X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


කැලේ රජා දෙගම්බඩ රජා සමග සටනේ

තම ආහාරවේල උදුරාගැනීමට පැමිණි කිඹුලකු සමග සිංහ රැළක් මාරාන්තික සටනක නියැලෙන ආකාරය පටිගත කිරීමට කායි බැනක්සි නමැති ඡායාරූප ශිල්පියකු සමත්ව සිටියි. ඔහු මෙය දැක ඇත්තේ කෙන්යාවේ සම්බුරු ජාතික රක්ෂිතයේ සතුන් නැරඹීමට ගොස් සිටිය දීය. ජලාශ්‍රිත ප්‍රදේශයක මියගිය අලියකුගේ මළ කුණක් කා දමමින් සිටි සිංහයන් හතර දෙනෙකි. ලොව විශාලත්වයෙන් දෙවැනි තැන ගන්නා උරගයා සහ ලොව දරුණුතම උරගයා වන නයිල් කිඹුලකු මේ දෙසට පැමිණෙමින් සිටින බව දුටු එක් සිංහ ධේනුවක් කිඹුලා වෙත පැන පොර බැදීම ආරම්භ කැර ඇත. ඒ සමගම ඒ වෙත පැමිණි අනෙක් සිංහයන් ද හදිසියේ මතුවූ සතුරා පරාජය කිරීමට විනාඩි කිහිපයක දරුණු සටනක නිරතවූ බව බැනක්සි පවසයි.  සිංහයන්ගෙන් ගැලවීගත් කිඹුලා යලි ජලයට බැස නොපෙනී ගියේය.  Kenya lion (7)  

Kenya lion (6)

Kenya lion (4)

Kenya lion (1)

Kenya lion (5)

Kenya lion (3)

 



අදහස් (0)

කැලේ රජා දෙගම්බඩ රජා සමග සටනේ

චන්දි Friday, 22 August 2014 08:08 AM

ඉතින් ජයා ඔයත් ලොකුම ටෝක් එකක් නේ දීල තියෙන්නේ (අ)

:       0       0

නෙළුම් Thursday, 21 August 2014 02:32 AM

එහෙම තමයි එයාලා. තමන්ගේ ජාතිය වෙනුවෙන් පිරිමියා නැත්නම් ගැහැණු හරි ඇවිල්ලා ස‍ටන් කරනවා. (නි)

:       0       0

දනීෂා Thursday, 21 August 2014 04:37 AM

සිංහ දෙනුන් සටන් කරද්දී මහා ලොකු පිරිමි සිංහයා පැත්තකට වෙලා ඉන්න හැටි බලන්නකෝ. සටන දිනද්දී ඔන්න පොඩ්ඩක් යන්තමට ආවා. එහෙමත් පිරිමි මේ රටෙත් නැතුවා නොවේ (නි)

:       0       0

ඉන්දු - මෙල්බර්න් Thursday, 21 August 2014 06:37 AM

කුමාරි, ඔයා කිව්ව දේමයි මටත් හිතුනේ, මෙතන එක සිංහයෙක්වත් නැහැ කියලා. ඒ උනාට ඉන්නවා. අඳුරන්න අමාරුයි. (නදී)

:       0       0

සොෆිනා Thursday, 21 August 2014 10:56 AM

අපිට මතකයි ඔය සිංහයෝ ටික දිව්වා කොළඹට කොටි එනවා කියා (නදී)

:       0       0

සම්පත් Thursday, 21 August 2014 02:36 PM

සොෆිනා, සිංහයෝ පැනලා ගියෙ නැහැ. ඔයා අද ඉන්නේ ඒ නිදහස් සිංහදීපයේ තමයි.... (නි)

:       0       0

නන්ද Friday, 22 August 2014 05:29 AM

මේ සතුන්ගේ ලෝකයයි. (නි)

:       0       0

සුසන්ත - කිඹුලාපිටිය Friday, 22 August 2014 07:03 AM

සිංහයෝ කීවට ඔක්කොම සිංහ ධේනු නේ ඉන්නේ මුන් මේ වාරියපොළ පැත්තේ රංචුවක් වෙන්න ඕනි (නදී)

