X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


කැලැන්ඩරය තවත් අතීතයට යයි

අදින් වසර 10,000 ට පෙර ජීවත් වූ මිනිසා කැලැන්ඩරයක් භාවිතා කළ බවත් වසර 8,000 ට පෙර මානවයන් එය තමන්ගේ අතේ ගෙන යා හැකි කැලැන්ඩරයක් දක්වා වැඩිදියුණු කැර තිබූ බවත් පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් දෙකකින් තහවුරු වී ඇත.

ලොව මෙතෙක් හමුවූ පැරණිත දින දර්ශනය හමුවී ඇත්තේ බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්තයේ ඇබර්ඩීන්ෂයර් නම් ගෙවි බිමකින්. මේ ගොවිබිම ගුවනේ සිට නිරීක්ෂණය කිරීමේදී අසාමාන්‍ය වළලු කිහිපයක් ඇති බව පෙනී යාමෙන් පසු පුරාවිද්‍යාඥයන්ගේ අවධානය ඒ වෙත යොමු වී තිබේ. පුරාවිද්‍යාඥයන්ගේ සොයා ගැනීම වූයේ ගොවිබිමේ අසාමාන්‍ය ආකාරයෙන් හාරන ලද වළවල් 12 ක්. ඒ පිළිබද පර්යේෂණ කළ විද්වතුන්ගේ මතය වන්නේ මේ වළවල් වලින් චන්ද්‍ර කලා දැක්වෙන බවයි. මේවා උපයෝගී කැර ගනිමින් අතීත මිනිසා මාස ක්‍රමයක් ගැන අවබෝධයකින් පසුවූ බව පර්යේෂකයන් පෙන්වාදෙයි.

බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාඥයන් විසින් සිදුකළ මේ පර්යේෂණයේ දී පෙනී ගොස් ඇත්තේ එම වළවල් අදින් වසර 10,000ට පෙර ජීවත් වූ ආහාර රැස්කරන මානවයන් විසින් සිදුකැර ඇති බවයි. එම නිර්මාණ මධ්‍ය ශිලා යුගය හෙවත් මෙසලොතික යුගයට අයත් බව ද පුරාවිද්‍යාඥයෝ කියති.

බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ භූමි දර්ශන පුරාවිද්‍යාව පිළිබද මහාචාර්ය වින්ස් ගැෆිනි මෙසේ පවසයි.

" අපි මේ භූ දර්ශන හදුනාගත්තේ වර්ෂ 2004 දී. 2006 දී අපි ඒ ගැන පර්යේෂණ ආරම්භ කළා. නමුත් විශ්ලේෂණය කැර නිශ්චිතව තීරණය කළ හැකි වූයේ මෑතක දී. මෙයින් පෙනී යන්නේ අදින් වසර 10,000 ට පෙර ස්කොට්ලන්තයේ ජීවත් වූ ආහාර රැස්කරන දඩයක්කාර මානවයන්ට කාලය ගෙවී යන ආකාරය ගැන යම් අවබෝධයක් තිබූ බවයි. ඔවුන්ට එය නිශ්චිතව හදුනාගැනීමේ අවශ්‍යතාවක් ද තිබූ බව මේ සොයා ගැනීමෙන් පැහැදිලි වනවා. "

ලෝකයේ කැලැන්ඩරය භාවිතයට ආවේ අදින් වසර 5000ට පෙර යැයි කලින් තිබූ මතයයි. මේ සොයාගැනීමෙන් එය තවත් වසර 5000 ක අතීතයකට දිව යන්නේ ලෝකයේ පුරාවිද්‍යාත්මක මත පවා අභියෝගයට ලක්කරමිනි.

පැරණි කැලැන්ඩරය සහිත මේ අතීත බිම අයත්ව ඇත්තේ ස්කොට්ලන්තයේ ක්රේතීස් මාළිගය ඇතුළු වතුයාය පාලනය කරන ජාතික පදනමටය.

පුරාවිද්‍යා ආචාර්ය ෂනොන් ෆ්රේසර් මෙසේ කියයි.

