X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 16 වන බදාදා


කැලේ රජා අලි රජාගෙන් බේරේ

පිපාසයෙන් පීඩිතව සිටීම නිසාදෝ නිනව් නොමැතිව වතුර බොමින්  සිටි සිංහයෙකු ශබ්ද නොනගාම තමන් අසළට පැමිණි හස්තියෙකුගේ පාදයට හසුව කැලේ පොඩි නොවී අනූනවයෙන් ගැලවී පලා යනු බොට්ස්වානාවේ නැක්සායි තැන්නේදී දැකගත හැකිවිය.

සිංහයාගේ මුහුණ තිබුණේ දියවලෙහි සැඟවීය. ඒ නිසා අවට ශබ්ද ඇසුනේ නැතැයි සිතිය හැකිය.

හස්තියා ඈත සිට දියවලට කිට්ටු කළ අතර සිංහයා අසලටම පැමිණි හෙතෙම හරියටම සිංහයාගේ හිසට ඉහළින් තම දකුණු පය එසවූයේය. තවමත් සිංහයාට මේ ගැන වගේ වගක් නැත.

හස්තියා පාදය පහතට හෙළන්නට ගත්තා පමණි සිංහයා වහාම උඩ බැලීය. අන්තරාය වටහාගෙන වහාම එතැනින් පැන දිවූයේය.

එමෙම අපූරු සිදුවීම තම කැමරාවේ සටහන් කරගත් දකුණු අපි‍්‍රකා ජාතික ජෝන් බර්නාඩ් පවසන්නේ සිංහයා අවසාන මොහොතේදී උඩ නොබැලූයේ නම් අනිවාර්යයෙන්ම හස්තියාගේ පයට හසුව පොඩිව යන්නට ඉඩ තිබූ බවයි.පසුව හස්තියාද එම ස්ථානයෙන්ම දිය පානය කර නික්ම ගිය බව ඔහු කියයි.

2A2A007A00000578-0-image-a-2_1435865144495[1] 2A2A007E00000578-3147692-image-a-4_1435865652426[1] 2A2A006600000578-0-image-a-3_1435865153778[1] 2A2A015700000578-3147692-image-a-7_1435865679421[1]

 

 



අදහස් (0)

කැලේ රජා අලි රජාගෙන් බේරේ

එරංග Saturday, 04 July 2015 06:15 AM

අනේ මන්දා, මේකේ සමහරක්ගේ ප්‍රතිචාර දැක්කම හිතෙනවා කවදා නම් සැනසෙයිද කියලා (නදී)

:       0       0

දුමින්ද Tuesday, 07 July 2015 08:28 AM

අන්ද අලියෙක් -මෝඩ සිංහයෙක් (ම)

:       0       0

රෙජි-සිඩ්නි Monday, 06 July 2015 04:20 AM

මට පෙනෙන විදිහට නම් ඒ ඇස් පෙන්නේ නැති අලියෙක් වෙන්න ඇති. ඒකයි සිංහයා අනේ පව් කියල යන්න ගියේ. (නදී)

:       0       0

සජී Monday, 06 July 2015 04:00 AM

මේ යන විදිහට සිංහයාට අඩත්තේට්ටම් වැඩි බව පේනවා. (නදී)

:       0       0

ගැමුණු Monday, 06 July 2015 02:29 AM

ලඟටම ඇවිල්ලත් සිංහයාට මොකුත් කරගන්න බැරිවුණා. කීපාරක් අතට ගත්තු දෙය කටට දාගන්න බැරිවුණාද, අලින්ට ? (නදී)

:       0       0

කැනඩා දිසා Monday, 06 July 2015 12:59 AM

රුවන්, ඔයා වගේ මෝඩයෙක්! (නි)

:       0       0

නිහාල් පත්මසිරි Sunday, 05 July 2015 02:30 PM

බෝට්ස්වනාහි සිංහයා අලියාගෙන් බේරිලා පැනලා ගියාට,ලංකාවේ අලින්ගෙන් ගැළවෙන්න බැහැ (නි)

:       0       0

සුදෙල්මි Sunday, 05 July 2015 12:30 PM

මේකා සිංහ වෙස්ගත් නරියෙක්ද කොහෙද? (නි)

:       0       0

මාස්ටර් Sunday, 05 July 2015 08:01 AM

ඔයගොල්ලෝ ඔක්කොම හරි මෝඩයිනේ මේ අලියා සිංහයාගේ හොඳ යාලුවෙක් පොඩි තට්ටුවක් දලා බැලුවේ සිංහයාට මොකුත් අමාරුවක් ද කියලා (ම)

:       0       0

අමිල- ඩුබායි Sunday, 05 July 2015 04:11 AM

මේ අලියාට වඩා ලංකාවේ අලි මොන තරම් ලස්සනද.. මෙයාට ගොඩක් වයස පාටයි සිංහයට වගේ...(ම)

:       0       0

චාමර Saturday, 04 July 2015 09:42 PM

ඔය කොච්චර පාට් දැම්මත් සිංහයා අලියට බයේ පැනලා ගියානේ (නි)

