වනුයේ ඔහුගේ අතින්ම පැළ කරගත් වනාන්තරයේ සාදාගෙන ඇති කුඩා නිවහනකය.සත්ත්ව පාලනයෙන් දිවි ගැට ගසා ගන්නා හෙතෙම වනාන්තරයේ ගස් කැපීමට පැමිණෙන්නන් පළවා හැරීමද සිදුකරයි.

ජෛව විවිධත්වයෙන් අනූන මේ වනාන්තරය ඇති කිරීමට මුල් වූ දිරිය මිනිසාගේ නාමයෙන්ම වනාන්තරය නම් කිරීමටද බළධාරීන් ක්‍රියාකර ඇත.වනාන්තරය දැන් හැදින්වෙනු ලබන්නේ ‘‘මෝලයි වනය‘‘ ලෙසටය.

‘‘අපටත් පුදුමයි මේ මිනිසාගේ හයිය ගැන.ඇත්තම කියනවනම් අප හිතුවේ නැහැ මේ වගේ ප්‍රදේශයක ගස් වවන්න පුලූවන් වෙයි කියලා.ඒත් මොහු එය කරලා පෙන්නුවා.ඔහු ඇත්තටම අප සියලූ දෙනාගේ ගෞරවය ලබන්න සුදුසු කෙනෙක්‘‘ පවසනුයේ ප්‍රදේශයේ වන සංරක්ෂණ නිළධාරී ගුනින් සයිකියාය.



අදහස් (0)

කැලයක් වවා මිහිකත සනසයි

අමිළ Wednesday, 03 April 2013 05:59 PM

ඒකටත් එක්ක අපේ අය.(නදී)

:       0       0

ගාමිණී Wednesday, 03 April 2013 10:24 PM

වසර ගණනාවක සිට ම පරසරය වෙනුවෙන් ඔහු කල අගනා සේවයට වන සංරක්ෂණ නිලධාරී නෙවේ, වන සංරක්ෂන අමාත්‍ය දූරයක් පිරිනැමීම ඉතාමත් වටින දෙයක්! ඉන්දියානු රජය තව දුරටත් අධීක්ෂණය කිරීම වැදගත්.(නදී)

:       0       0

චන්දන දුනුආරච්චි Wednesday, 03 April 2013 11:08 PM

ඔබ ආදරණීය මිනිසෙකි. කාලය ඔබ සදා අමරණීය කරනු ඇත. මගේ හද ඔබ වෙනුවෙන් උණුසුම් හැගුමින් පිරී ඇත. ඔබට මගේ ආචාරය ආදරණීය මිතුර !!!!!! (ත)

:       0       0

චන්දන දුනුආරච්චි Wednesday, 03 April 2013 11:23 PM

මා ඔබ හදවතින්ම වැළඳ ගැමි මගේ මිතුර (ත)

:       0       0

විමල් Thursday, 04 April 2013 04:29 AM

"ආරාම රෝපා වන රෝපා" දිවා රැ පින් සිදු වන වැඩක් .(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site