නිවිති අධික ස්ථූලත්වයෙන් යුත් අයගේ ශරීරයේ බර අඩුකරණ නවතම ආහාරයක් බව පර්යේෂනයක් මගින් සොයාගෙන තිබේ. නිවිති ආහාරයට එක්කැර ගැනීමෙන් ආහාර ගැනීමට ඇති කෑදරකම සියයට 95කින් අඩුකරන බව පර්යේෂකයෝ කියති.
ස්වීඩන්හි ලුන්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් සොයාගෙන ඇත්තේ නිවිති නටුවේ අඩංගු කොලපැහැති පටලය එනම් තයිලකොයිඩ්ස් මගින් ශරීර බර සියයට 43 කින් අඩුකරන බවයි.
අධික ස්ථුලතාවය ඇති කාන්තාවන් 38 දෙනකු යොදා ගනිමින් මේ පර්යේෂණය සිදුකැර ඇත. විද්‍යාඥයන් පවසන්නේ ආහාරයට ඇති ලොල්බව හේතුවෙන් සිරුරට අහිතකර පැණිරස හා ක්ෂණික ආහාර කෙරෙහි වැඩි නැඹුරුතාවක් ඇතිවන බවයි.
තයිලකොයිඩ් සිරුරේ සංතෘප්ත හෝමෝන ශක්තිමත් කරයි. එමගින් ආහාරවලට ඇති ලොල්බව අඩුවේ. එය ආහාරය පාලනයට වැදගත් වේ. පර්යේෂණ ප්‍රධානී මහාචාර්ය චාලට් එලන්සන් ඇල්බට්සන් පවසන්නේ තයිලකොයිඩ් අඩංගු පානයක් ආහාරයට පෙර පානය කිරිමෙන් ආහාරයට ඇති තදබල ලොල් බව අඩුවී දිනය පුරාම තෘප්තිමත් හැඟීමෙන් සිටිය හැකි බවයි.
පර්යේෂණයට යොදා ගත් කාන්තාවන් කොටස් දෙකකට බෙදා එක් කොටසකට දිනපතා නිවිති යම් ප්‍රමාණයක් ලබාදුන් අතර අනෙක් කණ්ඩායමට වෙනත් ඖෂධයක් ලබාදෙන ලදී. මාස තුනක කාලයක් මේ ආකාරයෙන් ලබාදීමේදී ඔවුන්ට දී තිබූ එකම උපදෙස වූයේ දවසේ ප්‍රධාන ආහාර වේල් තුන සඳහා සමතුලිත ආහාර වේලක් ලබාගත යුතු බව පමණි.
දත්ත විශ්ලේෂණයේ දී පෙනී ගොස් ඇත්තේ ඖෂධ ලබාදුන් කණ්ඩායම ශරීරයේ බර කිලෝ ග්‍රෑම් 3.5ක සාමාන්‍යයකින් අඩුකරගෙන තිබිණි. නිවිති ලබාගත් කණ්ඩායමේ ශරීරයේ බර කිලෝ ග්‍රෑම් පහක සාමාන්‍යයකින් අඩුවී තිබිණි.
එමෙන්ම මෙහි දී අවධානය යොමුවූ අනෙක් වැදලත් කරුණ වන්නේ නිවිති ලබාගත් කණ්ඩායම දිනයේ ප්‍රධාන ආහාරවේල් තුනෙන් පමණක් සෑහීමකට පත්වී සිටීමයි. අතරමැද අවස්ථාවල දී ඔවුන්ට කුස ගින්නක් සෑදි නැත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කෑදරකම නැතිකරන නිවිති
කුමාරි Friday, 05 September 2014 02:59 AM
කෙට්ටු වෙන්ට එක එක දොස්තරලා ලඟට ගිහින් මැරෙනවට වඩා මේ වගේ දේවල් වලින් කෙට්ටු වෙන්ට පුලුවන්නම් කොච්චර හොඳද ස්වභාවික දේවල් වලට මිනිස්සු හුරු කල යුතුයි (නදී)
ප්‍රබෝධා Friday, 05 September 2014 04:13 AM
හොඳ ආහාරයක් නේද? (නි)
තිලක් Friday, 05 September 2014 09:58 AM
අපේ රටේ ජනතවට හොඳ පුවතක් .මේ වැනි ලිපි විතර පළ කරන්න (දිල්)
ඩයස් වික්‍රමසිංහ Saturday, 06 September 2014 09:43 AM
හොඳ දේ හොඳයි (නදී)
ජයනාත් Saturday, 06 September 2014 01:48 PM
ස්තූතියි ලංකාදීප! (නි)
සර්ධා Saturday, 06 September 2014 04:23 PM
අපේ රටේ දේවල් කවදත් ඉස්තරම් (අ)
නලින් යහම්පත් Saturday, 06 September 2014 06:20 PM
දැනට අවුරුදු 40 කට පෙර ලංකාවේ පුවත්පත් වලින් සහ දැන්වීම් වලින් දුටුවේ අපි දුටුවේ කෙට්ටුව මට්ටු කර දැවැන්ත පුරුෂයකු වීමට බෙහෙත් සහ කෙම් වර්ග. අද ඒකේ අනෙක් පැත්ත (නි)
සලීම් Monday, 20 October 2014 06:09 PM
ඉතා හොඳ පුවතක් (නි)