X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


කුසගින්නේ මියයන ලොව දුර්ලභම කුරුල්ලා

ලෝකයේ අති දුර්ලභම පක්ෂියා යැයි සැළකෙන මැඩගස්කර් පෝචර්ඩ් නමැති තාරාවර්ගයේ පැටවුන් ඉපදී  සති දෙක තුනකින් පසු මිය යන බව විද්‍යාඥයෝ කියති. ඔවුන්ට වාසස්ථාන සඳහා සුදුසු තෙත් බිම් නොමැති වීම එයට හේතුවී තිබේ.

පරිසරවේදීන් පවසන්නේ මානව ක්‍රියාකාරකම් තෙත් බිම් විනාශ වීම හේතුවෙන් ඔවුන් ඉතා සීමිත තෙත් බිම් සහිත පරිසරයන්ට කේනද්‍රගත වී ඇති බවයි. හේතුවෙන් මෙම කුරුල්ලන්ඉතිරිව ඇති තෙත් බිම් කිහිපයකට ඒකරාශී වී ඇති බවයි.

මෙම පර්යේෂණය පිලිබඳ තොරතුරු ජාත්‍යන්තර  කුරුළු සංරක්ෂණය නැමැති ජර්නලයේ ප්‍රකාශයට පත්කර තිබේ.

එම පර්යේෂණය කල අය පවසන්නේ ඔවුන්ගේ සමීක්ෂණයට අනුව දැනට ලෝකයේ දැකිය හැක්කේ පෝර්චඩ්  පක්ෂීන් 25ක් වැනි සුළු පිරිසක් බවයි.

මානව ක්‍රියාකාරකම් වන විනාශය සහ මසුන් ඇල්ලීම හේතුවෙන් මෙම සතුන්ගේ වාසභූමි විනාශ වි ගොස් ආහාර ද හිඟ වි ඇත. මෙම සතුන්ගේ ඉතිරිව සිටින අවසන් කීප දෙනාගේ වාසභූමිය ලෙස  සීමා වී ඇත්තේ ගිනිකොන දිග මැඩගස්කරයේ පිහිටි එකම තෙත්බිම පමණකි.

පර්යේෂණ ප්‍රධානි ආචාර්ය ජොෆ් හිල්ටන් පවසන්නේ මෙවැනි සංඛ්‍යාවෙන් ඉතාමත් සිමිත ප්‍රමාණයක් සිටිනා කුරුල්ලන් ගැන සෘජු ඇස්බැල්මක් තිබිය යුතු බවයි.

‘‘ අපි ලඟ ගැහැණු සතුන් 10 ක් හෝ 11 ක් පමණයි සිටින්නේ මෙයින් වැඩි ප්‍රමාණයක් බිත්තර දමනවා ඒ වාගේම උන් එම බිත්තර රකිනවා නමුත් පැටවුන්ට සති දෙකක් හෝ තුනක් ගිය පසු නොපෙනි යාමට පටන්ගෙන තිබෙනවා“ යැයි හිල්ටන් පවසයි.

මේ සතුන් ආහාර සොයා ගන්නේ දිය යට කිමිදිමෙනි. පර්යේෂකයන් සොයාගත් සාක්ෂිවලට අනුව සතුන් මියයන්නේ කුසගින්නෙන් යැයි ද පර්යේෂකයෝ කියති. මේ විල් ඉතා ගැඹුරින් යුතුවීම නිසා ඔවුන්ට ගොදුරු සපයා ගැනීම අසීරු කටයුත්තකි.

Porchard 4 - Copy Porchard 1

 

 



අදහස් (0)

කුසගින්නේ මියයන ලොව දුර්ලභම කුරුල්ලා

රජින්ද Tuesday, 26 August 2014 06:58 PM

වත්මන් මිනිසා විෂඝෝර සර්පයින්ටත් වඩා භයානක ලෙස මිහිකත වනසමින් තමන්ද වැනසෙමින් පවතී. (නි)

:       0       0

සරණ Wednesday, 27 August 2014 05:01 AM

ලොව දරුණුම සත්ත්වයා මිනිසාය. තම වර්ගයා ද, අනෙකුත් සත්ත්වයින්ද විනාශ කරයි. එසේත් නැතහොත් විනාශයට මග පාදයි. (නදී)

:       0       0

රූපවතී Wednesday, 27 August 2014 05:23 AM

අපෙත් ලංකාවේ වැව් වල "සේරු " කියල පක්ෂීන් විශේෂයක් හිටිය ඒ මෙයාලමයි මම හිතන්නේ..?දැන් දකින්නත් නැහැ? (නදී)

:       0       0

ඉන්දික Wednesday, 27 August 2014 05:41 AM

පරිසරවේදීන්ට පුළුවන් කමක් නැද්ද ඒ රටේ ආණ්ඩුවත් එක්ක එකතු වෙලා මේ සත්ත්ටු රැකගන්න පුළුවන් වැඩ පිළිවෙලක් ඇති කරන්න? (අ)

:       0       0

ගයාන් Wednesday, 27 August 2014 06:57 AM

මොරිෂස් දුපත් වල හිටපු ඩෝඩෝ පක්ෂියා වගේ වදවෙලා යයි ඉක්මනටම. (නදී)

:       0       0

නන්දා Wednesday, 27 August 2014 06:58 AM

සමහර සතුන්ට කාල ගුණයේ පරිසරයේ කුඩා වෙනසක් වුනත් බලපානවා. කොහොම වුනත් මිනිසාගේ පැවැත්ම නිසා ලෝකයෙන් සමහර සතුන් වර්ග වද වී යාම අනිවාර්යයි. (නදී)

:       0       0

හර්ෂ Wednesday, 27 August 2014 07:03 AM

ලැව් ගිනි, ගං වතුර , ඉඩම් ගොඩකිරීම් වැනි දේ නිසා අපේ රටෙත් මේ වගේ කුරුළු විශේෂ කොපමණ ප්‍රමාණයක් වදවී ගිහින් ඇද්ද ? (නදී)

:       0       0

හේවාවිතාරණ Wednesday, 27 August 2014 12:47 PM

අපේ රටේ ඉන්න කපුටත් ඒ වගේනේ (අ)

:       0       0

පුබුදු Wednesday, 27 August 2014 04:40 PM

ලංකාවේදි මේ සත්තු අභිජනනය කරන්න බැරිද දන්නේ නැහැ (නදී)

:       0       0

වරුණ Thursday, 28 August 2014 03:22 AM

අනේ දෙවියනේ! (නි)

:       0       0

සුපුන් Thursday, 28 August 2014 10:49 AM

පරිසරයේ ජෛව විවිධත්වය රැක ගැනීම සියලු දෙනාගේම යුතුකමක්. ඒ නිසා ඒ රටේ බලධාරීන් මේ ගැන පියවරක් අරගෙන මේ සතුන් ආරක්ෂා කිරීමට කැප විය යුතුයි.(අ)

:       0       0

අර්ජුන රණසිංහ Thursday, 28 August 2014 03:31 PM

මේ වගේ ලිපි ගොඩාක් වැදගත් (අ)

:       0       0

එදිරිසිංහ Monday, 01 September 2014 08:15 AM

මිනිසුන්ට වගේම සත්තුන්ටත් ජීවත්වෙන්න අයිතියක් තියෙනවා.මිනිස් ක්‍රියාකාරකම් නිසා ඒවා නැතිවෙනවා නම් ඒ අයට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි. මේ මිනිසුන්ගේ ක්‍රියා හෙළාදකිමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site