:       0       0

ජයා Friday, 22 August 2014 07:50 AM

ඔතන සිංහයෝ ටික වැඩේට බැස්ස එක ඇත්ත ඒත් සිංහ කොල්ලක් බැස්ස නම් කිඹුලප්පුට සොරි .තේරෙන්නැති ගැහැණු උදවිය ලොකු ටෝක් දෙනවා . පව්!. (අ)

:       0       0

රොෂාන් Wednesday, 20 August 2014 09:05 PM

මහානාම, සිංහයා,සිංහයා කිවුවට අනේ! මේ සිංහ දෙනුන්නේ (නි)

:       0       0

ජිවනි Friday, 22 August 2014 08:10 AM

සිංහ හම පොරවාගත් නරිත් ඉන්නවා. (නි)

:       0       0

කුමාරි Friday, 22 August 2014 11:54 AM

චන්දි, පවු නේද ජයා? (නි)

:       0       0

කිංස්ලි පෙරේරා Friday, 22 August 2014 07:04 PM

සොෆිනා, සිංහයෝ පැනල ගියේ නැහැ එහෙම පැනල ගියානම් ඔයාට රටක් නැහැ. එතන සිංහයාට දෙන්න ගේමක් නැහැ. එ්කයි පැත්තකට වෙලා බලන් ඉන්නේ අර අන්තිමට උනත් සිංහයා එන්නේ ඌ දන්නවා ගෙදර ගියාම දේනුව චුරු චුරු ගානවා කියලා. මම තනියෙන්නම සටන් කරා ඔයා නිකන්වත් උදව්වට අවේ නැහැ කියලා. මට මොනවා හරි උනානම් ඔයානම් තව කාව හරි හොයා ගනී මගේ ළමයිට යන කලදසාව මොකක්ද. ඕවා අහන්න බැරි කමට තමයි එන්නේ. එ්ක නිසා ගැහැණු අය ආඩම්බර වෙන්න එපා මහා ලොකු වැඩක් කරා කියල. (නදී)

:       0       0

සමීර Saturday, 23 August 2014 04:53 AM

ඔය කෑගහන ගැහැණු පාර්ශවය දැනගත්තොත් හොදා අපේ සිංහල කොල්ලෝ නැත්තම් තාමත් මරබයේ පාරට බහින්නේ ඔයාල. (අ)

:       0       0

පහන්දී Saturday, 23 August 2014 06:28 AM

කිංස්ලි පෙරේරා, මොකද මේ හුස්ම නොගෙනම කියාගෙන ගියේ. ගැහැණු සත්තු ටික ගැන ඉරිසියාවක් වත් හිතුනද..? මොනවා උනත් ඔයාගේ අදහස කියවල මම හොදට හිනාවෙලා ලේ පොඩ්ඩක් පිරිසිදු කර ගත්තා පාන්දරම. (නදී)

:       0       0

සෙලිනා Saturday, 23 August 2014 01:27 PM

මම තනියම සටන් කරා ඔයා නිකන්වත් ආවෙ නැහැ, මට මොනවා හරි උනානම් ඔයා නම් තව කාව හරි හොයා ගනී මගේ ළමයිට යන කල දසාව මොකක්ද...? අනේ කිංස්ලි , ඔයාගේ කොමන්ට් එක නම් මරේ මාරු.. සිනහ සාගරයයි....!(නදී)

:       0       0

අනුර Saturday, 23 August 2014 04:18 PM

සත්තු ඔහොම තමා මිනිස්සු එහෙම වෙන්න නරකයි (අ)

:       0       0

කිංස්ලි පෙරේරා Sunday, 24 August 2014 05:48 PM

අනේ නැහැ පහන්දී, මම මොකටද ඊර්ෂ්‍යා හිතන්නේ? (නි)

:       0       0

මැක්ස් Wednesday, 20 August 2014 09:19 AM

මොනවා උනත් කිඹුලත් පව්. ඔච්චර ලොකු අලියෙක් හිටිය එකේ බැදගෙන කෑවා නම් හරිනේ (නදී)

:       0       0

අජිත් Tuesday, 19 August 2014 07:31 PM

සිංහයෝ එහෙම තමයි. කවදාවත් පස්සට යන්නේ නැහැ. (නි)

:       0       0

රූපවතී Tuesday, 19 August 2014 09:21 PM

මට නම් බයේ බැහැ. ගැහෙන හිතින් එක ඇහැක් වසාගෙන අනෙක් ඇහෙන් තමයි බැලුවේ.බය වුණාට ගොඩාක් ලස්සනයි ෆොටෝ ටික. පව් අලි හාමි ...! (නි)

