කැස්සට දෙන නොයෙකුත් පැණි වර්ග කැස්ස ඇතිවීමට හේතුවන රෝගය මර්දනය කිරීමට කිසිදු අයුරකින් උපකාරී වන්නේ නැතැයි බ්‍රිතාන්‍යය ජාතික සෞඛ්‍ය සේවයේ වෛද්‍ය පර්යේෂක කණ්ඩායමක් හෙළි කර තිබේ.
එවන් පැණියකින් සිදුවන්නේ උගුරට සහනයක් ලබාදීම, හුස්ම ගැනීමට අවහිරතාවක් තිබේනම් එය සමනය කර දීම වැනි සුළු දේවල් බවත් බොහෝ දෙනා සිතා සිටින පරිදි ඒවායින් කැස්සට සම්පූර්ණ සුවයක් ලැබෙන්නේ නැති බවත් ඔවුහු කියති.
මෙනිසා එවැනිදේට මුදල් වියදම් නොකර මීපැණි, දෙහි යුෂ ආදිය එකට මිශ්‍ර කර නිවසේදීම සාදාගත හැකි පැණියක් භාවිතා කිරීම වඩා සුදුසු යැයි ඔවුන්ගේ අදහසයි.
මේ සම්බන්ධයෙන් සිදුකර ඇති පර්යේෂණයෙන් කැස්සට දෙන පැණි වර්ග කැස්ස මර්දනය කිරීමට ක්‍රියාකාරී වන ආකාරයන්ද හඳුනාගෙන ඇත.
සමහර ඒවා උගුරට සහනය ගෙන දෙද්දී ඇතැම් ඒවා සම්පූර්ණ කැස්ස ඇතිවන යාන්ත්‍රණයම තාවකාලිකව අත්හිටවන බව පර්යේෂක පිරිස පවසති.
මේ සියල්ලෙන්ම කරන්නේ කැස්ස සුව වූවායැයි රෝගියා රැවටීම බව ඔවුහු කියති.
ඇතැම් පැණි වර්ග වල සීනි ප්‍රතිශතය ඉතා අධික යැයි හදුනාගැනීමට හැකිවූ බවත් මෙනිසා කැස්සක් ආ සැනෙන් නොයෙකුත් පැණි වර්ග බීමට පුරුදුව සිටින ඇතැමුන් තමන් මිලදී ගන්නේ කුමක්දැයි සැළකිලිමත්විය යුතු බවත් ඔවුහු අනතුරු අඟවති.
හොඳම දෙය කැස්සක් ආ සැනෙන් කැස්සට දෙන පැණි වර්ග සොයා දිවීම නොව නිවසේ සාදාගත හැකි පානයකින් එය සමනය කර ගත හැකිදැයි බැලීමත් නොඑසේනම් නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීමත් යැයි වෛද්‍ය පර්යේෂක පිරිස අවවාද කරති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කැස්සට දෙන බේත් ප්‍රෝඩාවක්
තිලක් Friday, 17 October 2014 02:33 PM
ලංකාවේ අපිට නම් බටු පැනිය තියෙනවා. රසායනික ද්‍රව්‍ය මොකුත් නෑ. පොඩි ඉඟුරු කෑල්ලක් හක්කේ තියාගෙන ඉන්න එහි යුෂ ටික ටික කෙල සමග ගිලෙන්න හරින්න. කැස්සට සහනයක් ලැබෙයි. (නදී)
ඇන්තනී Friday, 17 October 2014 03:33 PM
අපේ උදවිය අහන්නේ සුද්දෙක් කිව්වොත් විතරයි. වෙද මහත්තුරු කොච්චර කිව්වත් වැඩක් නැහැ (නදී).
