X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 18 වන සිකුරාදා


කොරියා පොලිසිය පන්සලක් වටලයි

දකුණු කොරියානු පොලිසිය එරට බෞද්ධ සිද්ධස්ථානයක් වටලා සිටිම හේතුවෙන් බෞද්ධ භික්ෂූන් හා පොලිසිය අතර ගැටුම්කාරී තත්ත්වයක් උද්ගත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පොලිසිය පවසන්නේ පසුගිය දා කොරියාවේ සෝල් නගරයේ කලහකාරී උද්ඝෝෂණයක් මෙහෙය වූ වෘත්තීය සමිති නායකයකු වන හන් සෑන්ග් ගයුන් අත්අඩංගුවට ගැනීම සදහා විහාරස්ථානය වැටලූ බවයි. සෝල් නුවර පිහිටි ‘‘ජොග්යේ“ නමැති සිද්ධස්ථානයේ ඔහු සැඟව සිටින බව පොලිසිය පවසයි.

සිද්ධස්ථානයට බලහත්කාරයෙන් ඇතුළු නොවන්නැයි භික්ෂූන් වහන්සේලා මීට පෙර පොලිසියට අනතුරු ඇඟවූහ. පොලිසිය මෙලෙස කටයුතු කිරීමෙන් ආගමික අයිතිය උල්ලංඝනය වන බව බෞද්ධ භික්ෂූහු කියති.

වෘත්තිය සමිති නායක හන් සෑන්ග් ගයුන් ආරක්ෂාව සදහා සිද්ධස්ථානයේ රැදී සිටියි.



අදහස් (0)

කොරියා පොලිසිය පන්සලක් වටලයි

චන්දවිමල හිමි Thursday, 10 December 2015 06:33 AM

බෞද්ධ රටක් වූ කොරියාව දැන් එක්තරා ආක්‍රමණශීලි ආගමක් විසින් යට කරගෙන සිටියි. එය කොරියානුවන් තුළ තිබෙන ඇමෙරිකා යටත් විජිත මානසිකත්වය විසින් ගිල ගන්නා ලද්දකි. ගරු කොරියන් ස්වාමින් වහන්සේලාට මෙලෙස කතා කිරීමට හෝ තවමත් ධෛර්ය තිබීම සතුටට කරුණකි. (බ)

:       0       0

බණ්ඩාර Thursday, 10 December 2015 07:46 AM

කොරියානුවන්ට නම් එහෙම ඇමරිකන් ගැති මානසිකත්වයක් නෑ. කොරියාව ස්වාධීන රටක්. මෙතැන තියෙන්නේ හැන්ග් සැන්ග් ගයූන් නම් රාජ්‍ය විරෝදී වෘතීය සමිති නායකයෙක් පන්සලක සැගවී සිටීම නිසා හටගත් ගැටුමක්. (ර)

:       0       0

සුමාල් පෙරේරා Thursday, 10 December 2015 09:19 AM

කොරියාව බටහිර ආගමක් විසින් ගිලගෙන ඉවරයි. (බ)

:       0       0

ටානියා Thursday, 10 December 2015 12:41 PM

කොරියාව කතෝලික රටක් වේගෙන යනවා (බ)

:       0       0

රූපසිංහ Thursday, 10 December 2015 01:58 PM

ස්වාමින් වහන්ස, සුනිමල් සහ ටානියා ඔබ හරි. ඕනෑම රටක ආගම එම රටේ සංස්කෘතියේ පදනම බව කවුරුත් දනී. ඉන් අනතුරුව සංස්කෘතිය වෙනස් වූ පසු වෙනස්වූ සංස්කෘතියේ ඉන්න අයගේ අවශ්‍යතා මත ඇමරිකන් සහ යුරෝපීයන්ගේ නිෂ්පාදන වලට වෙළඳපොළක් නිර්මාණය වන්නේ නිරායාසයෙන්ය. මේ බව එම සංස්කෘතියේ ඉන්න අයට තේරෙන්නේ තවත් බොහෝ කාලයක් ගිය පසුවයි. එවිට ප්‍රමාද වැඩිය. (නි)

:       0       0

අතුල Thursday, 10 December 2015 04:11 PM

චන්දවිමල කිව්ව දේ හරි (බ)

:       0       0

කැප්පෙටිපොළ Friday, 11 December 2015 05:19 PM

එරටේ මිනිසුන්ට, එරටේ ප්‍රශ්න විසඳගන්න දෙමු. (නි)

:       0       0

නොයෙල් Saturday, 12 December 2015 04:44 AM

මේ ප්‍රතිචාර දක්වන්නේ කට්ට්ය සමීක්ෂණ කරලද? මෙතන ආගම් බේද බටහිර ඇඟිලි ගැසීම් කිසිවක් නැහැ. කෙන්ද කන්ද කරන්න එපා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site