:       0       0

රෙජි -සිඩ්නි Wednesday, 20 August 2014 12:46 AM

හැම ගින්නටම වැඩිය ලොකුයි කුසගින්න. (නි)

:       0       0

රෝහණ Wednesday, 20 August 2014 01:02 AM

ළඟදීම අපේ රටේ සිංහයොත් සිංහ හම පොරවාගත් නරියන්ට ඔය වැඩේ කරනවාම තමයි. (නි)

:       0       0

සත්‍යයා Wednesday, 20 August 2014 02:37 AM

කිඹුලත් ජීවත් වෙන්නේ මස් කාල සිංහයොත් එහෙමයි. මේකට මස් නොකන පුංචි අපි පැටලෙන්න ඕනේ නැහැ. අපි බලමුකෝ ඌවෙදි සිංහයෝයි කිඹුල්ලුයි බලය වෙනුවෙන් මරා ගන්න හැටි.(නදී)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Wednesday, 20 August 2014 03:28 AM

සත්‍යයා, ඒ කියන්නෙ කවුරු කවුරුත් දඟලන්නේ තමන්ගෙම කෑම වේල පිරිමහගන්න කියන එක නේද? (නදී)

:       0       0

අමර Wednesday, 20 August 2014 03:48 AM

කිඹුලා කොච්චර කට ඇරලා උෟයි කිව්වත් සිංහයා නෙමෙයි ගණන් ගන්නේ (නදී)

:       0       0

ටිකිරි Wednesday, 20 August 2014 07:19 AM

හැබැයි සණ්ඩු සරුවල් නොවී බෙදා හදාගෙන කෑවා නම් ඔය කට්ටියටම දවස් ගණනක් කන්න තිබුනා. අපරාදේ නිකම් මිනී මරා ගන්නේ. (නදී)

:       0       0

ඉන්ද්‍රා Tuesday, 19 August 2014 07:27 PM

මොන තරම් බලවත් වුණත් හිස නමන්න වෙන වෙලාවක් එනවා. සතාට මනුස්සයට කියලා වෙනසක් නැහැ (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 20 August 2014 09:40 AM

රෝහණ ඔබගේ කටට මසුරන් දාන්න වටිනවා. (නදී)

:       0       0

නිල්මි Wednesday, 20 August 2014 10:05 AM

කෝ මේ බලු රාල(අ)

:       0       0

කුමාරි Wednesday, 20 August 2014 10:18 AM

සිංහයා,සිංහයා කීවට අනේ මේ සිංහ දේනුවෝ...(අ).

:       0       0

මහේෂ්‍ Wednesday, 20 August 2014 01:40 PM

කලාතුරකින් දැකිය හැකි දසුනක් (නි)

:       0       0

මහානාම Wednesday, 20 August 2014 01:52 PM

සිංහයා වුණත් බලුවෙලා කියලත් හිතෙනවා. එක කිඹුල‍යි සිංහයෝ තුන් හතර දෙනයි , වැඩේ කැතයි නේද? බෙදාගන්න පුළුවන් තරම් තිබුනත් ඒක මේ තිරිසනුන්ට තේරෙන්නේ කොහොමද අපේ සමහරක් මිනිසුන්ටත් නොතේරෙනකොට. (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 20 August 2014 03:37 PM

අනේ පවු .රුපවති බබා .(අ)

:       0       0

කිංස්ලි පෙරේරා Wednesday, 20 August 2014 07:21 PM

කුමාරි, මොකද සිංහ දෙනුන් කියන්නේ සිංහ කුලයේ අය නෙමෙයිද? ඒකතමා සිංහයින්ගේ හැටි. තමන්ගේ ජාතිය වෙනුවෙන් පිරිමියා නැත්නම් ගැහැණු හරි ඇවිල්ලා ස‍ටන් කරනවා.ඔයා ආඩම්බර වෙන්න ඕනෑ ඒ ගැන. (නි)

:       0       0

ප්‍රීති Wednesday, 20 August 2014 07:56 PM

අපේ ඇස් වලින් දකින්න බැරි දෙයක් කළාට ඡායාරූප ශිල්පියාට පින්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site