X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 16 වන බදාදා


කිව්වා නෑහූ සංචාරකයා සිංහයාගේ බඩට

පාලකයින්ගේ උපදෙස් නොතකා අපි‍්‍රකාවේ සිංහයින් සදහා වෙන්කර තිබෙන සත්ත්වෝද්‍යානයක තමන් සිටි මෝටර් රථයේ වීදුරු විවෘතකරගෙන සිටි ඇමරිකා ජාතික තරුණියක සිංහයෙකුගේ ප‍්‍රහාරයට හසුව මරණයට පත්ව තිබේ.

සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ මෝටර් රථයේ සිට අවට ඡායාරූප ගනිමින් සිටි ඇය දෙසට ළංවූ සිංහ ධේනුවක එක්වනම කඩාපැන විවෘත කර තිබුණු වීදුරුවෙන් ඇයව ඉවතට ඇදගත් බවයි.

කෑගසා සිංහ ධේනුව පළවා හැරියද ඒ වන විටත් එම තරුණිය මියගොස් සිටි බව ඔවුන් කියයි.

සත්ත්වෝද්‍යානයේ පාලකයින් පවසන්නේ සෑම විටම මෝටර් රථ වල වීදුරු වසාගෙන සිටින ලෙස තමන් සංචාරකයින්ට අවවාද කරන බවයි.මේ අවාසනාවන්ත සිදුවීමට හේතුව එම උපදෙස් නොසළකා හැරීම යැයි ඔවුන් පවසයි.

කෙසේ වුවත් සිංහයින් සඳහාම වෙන්ව තිබෙන මෙම එළිමහන් සත්ත්වෝද්‍යානයේ ආරක්ෂාව ගැන ගැටළු මතුව තිබෙන්නේ වරක් දෙවරක් පමණක් නොවේ. සිංහයින් 85 දෙනකු පමණ නිදැල්ලේ සැරිසැරියද සත්ත්වෝද්‍යාන භූමියේ සිට සාද පැවැත්වීමටත්,කූඩාරම් ඉදිකිරීමටත් අවසරදී තිබීමෙන්ම සත්ත්වෝද්‍යානයේ පාලකයින් සංචාරකයින්ගේ ආරක්ෂාව කෙරෙහි කෙතරම් අඩු සැළකිල්ලක් දක්වන්නේදැයි හොදින්ම පැහැදිලිවන බව පරිසරවේදීහු කියති.

2941E0A600000578-3106004-image-a-10_1433180421402 2941E05200000578-3106004-image-m-52_1433193155259 29422A4A00000578-3106004-image-a-28_1433186106648 294137E200000578-3106004-image-a-5_1433178338195 2941369300000578-0-image-a-17_1433170362307



අදහස් (0)

කිව්වා නෑහූ සංචාරකයා සිංහයාගේ බඩට

නිහාල් Tuesday, 02 June 2015 08:09 AM

බළල් පවුලේ සත්තු මිලේච්ච්යි.සිංහයා,කොටියා ලංකාවේ නැති එක හොදයි.කකුල් දෙකේ මනුස්සයොත් මිලේච්ඡයන්ට සමාන කර ගැනීමත් ලෙඩක් (බ)

:       0       0

සෙනරත් Tuesday, 02 June 2015 08:40 AM

අනෙක් අයගේ අදහස් පහත්කොට සලකන ගතිය ඇමෙරිකානුවන් ළග තිබෙනවා. (නදී)

:       0       0

සෙලෙන්සියස් Tuesday, 02 June 2015 11:44 AM

සෙනරත් : මේක ඇමරිකාවේ ප්‍රශ්නයක් නොවේ. කියන දේ නාහපු අවස්ථාවක්. පොඩ්ඩක් ගිහින බලන්න දෙහිවල සතුන්වත්තේ සතුන්ට කෑම දෙන්න එපා කියල බෝර්ඩ් ගහල තියෙන හැමතැනම වගේ අපේ කට්ටිය සතුන්ට කෑම දෙන හැටි. (බ)

:       0       0

සමන් දකුණු අප්‍රිකාව Tuesday, 02 June 2015 01:14 PM

මමත් ඉන්නේ දකුණු අප්‍රිකාවේ. මම මේ වගේ සිංහයන් නරඹන්න ගිහින් තියනවා ඩර්බන් කිට්ටුව.ජනෙල් වහගෙන යන්න ඕනෑ. ඒක අනිවාර්යෙන්ම කරන්න කියලා ප්‍රථම උපදෙස හැටියට දෙනවා.අපරාදේ ජිවිතයක් නැතිවුණා නොසැළකිල්ල නිසා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site