:       0       0

අනුර Saturday, 04 July 2015 03:36 PM

අලි එහෙම තමා. කොටිත් එක්ක ඇවිල්ලා සද්ද නැතුව තමා කිතුල ගිලින්නේ. නමුත් කොටි කිතුල් කන්නේ නැති බව අලින්ට හැමදාමත් අමතක වෙනවා (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 04 July 2015 12:25 PM

සිංහයාට දැන් වයසලු, අවුරුදු හැත්තෑවක් වෙනවලු, වෙනදට නම් පිරිවර වටේම හිටියලු. දැන් වයස නිසා කවුරුවත් නැහැලු. මොනවා කරන්නද අලියත් ඉතින් පාට් දාන්න එන්නේ වයසක මටමනේ කියල දිව්වලු (නදී)

:       0       0

සුනිල් සරත් කුමාර Saturday, 04 July 2015 08:14 AM

එතකොට ෆොටෝ එකේ තියෙන්නේ ප්‍රීති ගේ දල දෙකද ? (නදී)

:       0       0

රුවන් Friday, 03 July 2015 02:39 PM

ඒ කියන්නේ අන්තිම මොහොතේ හරි සිංහයා නැගිටිනවා කියන එක තමයි .(හේ)

:       0       0

නිමාෂා Saturday, 04 July 2015 03:43 AM

පොදු සම්පත් පරිහරණයේදී සදාචාරවත් භාවිතයක් තියෙන්න ඕනෑ. යටි හිතේ යම් ලෝභ සහගත චේතනාවක් තිබුන නිසයි සිංහයා බොරු නිදි පාරක් දාන්න ඇත්තේ. කොහොමද වැරදිලා හරි මුව රංචුවක් හෝ හරක් රංචුවක් ආවනම්. කරුමෙට අලියෙක් ආවේ. එම හස්තියාද එම ස්ථානයෙන්ම දිය පානය කර නික්මයන්නට තරම් සාදාරන උනා. මෙහෙ අලින්ටත් යස පාඩම. (නදී)

:       0       0

ප්‍රීති Friday, 03 July 2015 11:06 PM

අලියාගෙ දළ දෙක කපලා නේද? දළ හොරු ඒ රටෙත් ඉන්නවා වගේ (නි)

:       0       0

පෙරේරා Friday, 03 July 2015 09:40 PM

ලංකාවෙත් සිංහ පාට් දාගෙන සමහරු රජවෙන්න හැදුවාට අන්තිමට අලියා තමයි දිනුම්!!!! (නි)

:       0       0

ජෝති Friday, 03 July 2015 09:01 PM

අනේ අපොයි!පොඩ්ඩක් මිස් වුණා නම් මහා විපතක්නේ වෙන්නේ. මේ දවස් වල කැලේ රජාට අලින්ගෙන් පුදුම අපලයක් තියෙන්නේ. මට මතකයි මීට ටික දවසකට පෙර මෙවැනිම පුවතකට වැටුන විශාල ප්‍රතිචාර ටික. (නි)

:       0       0

ඉනෝකා Friday, 03 July 2015 07:53 PM

පව්! පිපාසයෙන් පීඩිතව වතුර ටිකක් බොන්න ආපු අසරණයා! අලියා හරිම නරක වැඩක් කරලා තියෙන්නේ. සද්දන්තයෙකුට කොහොමටත් නොහොබිනා වැඩක්. කුල්ලක් වගේ විශාල කන් දෙකකුත්,පොඩිම පොඩි ඇස් දෙකකුත් නැත්නම්,කුමකින් කුමක් වේදෝ! (නි)

:       0       0

සුබෝධිනී Friday, 03 July 2015 06:50 PM

දැක්කාද අලියාගේ තිබෙන තේජස? පැරදිලා බයේ දුවන සිංහයා පිටුපසින් එළව එළවා නොගොස් බලා සිටිනා අපුරුව.හරිම ලස්සන දැක්මක්. (නි)

:       0       0

බොනී Friday, 03 July 2015 06:48 PM

මමත් ඉන්නේ මෙහේ. මමත් මේ තැනට ගොස් තිබෙනවා (නි)

:       0       0

නිමල් නිශාන්ත Friday, 03 July 2015 06:32 PM

ඉස්සර තමයි සිංහයා,සිංහනාදය පතුරවාගෙන ඔක්කෝම බයකරගෙන හිටියේ. (නි)

:       0       0

කාන්ත Friday, 03 July 2015 06:07 PM

අලිඑහෙම තමයි. සද්ද නැතුව ඇවිල්ලා තමයි වැඩේ දෙන්නේ. සිංහයාට දැන් කැලෙත් මදි පණ කඩාගෙන දුවන්න. (නි)

:       0       0

නිලූ Friday, 03 July 2015 05:55 PM

සිංහයා, හොඳටම මහළු පාටයි. ඒකයි පණ කඩාගෙන දුවන්නේ. (ර)

:       0       0

චන්න බුවනක Friday, 03 July 2015 04:23 PM

වන ජීවීන් කියන්නේ මිලකළ නොහැකි අගනා වස්තුවක්. (බ)

:       0       0

නිහාල් Friday, 03 July 2015 04:10 PM

කැලේ සිංහයා නොවෙයි ,කිබුලා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site