කොරියානු අර්ධද්වීපයේ හටගෙන ඇති යුද උණුසුම පහව යනතෙක් අන්තර් මහද්වීපික බැලස්ටික මිසයිල අත්හදා බැලීම ප‍්‍රමාද කරන බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් චක් හේගල් ඊයේ (7) පැවැසීය.
කැලිෆෝනියා ප‍්‍රාන්තයේදී මෙම මිසයිල අත්හදා බැලීම සිදු කිරීමට නියමිතව තිබිණි. ඒ, එළැඹෙන මැයි මාසයේදීය. ඇමෙරිකානු මිසයිල අත්හදා බැලීම කොරියානු අර්ධද්වීපය යුද්ධයකට ඇද දැමිය හැකි බවට ජාත්‍යන්තර ප‍්‍රජාව අදහස් පළ කිරීමත් සමඟ ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා මෙම තීරණය ගෙන ඇත.
මිසයිල අත්හදා බැලීම සිදු කිරීමේ අරමුණ වූයේ ඇමෙරිකාව සතු අවිවල තත්ත්වය පරීක්ෂා කිරීමට පමණක් බවත් එය වෙනත් රටක් කුපිත ගැන්වීමේ ප‍්‍රයත්නයක් නොවන බවත් ඇමෙරිකා යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය පෙන්වාදෙයි.
පසුගිය සති කිහිපය තුළ උතුරු කොරියාවට සම්බාධක පැනවීමත්, දකුණු කොරියාවේ යුද අභ්‍යාසවලට ඇමෙරිකාවේ සහාය හිමිවීමත් සමඟ න්‍යෂ්ටික යුද්ධයක් ඇරඹීමේ අවදානමක් මතු විය. ඉකුත් සතිඅන්තයේදී යුද්ධයකට සූදානම්වීමක් ලෙස උතුරු කොරියාව සිය නැගෙනහිර වෙරළ තීරය ආසන්න කලාපයේ මැදි දුර මිසයිල කිහිපයක් ස්ථානගත කළේය.
මේ අතර, උතුරු කොරියාවේ රැඳී සිටින බටහිර රටවල තානාපති නිලධාරීන්ට අපේ‍්‍රල් 10 වැනිදාට පෙර රටින් ඉවත්වන ලෙසත් නියමිත දිනට පසුව ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව තමන් සහතිකවිය නොහැකි බවත් උතුරු කොරියානු රජය පවසයි.
මෙයට ප‍්‍රතිචාර දැක්වූ බොහෝ රටවල් පැවැසුවේ හදිසියේ තානාපති නිලධාරීන් සිය රට ගෙන්වා ගැනීමට අපේක්ෂාවක් නොමැති බවයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කොරියා යුද උණුසුම පහවන තෙක් ඇමෙරිකා මිසයිල අත්හදාබැලීම නවතී