ඇමෙරිකාවටත් දකුණු කොරියාවටත් පහර දෙන බවට උතුරු කොරියාව කළ තර්ජන හේතුවෙන් කොරියානු අර්ධද්වීපයේ හටගත් අර්බුදය සම්බන්ධයෙන් ජපන් රජය සමඟ සාකච්ඡා පැවැත්වීමට ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පෙරේදා (14) ජපානයට පැමිණියේය.
ප‍්‍රහාරයක් එල්ල කරන බවට උතුරු කොරියාව අනතුරු ඇඟවූ අවස්ථාවේදී ජපානය ද ඔවුන්ගේ මිසයිල ආරක්ෂක පද්ධතිය පණ ගැන්වීය.
ජපානය, ඇමෙරිකාවට සහ දකුණු කොරියාවට සහාය පළ කරයි. යළිත් වරක් කොරියානු යුද්ධයක් ඇතිවුවහොත් උතුරු කොරියාවෙන් ජපානයට ද ප‍්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතී.
ජපන් සංචාරයේදී ජපාන අගමැති ෂින්සෝ අබේ සහ ජපාන විදේශ ඇමැති ෆුමියෝ කිෂිඩා හමුවී ජෝන් කෙරී දීර්ග වශයෙන් සාකච්ඡා පැවැත් වූ බව විදෙස් පුවත් සේවා වැඩි දුරටත් කියා සිටී.
දකුණු කොරියාවටත් ඇමෙරිකාවටත් පහර දෙන බවට තර්ජනය කරන උතුරු කොරියාව, ‘රතු ඉර’ පැන කටයුතු කරන බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී එම අවස්ථාවේදී යළිත් වරක් අවධාරණය කළේය.
![]() |
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ජපන් අගමැති හමුවී... |
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කොරියානු අර්බුදය ගැන සාකච්ඡා කරන්න ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජපානයට
ලද්ෂාන් Tuesday, 16 April 2013 10:47 AM
දැක්කම හිරිකිතයි. මුඩුම පෙනුමක් තියෙන්නේ. අදහසුත් ඒ වගේමනේ.(නදී)
ගාමිණී Tuesday, 16 April 2013 12:51 PM
ජපානයේ ඔකිනාව ප්‍රදේශයේ අදටත් ඇමරිකන් කඳවුරු පවත්වාගෙන යමින් 2 වෙනි ලෝක සංග්‍රාමයේදී ජපානයට විශාල විනාශයක් කළත් ඇමෙරිකාව දේවත්වයේ ලා සලකනවා ආසියතික රටවලට වඩා. (නි)
හේරත් Tuesday, 16 April 2013 01:32 PM
හනුමා ගිනි තිය තිය යනවා වගේ.(නදී)
ෆෙර්ණන්දෝ ලොස් අන්ජෙලිස් Tuesday, 16 April 2013 03:11 PM
හේරත් මට නම් මේ මහත්තයා ගැන ආඩම්බරයි. මම මෙහෙ පුරවැසියෙක් නිසා. බලන්න මගේ රටේ අය මෙහෙ මිනිස්සුන්ට සලකන්න දගලන තරම. ඇයි ඔහෙලා ඡන්දෙට අරක්කු බාගෙට ඇබරිලා හොරු පත් කරගන්නේ. අපි වගේ බුද්දීමත්ව හිතන්න ඉරිසියා නොකර.(නදී)
උදය Wednesday, 17 April 2013 12:02 AM
උතුරු කොරියාවේ වාසනාවට ද කොහෙද මෙයා අත දාපු හැම එකම පරාදයි. (නි)
ලක්ෂිත Wednesday, 17 April 2013 12:33 AM
ෆෙර්ණන්දෝ ලොස් ඇන්ජෙලිස්, මොකද මේ? ඔයාගේ කැමැත්ත ඔයාම තියාගන්න (නි)
සදරුවන් Wednesday, 17 April 2013 01:37 AM