අසංක Saturday, 18 October 2014 03:21 AM
කොහොමත් විද්‍යාවෙන් කියපු අනෙක් දේවලුත් ඉක්මනටම බොරු වේවි...(ස)
සත්‍යපාල Saturday, 18 October 2014 03:41 AM
අසංක මේක විද්‍යාව පිලිබදව ප්‍රශ්නයක් නොවෙයි බහු ජාතික සමාගම් වලින් කරන බොරු වලට ජනතාව රැවවීමයි වෙන්නේ.(අ)
කලීල් Saturday, 18 October 2014 07:05 AM
මේ හැම දෙයක්ම මුදල් නිසා. බෙහෙත් සමාගම් මහජනයා මුලා කරනවා. (අ)
කසුන් ධර්මවංශ Saturday, 18 October 2014 09:29 AM
මේක අලුත් දෙයක් නෙමෙයි. මිට කලකට පෙර සේනක බිබිලේ මහත්මය කිව්වේ ඕක තමයි. ඒ වෙලාවේ අපේ රටේ අය ගණන් ගත්තේ නෑ. මොකද සිංහල එක්කෙනෙක්නේ කියන්නේ. දැන් සුද්දා කියන නිසා අහනවා. අන්තිමට ඇත්ත හෙළි කරපු වරදට බහු ජාතික සමාගම් එකතු වෙලා එතුමාව මරල දැම්ම. (නදී)
අශේන් Saturday, 18 October 2014 09:56 AM
අනේ ඔව් අපි ශ්‍රී ලාංකිකයෝ අපේ ඉතිහාසේ කී දෙනෙක් නම් වෙද්දු ඉදලා තියෙනවද? අපි අපේ දේ අගේ කරමු. එපා අපිට ඔය බහු ජාතික සමාගම් මොනම කැස්සක් උනත් ඉඟුරු පැනියට උඩින් යන්නේ නැහැ (නදී)
රවී - ඕමාන් Saturday, 18 October 2014 10:16 AM
ලංකාවේ අය කැස්සට නෙවෙයිනේ පැණි බොන්නේ මත වෙන්නනනේ මතකද කොරෙක්ස් D (අ)
මාලි Saturday, 18 October 2014 11:53 AM
විද්‍යාවේ දියුනුව එක්තරා කොටසකට ආදායම් මාර්ගයක් විතරයි (නදී)
මල්ලි Saturday, 18 October 2014 11:59 AM
රවී - ඕමාන් 2014-10-18 10:16:15 කොරෙක්ස් ඩී කැස්සට ඉතාමත් හොද දෙයක් අත්දැකීමෙනුයි කියන්නෙ ඒත් මෙයාල ඒකත් තහනම් කලා හරිනම් පැනඩෝල් ත් තහනම් කරන්න ඕන මොකද ඒකත් වැඩියෙන් ගත්තොත් මැරෙනව ඒ විදියට කොච්චර අය මැරිල තියෙනවද? (අ)
රුමී Monday, 20 October 2014 05:14 AM
ඇයි දැන් කැස්සට කොස් ඇට හොඳ නැත්ද ?(අ)
සුමින්ද Monday, 20 October 2014 05:57 AM
සෙමට පැණි දුන්නට බීලා ඉවර වුණාම අයේ කැස්ස.(හේ)
අනුරුද්ධ Monday, 20 October 2014 07:58 AM
ඒකනේ කියමනක් තියෙන්නේ ආදරයයි කැස්සයි හංගන්න බැහැ කියල.(හේ)
චන්දන Tuesday, 21 October 2014 12:54 AM
කසුන් ධර්මවංශ ගේ කතාව හරියට හරි. සේනක බිබිලේ මැතිතුමාගේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොකර බහු ජාතික සමාගම් රෝගීන් සමග /ලෙඩ සමග සෙල්ලම් කරනවා. ඕමාන් වලත් කොරෙක්ෂ් ඩී තහනම් කළා. හේතුව පාමසි වලින් වෛද්‍ය උපදෙස් නැතිව,කොරෙක්ෂ් ඩී බීල මත්වන අය,අල් කුවෙර් ,සීබ් මූදු වෙරළේ සිටියා. මූදු වෙරළේ හිස් බෝතල් සිය ගණන් ඔබත් දකින්නට ඇති (නදී)