ස්ටෙෆන් ගේට්ස් ආහාර පර්යේෂකයෙකි.මෑතකදී ඔහු ආසියාකරයේ රටවල් කිහිපයක් බලා පියාසර කළේ අලූත්ම වාර්තාමය වැඩසටහනක් සකස් කිරීමට අවැසි තොරතුරු සොයාගැනීමටය.මේ වැඩසටහනට පාදක වනුයේ ඉහළ යන ලෝක ජනගහනය හමුවේ ආහාර සපයා ගැනීමේ අර්බුදයයි.ස්ටෙෆන් පවසන ආකාරයට ඔහුගේ අරමුණ වූයේ අප භාවිතා කරන ආහාර වෙනුවට භාවිතා
කළ හැකි විකල්ප ආහාර ප්‍රභව පිළිඹද කරුණු සොයා බැලීමයි.
මේ විකල්ප ආහාර ප්‍රභව වලට ස්ටෙෆන් තෝරාගෙන ඇත්තේ කෘමීන්වය. ඔහු සොයා ගෙන ඇති ආකාරයට යුරෝපීයයන් තුළ එතරම් පැහැදීමක් නැතත් ආසියාකරයේ බොහෝ රටවල ජනයා කෘමි සතුන් ආහාරයට ගැනීම ප්‍රියකරයි. මේ කෘමි සතුන් අතරට කැරපොත්තන් පළගැටියන් රැහැයියන් ආදී මෙකී නොකී සියලූ ආකාරයේ කෘමිසතුන් ඇතුළත්ය. ආසියාවේ ඇතැම් රටවල වෙළදසල් වලින් පාර්සල් කර අහුරා ඇති කෘමිසතුන් හිතේ හැටියට මිලදී ගැනීමට හැකියාවද ඇති බව ඔහු කියයි. ‘වාරතා වැඩසටහනේ එක් අංගයකට මා ගියා මේ සතුන් අල්වා ගන්නා හැටි බලන්න. එදා මගේ ආසියා මිතුරන් මා රැගෙන ගියේ මකුලූවන් දඩයම් කරන ආකාරය පෙන්වීමට.ඉතා විශාල ප්‍රමාණයේ මකුලූවන් ඔවුන් විසින් කෝටු වලින් ඇන අල්වා ගනු ලබනවා. පසුව ඒ සතුන් ගින්නේ පළහා මිරිස් ආදිය දමා රස කර ගනු ලබනවා. ඉන්පසුවයි විකුණනු ලබන්නේ.මමත් අප්පිරියාවෙන් රස බැලූවා. ඇත්තම කිව්වොතින් රසය නම් අපූරුයි‘.පවසන්නේ ස්ටෙෆන්ය.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසන්නේද ඉදිරියේදී අපට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ මෙවන් විකල්ප ආහාර ප්‍රභව වෙත යොමු විීමට සිදුවනු ඇති බවයි.ඉහළ යන ආහාර මිල හමුවේ හා ඉල්ලූමට සරිලන සැපැයුම ලබා දිය නොහැකි තත්ත්වයක විකල්ප මාරග සොයනු විනා ගැලවීමට වෙනත් ක්‍රමයක් නොමැති බව එම සංවිධානයේ අදහසයි.ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ප්‍රකාශකයෙකු සදහන් කරන ආකාරයට මිනිසාට කෘමි සතුන් අනුභව කිරීම අමුතු දෙයක් නොවේ.ඒ පුරුද්ද වසර 2000 කටත් එපිට කාලයක සිට පැවැත එන්නකි.අනෙක් අතට කෘමිසතුන්ගෙන් ලබා ගත හැකි පෝෂ්‍ය පදාරථ ප්‍රමාණය ඉතා ඉහළ බවද පර්යේෂණ වලින්ද තහවුරු කර ඇති නිසා අප්පිරියාව පසෙකට දමා කෘමි සතුන් අපගේ ආහාර වේල් වලට එක්කර ගැනීමට සිදුවනු ඇතැයි ඔහු කියයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කෘමියන් ආහාරයට ගන්නලු
රුමී Monday, 25 February 2013 01:20 PM
අපේ රටටත් මේ ක්‍රමය නරකම නැහැ. (නි)
ගාමිණී Monday, 25 February 2013 01:26 PM
ඔබතුමා ලංකාවටත් එන්නකෝ. (නි)
නිස්තාර් Monday, 25 February 2013 01:42 PM
ලොකු සත්තු ටික ඉවර නිසා දැන් පොඩි සත්තුත්ඉවර කරන්න යනවාද? (නි)
දිල්හානි Monday, 25 February 2013 01:48 PM
අපේ ගෙවල් වල ඉන්න කැරපොත්තෝ ටිකයි, හූනෝ ටිකයි අල්ලලා පැකට් කළා නම් ජාත්‍යන්තර වෙළද පොළෙන් හොද ගාණක් හොයාගන්න තිබුණා. (නි)
මාලක Monday, 25 February 2013 02:03 PM
අපේ බොදු බල සේනාව කෝ? (නි)
චන්ද්‍රා Monday, 25 February 2013 06:24 PM
මාලක ඔයාට ඔළුව හොඳ නැද්ද ?(ස)
ගාමිණී Monday, 25 February 2013 09:17 PM
ලංකාවට ආවානම් කැරපොත්තෝ, පලගැටියෝ, ගෝනුස්සෝ ගෝනි ගනන් අරන් යන්න පුළුවන්. එක අතකින් බඩු මිළ ඉහළ යන හින්දා මේ සත්තු කන එක වත් හොදයි.(නදී)
සෙනරත් Monday, 25 February 2013 10:35 PM
මේ වැඩෙන් ආහාර දාම අසමතුලිත වෙලා ලොකු ප්‍රශ්නයක් වේවි. (නි)
රුහුණු Tuesday, 26 February 2013 02:10 AM
දිල්හානි, ඔයාගේ ගේ තියෙන්නේ කොහේද කියලා කියන්නකෝ. (නි)
හේමාල් Tuesday, 26 February 2013 01:32 PM
අයියෝ දිල්හානි, ඔයාගේ ගෙදර සත්තු විමානයක්නේ... ඇත්තටම කොයි පැත්තෙද ඔයාගේ ගෙදර තියෙන්නේ ??? (ස)
කින් බෙනට් Tuesday, 26 February 2013 11:41 PM
දිල්හානිලගේ ගෙදර ඔය කියන විදියට ගෙම්බෝ ,කිඹුල්ලු එහෙමත් ඇති නේ ? (නි)
නසාර් Wednesday, 27 February 2013 08:18 AM
හලාල්ද?(නදී)