චීනයේ වුහාන් ප්‍රාන්තයේ පිහිටි ජියුෆෙන්ග් සතුන් වත්තේ ‘අශෝබන ලෙස හැසිරුණු‘ මයිනෙකු නිවාස අඩස්සියට පත් කිරීමට සතුන් වත්තේ සේවකයන් පියවර ගෙන තිබේ. මයිනන් සතු අනුකරණය කිරීමේ හැකියාව ප්‍රයෝජනයට ගෙන ඇති සතුන් වත්තේ සේවකයන් මේ මයිනාට සතුන් වත්තට ඇතුල් වන සංචාරකයන් පිළිගැනීමට ‘සුභ දවසක්‘ ‘සාදරයෙන් පිළිගනිමු‘ වැනි වදන් දෙඩීමට පුහුණු කර තිබුණි.අනතුරුව සිය රාජකාරිය ඉටු කිරීම සදහා මයිනා සිය සගයන් සමග කූඩු කර තිබුණේ සතුන් වත්තට ඇතුල් වන දොරටුව අසලය. දිනෙක සතුන් වත්තට ඇතුල් වන සංචාරකයන් පිළිගැනීමේ යෙදී සිටි මේ දොරටුපාලකයා එක්වරම සංචාරකයන් ඇසැබි වදනින් ඇමතීමට පටන් ගත්තේ සියල්ලන් පුදුමයට පත් කරවමිනි. කරුණු සොයා බැලු සේවකයන් නොහොබිනා සංචාරනයෙකු මයිනාට මේ වදන් අනුකරණය කිරීමට උගන්වන්නට ඇතැයි සැක කරයි.ඒ අනුව ක්‍රියාත්මක වූ ඔවුන් ‘ඔබගේ රසාස්වාදය සදහා කුරුල්ලන්ට ඇසැබි වදන් ඉගැන්වීමෙන් වළකින්න‘ ලෙස සදහන් වන පුවරු කුරුලූ කූඩු අසල සවි කිරීමට පියවර ගෙන තිබේ. මයිනාගේ ‘නොහොබිනා ගති‘ කූඩුවේ අනෙක් සතුන්ද ඉගෙනගනු ඇතැයි බියෙන් දොරටුපාලකයා සිය සගයන්ගෙන් වෙන් කිරීමටද සේවකයන් කටයුතු කර ඇත.මයිනා ඇසැබි වදන් දොඩනා වාරයක් පාසා කෑම ලබාදීම අත්හිටුවීමටත් මයිනාට ඇසෙන සේ සුභාෂිංශන වදන් පටිගත කරන ලද පට ධාවනය කිරීමෙනුත් මයිනා ‘පුනරුත්ථාපනය‘ කිරීමට තමන් බලාපොරොත්තු වන බව ඔවුන් කියයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කුණුහරප කී ‘මයිනා‘ නිවාස අඩස්සියට
සරත් Wednesday, 19 December 2012 10:59 PM
කැලේ රජා සිංහයාද දන්නේ නැහැ තීන්දුව දුන්නේ (දී)
නිත්‍යා Friday, 28 December 2012 12:38 PM
හොඳ වැඩේ , නැහැදිච්ච මයිනෙක් (ස)
සරත් Thursday, 20 December 2012 10:23 PM
ජොසී හරි. (නි)
කුමාර් Thursday, 20 December 2012 07:13 PM
ජොසී 100%ක් හරි. (නි)
අමරසිංහ Thursday, 20 December 2012 01:46 PM
මෙහේ නැද්ද කුණුහරප කියන මයිනෝ? (නි)
අචිනි Thursday, 20 December 2012 11:25 AM
අයියෝ! මේඩ් ඉන් චයිනද? එහෙනම් එහෙම තමයි. (නි)
පුබුදු Thursday, 20 December 2012 10:17 AM
මධූ, එහෙනම් පාර්ලිමේන්තුවේ ඉන්න 90%ක්ම නිවාස අඩස්සියේ තියන්න වෙයි. (නි)
සම්පත් Thursday, 20 December 2012 08:56 AM
පූජා නගර ආශ්‍රිතවද ඔය මයිනා වැඩිපුර ගැවසෙන්නේ? (නි)
චන්දන Thursday, 20 December 2012 06:16 AM
අපේ පැත්තෙත් ඉන්නවා කුණුහරප කියන මයිනෙක්. ඌවත් නිවාස අඩස්සියට දෙන්න ඕනෑ. (නි)
ගාමිණි Thursday, 20 December 2012 04:02 AM
මට එකපාරටම හිතුණේ මයිනා අපේ පාර්ලිමේන්තුව පැත්තේවත් කරක් ගහලා ගියා ද කියලයි. (නි)
ලලිත් Thursday, 20 December 2012 02:28 AM
අපේ අහවල් ඇමතිතුමා වගෙයි. (නි)
සරා Wednesday, 19 December 2012 10:55 PM
අනේ කාලේ වනේ වාසේ (දී)
අමාධි Wednesday, 19 December 2012 11:44 AM
එලකිරි මයිනෙක්නේ (ස)
තිලක Wednesday, 19 December 2012 10:54 PM
කොහොමද කුරුල්ලට ගිය කල (දී)
චන්ද්‍ර Wednesday, 19 December 2012 10:54 PM
නියම දඬුවම (දී)
අප්සරා Wednesday, 19 December 2012 10:54 PM
එහෙමත් නීති තියෙනවද (දී)
ප්‍රසන්න Wednesday, 19 December 2012 09:45 PM
ජොසී, හැමදේටම පාර්ලිමේන්තුව පටළවාගන්න එපා. (නි)
උපාලි Wednesday, 19 December 2012 09:26 PM
ඔය මයිනාව දෙන්න තිබුණේ ඒ භාෂාව නොතේරෙන වෙන රටකට. (නි)
උදයංග Wednesday, 19 December 2012 08:12 PM
ඔවු ජොසී ඒක ඇත්ත. (නි)
ජොසී Wednesday, 19 December 2012 06:47 PM
කුණුහරප කියන මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ ඉදිද්දී ඕවා මොනවද? (නි)
දයා-සවුදි Wednesday, 19 December 2012 06:23 PM
ඉස්සර කාලේ කොණ්ඩය බැදපු වයසක අයටත් කිවුවේ මේ නමමයි නේද? (නි)
රොෂාන් Wednesday, 19 December 2012 04:27 PM
කෝට්ටේ පැත්තට ගියානම් අල්ලගන්න තිබුණා ඕනෑතරම්. (නි)
සේනානායක Wednesday, 19 December 2012 03:22 PM
හොඳ හොඳ මයිනෝ ඉන්නේ ලංකාවෙනේ (ස)
මුතු Wednesday, 19 December 2012 01:49 PM
ලංකාවෙත් ඉන්නවා මේ වගේ කුණුහරප කියන මයිනෝ .ඒ අයවත් නිවාස අඩස්සියේ තමයි තියන්න ඕනා. (ස)