X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


කැලිෆෝනියා කත අනූ නවයෙන් බේරෙයි

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ගොඩනැගිලි දෙකක් අතරට වැටුණු කාන්තාවක (28) බේරාගැනීමට සහන සේවකයෝ සමත්වූහ. ගොඩනැගිලි දෙක අතර පරතරය අඟල් 18කි.

ඇය  සිරවී සිටි ස්ථානයෙන් බේරාගැනීමට සහන සේවකයන් 30 ක් අවශ්‍ය වූ අතර සහන සේවකයන් කාන්තාව සිටි ස්ථානයට ළඟා වූයේ ගොඩනැඟිලි අතර රිංගමිනි.

කාන්තාව ගොඩනැගිලි අතරට වැටී ඇත්තේ එක් ගොඩනැගිල්ලක සිට තවත් ගොඩනැගිල්ලකට පනින්ට යාමේදීය.  සිරීම් තුවාල ලබා සිටි ඇය  ප්‍රතිකාර සඳහා රෝහල් ගත කැරිණි.

මෙම කාන්තාව මුලින්ම වහළයෙන් වැටී ඇත්තේ අඩි 5ක් පමණ පහළට වන අතර ඉන්පසු තවත් අඩි 25ක් පමණ පහළට ලිස්සා  ඇත.

ඇය බේරාගැනීමට පැමි‚ සහන සේවකයන්ගේ කණ්ඩායමේ ප්‍රධානියා පැවසුවේ   කාන්තාව බේරාගැනීම අභියෝගයක් වූ බවයි.

බිය වී නොසන්සුන් වී කාන්තාව සිටි බවත් ඇයව සන්සුන් කර වීමට ද සිදුවූ බවත් ඔහු කීවේය.

 



අදහස් (0)

කැලිෆෝනියා කත අනූ නවයෙන් බේරෙයි

ශාන්ති Wednesday, 04 December 2013 11:07 PM

දෙයියෝ බේරුවා

:       0       0

චමත් ඉතාලිය Thursday, 05 December 2013 01:11 AM

නියමයි.මෝඩ වැඩ කරනවාට හොද පාඩමක්. (නි)

:       0       0

ශාන් Thursday, 05 December 2013 02:14 AM

මොකටද මෙයා ගොඩනැගිල්ලෙන් තව එකකට පනින්න ගියේ? (නි)

:       0       0

විජිත Thursday, 05 December 2013 04:59 AM

නැහැ ශාන්ති, සහන සේවකයන් බේරුවේ. (නි)

:       0       0

සත්‍යයා Thursday, 05 December 2013 05:52 AM

ලෝක දෙකක් අතර (සැබෑ මුහුණයි වෙස් මුහුණයි) අතර සිරවී සිටින අපේ දේශපාලන මහතුන්ලාට මේක හොඳ ආරංචියක්. (නි)

:       0       0

ගීත් Thursday, 05 December 2013 05:58 AM

හිරවුණ නිසා බේරුනා. (නි)

:       0       0

රන්බණ්ඩා Thursday, 05 December 2013 06:49 AM

චමත්, මොනවද මේ මනුස්සයෙක් අමාරුවෙ වැටුණහම දොස් කියන්නේ? අපි මොනතරම් මෝඩකම් කරනවද? (නි)

:       0       0

හිරා Thursday, 05 December 2013 08:33 AM

ශාන්ති,දෙවියෝ නෙමෙයි බේරුවේ ,සහන සේවකයෝ. මෝඩ අදහස් පලකරන්න එපා හලෝ . අපි ඉන්නේ විසි එක් වෙනි සියවසේ දේව දර්ම ප්‍රතික්ෂේප වෙන කාලෙක.(නදී)

:       0       0

කැලුම් Thursday, 05 December 2013 09:09 AM

මෙයා ඇඳගෙන ඉන්න කලිසම හිර වැඩි ඇති, අඟල් 18ක් වත් දුර පනින්න බැරි.අපේ රටේ අයත් ඔවැනි ඇඳුම් අඳිනවා. කොහොම ඕකට රින්ගනවද කියල හිතාගන්නවත් බැහැ. හරි කැතයි. (ස)

:       0       0

සතන් Thursday, 05 December 2013 10:37 AM

හිරාටයිථ විජිතටයි දෙවියෝ ගැන ප්‍රශ්නයක් තියෙනවා වගේ. ලෙඩක් ද කොහෙද?? (ස)

:       0       0

අරුණ Thursday, 05 December 2013 10:52 AM

" පානාතිපාත වේරමණී සික්ඛාපාදං සමාදියාමි ".පර පණ තම පණ මෙන් සිතන්න. (ස)

:       0       0

ශාන්ති Thursday, 05 December 2013 11:32 AM

හිරා, නිකන් වීරයෙක් වෙන්ඩ එපා. එයාට තවත් මේ ලෝකයේ ජිවත් වෙන්ඩ පින තිබුණා. සහන සේවකයොත් එය‍ට උදව් උනා. ඔයාටත් මොකක් හරි කරදරයක් උනොතින් ඒ වෙලාවට දෙවියෝ මතක් වේවි. එහෙම නොවේව්. (ස)

:       0       0

සුමංගල Thursday, 05 December 2013 01:01 PM

දෙයියෝ කියන්නේ එතන හිටපු සහන සේවකයන්ගේ ප්‍රධාන එක් කෙනාගේ නමද? (ස)

:       0       0

හිරා Thursday, 05 December 2013 02:50 PM

ශාන්තිට දෙවියන් වහන්සේගේ පිහිට ලැබේවා. (ස)

:       0       0

ශාන්ති Thursday, 05 December 2013 06:00 PM

ගොඩක් ස්තුතියි.(නදී)

:       0       0

ශාන්ත Friday, 06 December 2013 04:44 PM

ශාන්ති හරියටම හරි, දෙවියො කියලා කෙනෙක් නෑ කියන අයම තමයි මොනවා හරි උනොත් ඔක්කොටම කලින් දෙවියෝ සිහි කරන්නෙ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site