'' මෙය ඉතාමත් ම සුවිශේෂී සොයාගැනීමක්. බ්‍රිතාන්‍යයේ මෙවැනි පෞරාණික ස්මාරක ඇත්තේ නැහැ. අපේ කැණීම් වලින් වසර 10,000 ට පෙර ජීවත් වූ මානවයාගේ සංස්කෘතිය, ඔවුන්ගේ දැනීම හා සද වැනි ආකාශ වස්තූන් සම්බන්ධයෙන් ඔවුන් සතුවූ දැනුම හෙළිවෙනවා. "

මේ අතර සර්බියාවේ කරන ලද කැණීමකදී නව ශිලා යුගයට අයත් කුඩා දින දර්ශනයක් හමුවූ බව ද පුරාවිද්‍යාඥයන් පවසයි. ඔවුන්ට අමුතු සළකුණු සහිත වල් ඌරු දළයක් හමුවූ බවත් එය පරීක්ෂා කිරීමේදී චන්ද්‍ර කලා සටහන් වූ දින දර්ශනයක් ලෙස හදුනාගත හැකි වූ බවත් පර්යේෂකයන් කණ්ඩායම පවසා ඇත.

එය අධ්‍යයනය කළ පුරාවිද්‍යාඥයන් පවසන්නේ අදින් වසර 8000 ට පෙර නව ශිලා යුගයේ මානවයා තමන්ගේ වගාබිම්වල බීජ සිටුවිය යුතු කාලය හා අස්වනු නෙලිය යුතු කාලය දැන ගැනීමට මේ වල් ඌරු දළයේ තැබූ සටහන භාවිතා කරන්නට ඇති බවයි. එහි ත්‍රිකෝණාකාර සළකුණු 28ක් දක්නට ඇත. චන්ද්‍ර මාසයකට ඇති දින ගණන 28කි. පුරාවිද්‍යාඥයන් පවසන්නේ මේ සොයා ගැනීම් ද්විත්වය හේතුවෙන් යුරෝපීයයෝ නව ශිලා යුගයේ දී සෘතු වෙනස්විම, දින වකවානු හා මාස ක්‍රම ගැන මනා අවබෝධයකින් පසුවූවා යැයි තහවරු වන බවයි.

පුරාවිද්‍යා ස්මාරක පිහිටි ස්ථානය

පුරාවිද්‍යා බිම පිහිටි ස්ථානය

බර්මින්හැම් මහාචාර්ය වින්ස් ගැෆිනි කැණීම් ස්ථානයේ සිටිමින් ගත් ඡායාරූපයක්

කැලැන්ඩරයක් ලෙස භාවිතා කැර ඇති වල් ඌරු දළය

 



අදහස් (0)

කැලැන්ඩරය තවත් අතීතයට යයි

නිමල් Tuesday, 03 December 2013 12:40 PM

වලවල් 12 තිබුන පලියට කොහොමද කියන්නේ දින දර්ශනයක් කියලා? (ස)

:       0       2

රසික විතාන Tuesday, 03 December 2013 12:55 PM

සියලු විනාශ වලට මුල පරණ දින ක්‍රමය ඉවත් කරලා. මේ අලුතෙන් හදා ගනිපු දින දර්ශනය භාවිතා කිරීම.චන්ද්‍ර මාස ක්‍රමය ස්වභාව ධර්මයත් එක්ක සැසදෙන එකම දින දර්ශනය. (ස)

:       0       0

සරණමුත්තු Tuesday, 03 December 2013 05:49 PM

රෂික විතාන හරි.(නදී)

:       0       0

රානි Wednesday, 04 December 2013 01:02 AM

ලොව දින දර්ශන වර්ග කිහිපයක් ඇත. චීන දින දර්ශනය නක්ෂත්‍රය මතත් අරාබි දින දර්ශනය ආගම මතත් පදනම්ව ඇත. (නි)

:       0       0

අමිල - කටුනායක Wednesday, 04 December 2013 08:45 AM

අපිත් තාම කැනීම් කරලා ඉවර නැහැ.නිධන් හොරු වෙනස් කරල නැති නම් ඉදිරියට බලමු. (ස)

:       0       0

මිලින්ද Wednesday, 04 December 2013 12:21 PM

පිස්සු කතා කරනවා. දෙවියන් වහන්සේ ලෝකේ මැව්වෙත් අවුරුදු 6000 කට කලින්නේ. (ස)

:       0       0

දයා අලහකෝන් Wednesday, 04 December 2013 04:33 PM

මලින්ද, අවුරුදු 6000 කට කලින් දෙවියන් වැඩ උන්නෙ කොහිදැයි කියන්න්‍. (ස)

:       0       0

මහී Wednesday, 04 December 2013 04:49 PM

බුදු දහමට අනුව සාරාසංඛ්‍ය කල්ප ගණනක් මිනිසුන් මේ ලෝකයේ වාසය කරලා තියනවා. වසර 10000 ක් මොකද්ද ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site