ෆෙර්ණන්දෝ, මමත් වැඩ කරන්නේ ඇමෙරිකානු සමාගමක. රටක ජනතාව නුගත් වෙන්න ආර්ථිකය ප්‍රධානයි. අපේ රට සුරාකෑවේ සුද්දෝ. දුප්පත්කම නිසා තමයි රුපියල් 100 ත් පගා ගන්නේ. පැට්‍රිස් ලුමුම්බා මරලා කොන්ගෝ දේශයේ තඹ නිධි හොරකන් කළා, වියට්නාම්, ඉරාකය, ඇෆ්ගනිස්ථාන්, පකිස්තාන්, ලිබියාව විනාශ කළා. (නි)
සදරුවන් Wednesday, 17 April 2013 01:50 AM
ෆර්නැන්ඩෝ මහත්මානෙනි, ගාන්ධි එංගලන්තෙට ගියපු වෙලාවේ එහෙ මාධ්‍යවේදියෙක් ඇහුවලු, ඔබ ඉන්දියාවත් එංගලන්තය වගේ දියුණු කරනවද කියලා. දුන්නු පිළිතුර තමයි. මුළු ලෝකයේම සම්පත් ගෙනල්ලා එංගලන්තය වගේ කුඩා රටක් දියුණු කළා නම් ඉන්දියාව වගේ විශාල රටක් දියුණු කරන්න සම්පත් වෙන ග්‍රහ ලෝකෙකින් ගේන්න වෙයි කියලා. (නි)
නීලා Wednesday, 17 April 2013 08:34 AM
අනේ සදරුවන්, අපි නොදන්න ලංකාවේ දේශපාලනේ. එතකොට සිංගප්පුරුව. කවදාවත් සුද්දන්ට යටත් වුණාද? සුද්දෝ දාලා ගියේ නැති ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, නවසිලන්තේ, කැනඩාව, දකුණු අප්‍රිකාව, ලෝක යුද්ධයෙන් බැටකාපු ජර්මනිය,කොරියාව,ජපානේ...? (නි)
ශීලා Wednesday, 17 April 2013 08:37 AM
සදරුවන් දැන් සුද්දෝ අපිව දලා ගිහිල්ලා අවුරුදු 70කට කිට්ටුයි. තව කොච්චර කල් ඔය සිංදුව කියන්නද හිතාගෙන ඉන්නේ. සුද්දෝ දාලා ගිය අනික් රටවල් අපි පහු කරගෙන හැතැම්ම ගණන් ගිහිල්ලා. උදාහරණ සිංගප්පුරුව,ජපානේ,කොරියාව,බ්‍රසිලේ... (නි)
මාලක Wednesday, 17 April 2013 08:39 AM
බටහිර ඉතිහාසේ කියෙවුවොත් තියෙනවා එංගලන්තේ,ප්‍රංශේ,ඉතාලිය වගේ රටවල් තම මුළු යුරෝපෙම වරින් වර පාලනය කළේ. අනික් සුදු රටවල් හැමදාම යටත් විජිත. නමුත් ඒවා අද එංගලන්තේ තරම්ම දියුණුයි. අපේ රටවල් වලට හුනියම වැදිලා තිබුනට. (නි)
නන්දන Wednesday, 17 April 2013 08:42 AM
ඕක නෙවේ උත්තරේ සදරුවන්. කම්මැලිකම, හොරකම, ජාතිවදේ, ආගම්වාදේ, වර්ගවාදේ, දේශපාලනිකරණය, ඉරිසියාව, අහංකාරකම, ප්‍රෝඩාව, වංචාව, නීතියක් නැතිකම, අවකාලින අධ්‍යාපන ක්‍රමය... මේවට සුද්දන්ට දෙස්දෙවොල් තිබ්බට හරියන්නේ නැහැ (නි)
ජෝයි Wednesday, 17 April 2013 08:44 AM
සුද්දෝ ගියාට පස්සේ අපේ අය කුලවාදේ වෙනුවට නිලදාරිවාදෙයි පන්තිබේදෙයි පටන් ගත්තා. සුද්දෝ දාලා ගියේ නැති රට වල මේ කිසිත් නැහැ. (නි)
පද්මා Wednesday, 17 April 2013 08:46 AM
සදරුවන් පාරක් හදන්නත් චීන්නු එන්නේ දැන් ඒකද? කුඹුරු වැඩට ඉන්දියන් කාරයෝ එනවා. සුද්දෝ හිටියා නම් ඔහොම වෙන්නේ නැහැ. සුද්දෝ එලවලා දැන් අපි සුද්දන්ගේ රටවලට බෝට්ටු වලින් බඩගානවා. (නි)
උදය Wednesday, 17 April 2013 09:48 AM
ලිබියාවේ ඉරාකේ වියට්නාමේ වගේ රටවලට ඇමරිකාව අතදාන්නේ ඒ රටවලම මිනිස්සු එහෙ තියන ඒකාධිපති පාලනයට විරුද්දව උදවු ඉල්ලන නිසා. කාගේද වරද? (නි)