X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 07 වන සඳුදා


කෙන්යාවේ සංචාරක කර්මාන්තය බිඳ වැටේ

අප‍්‍රිකානු රාජ්‍යයක් වන කෙන්යාවේ, නයිරෝබී අගනුවර විදෙස් සංචාරකයන් නිතර ගැවසෙන ‘වෙස්ට්ගේට්’ සාප්පු සංකීර්ණ ගොඩනැගිල්ලට, මීට දින කිහිපයකට පෙර එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු, සංචාරක කර්මාන්තය මුළුමනින්ම බිඳ වැටී ඇතැයි, කෙන්යානු සංචාරක අමත්‍යාංශය කියා සිටී.

කෙන්යාව වන රක්ෂිත සංචාරක ආකර්ශනයක් ඇති රටක් වන අතර සෑම වසරකම සංචාරකයන් දහස් ගණනින් කෙන්යාවට පැමිණෙන්නේ සෆාරි යෑමටය.

නයිරෝබී සාප්පු සංකීර්ණ ගොඩනැගිල්ලට එල්ල වුණු අල් ෂෙබාබ් ඉස්ලාමීය ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයෙන් පසු, කෙන්යාවට යෑමෙන් වළකින්නැයි බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය සහ ඇමෙරිකාව වැනි බටහිර රටවල් සිය රට වැසියන්ට දැනුම් දී ඇත.

කෙන්යානු රජය පවසන්නේ, සංචාරක කර්මාන්තය කඩා වැටීම සිදුවුණු බරපතල පාඩුවක් බවත්, රටේ ආරක්ෂක කටයුතු විධිමත් කිරීමට කඩිනම් පියවර ගෙන ඇති බවත්ය.

‘වෙස්ට්ගේට්’ සාප්පු සංකීර්ණ ගොඩනැගිල්ලට එල්ල වූ ප‍්‍රහාරය ගැන විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට විශේෂ කමිටුවක් ද පත් කර තිබේ.

අල් ෂෙබාබ් ඉස්ලාමීය ත‍්‍රස්තවාදීහු, ‘වෙස්ට්ගේට්’ සාප්පු සංකීර්ණ ගොඩනැගිල්ලට කඩා වැදී සිව් දිනක්, ඒ තුළ සිටි මුස්ලිම් නොවන පිරිස් ප‍්‍රාණ ඇපයේ රඳවාගෙන සිටියහ. කෙන්යානු ආරක්ෂක අංශ සාමාජිකයෝ, ඔවුන් මුදා ගැනීමට උත්සහ කළහ. එම ‘ඛේදවාචකය’ අවසන් වූයේ, 67 දෙනකුට මරු කැඳවමිනි. ඒ අතර විදේශිකයෝ 18 දෙනෙක් සිටිති.

අල් ෂෙබාබ් යනු අල් කයිඩාව සමඟ සමීප සබඳතා පවත්වන, ඉස්ලාමීය දැඩිමතධාරී සන්නද්ධ කල්ලියකි. ඔවුන් බිහි වූයේ කෙන්යාවේ අසල්වැසියා වන සෝමාලියාවෙනි. ඉන්පසු ඔවුන් කෙන්යාවට ව්‍යාප්තවිය සෝමාලියා රජය අස්ථාවර වී ඇති හෙයින්, ඔවුන්ට සහාය දක්වමින්, කෙන්යානු රජය කෙන්යාවේ හමුදා බලඇණි සෝමාලියාවට යවා ඇත. ඒ, අල් ෂෙබාබ් සටන්කාමීන් සමඟ සටන් වැදීමටය.
අල් ෂෙබාබ් සටන්කාමීන් කණ්ඩායමක්, ‘වෙස්ට්ගේට්’ සාප්පු සංකීර්ණ ගොඩනැගිල්ලට කඩා වැදී පහර දෙමින් ප‍්‍රාණ ඇපකරුවන් රඳවා ගනිමින්, කෙන්යානු රජයට බල කළේ එම හමුදා බලඇණි ආපසු ගෙන්වා ගන්නා ලෙසටය.
 



අදහස් (0)

කෙන්යාවේ සංචාරක කර්මාන්තය බිඳ වැටේ

ටිරෝන් සෙනෙවිරත්න Thursday, 03 October 2013 09:24 AM

මාලදිවයිනෙත් කෙන්යාවෙත් ප්‍රශ්න, අපේ අය නින්දෙන් නැගිට්ටොත් සංචාරක කර්මාන්තය නැගිට්ටවන්න පුළුවන්.... (ස)

:       0       0

සංජීව Thursday, 03 October 2013 01:41 PM

පේනවා නේද සංචාරක කර්මාන්තය මතම යැපෙන්න ගියොත් වෙන දේ? මුළු ආර්ථිකයම එක සිද්ධියකින් නැතිවෙන්න පුළුවන්. දැන්වත් අපේ අය සංචාරකයෝ මතම රදා පවතින්නේ නැතුව රට දියුණු කරන්න බැලුවොත් හොදයි නේද? (නි)

:       0       0

අසංක Thursday, 03 October 2013 02:45 PM

දෙයියන්ගේ කැමැත්තනේ (නි)

:       0       0

නල්ලතම්බි Thursday, 03 October 2013 03:06 PM

ගිය තැන විනාශයි (නි)

:       0       0

ලලිත් අපොන්සු Friday, 04 October 2013 01:32 AM

කෙන්යාව වාගේද ලංකාව? අැයි අෙප් රට කොතරම් දියුණුද? ගුවන් තොටුපල ,අධිවේගී මහාමාර්ග, ගුවන් පාලම්, වරාය, විටද්ශිකයින්ගෙන් පිරී ඉතිරීයන විදේශ විනිමය... තව මොනවාද ඕනෑ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site