සිය දියණිය තරුණයෙකු දෙස බැලීම නිසා ඇයව ඇසිඩ් ගසා මරා දැමූවේයැයි සැකපිට ඇයගේ දෙමව්පියෝ පාකිස්තාන පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය. බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය හා පැවැති සාකච්ඡාවකදී දැරියගේ පියා පවසා ඇත්තේ මෝටර බයිසිකලයක ගමන් කළ තරුණයෙක් දෙස සිය දියණිය හැරී බලනු තමන් දුටු බවය. පසුව ඇගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ඇය තමන් නොදැනුවත්වම එම තරුණයා දෙස බැලු බවත් නැවත එවැන්නක් නොකරන බවත් පැවැසූවද එය විශ්වාස නොකළ තමා ඇයට ඇසිඩ් ගැසූ බව ඔහු කියා තිබේ. පියාගේ විශ්වාසයට අනුව ඔහුගේ දියණිය මෙසේ මරණයට පත්වීම ඇගේ දෛවයයි. පාකිසතාන බළධාරීන් සදහන් කරන ආකාරයට එම තරුණයා හා මියගිය තරුණිය අතර ප්‍රේම සම්බන්ධයක්ද තිබී ඇත. පාකිස්තානයෙන් මෙවන් සිදුවීම් බොහෝමයක් වාර්තා වේ.පාකිස්තාන කාන්තාවන් සිය පවුලේ අවසරයකින් තොරව විවාහ දිවියට හෝ ප්‍රේම සම්බන්ධයකට හෝ එළැඹුණහොත් එය සැළකෙන්නේ පවුලේ අයට කළ මහත් නිගරුවක් ලෙසය. මෙවන් අවස්ථාවකට මුහුණ දීමට සදුවන කාන්තාවන්ට බොහෝ විට හිමිවන්නේ මරණයයි. ඒ සිය පවුලේම අයගෙනි. පවුලේ ගරුත්වය කෙළෙසූ බව කියමින් පාකිස්තානයේ පසුගිය වසරේ පමණක් ඝාතනයට ලක්ව ඇති කාන්තාවන් සංඛ්‍යාව 1000 කට ආසන්න බව එරට ක්‍රියාත්මක මානව හිමිකම් සංවිධාන කියයි. (කෝ වි ගු)
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කොල්ලකු දෙස බලා මැරුම් කයි
ශිරාස් Wednesday, 07 November 2012 02:16 PM
මේකට හේතුවක් හරි තියෙනවා ,ඒත් ගාල්ලේ 4 දෙනෙක් හේතුවක් නැතුවම මරලා දාපු ධර්මද්වීපය මේ .(ස)
ආනන්ද Wednesday, 07 November 2012 06:49 AM
දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි. (නි)
ටුආන් Wednesday, 07 November 2012 08:02 AM
රොහාන්, එතකොට බුද්ධාගමේ කට්ටිය ලංකාවේ කරන වැඩ දිහා බලද්දී හිතෙන්නේ මොනවද?මේ වෙනකොට හාමුදුරුවරු කී දෙනෙක් නම් එක එක අපරාධවලට අහුවෙලා තියෙනවද? ඉතින් අපි ඒ කට්ටිය දිහා බලලා බෞද්ධාගම මෙහෙම තමයි කියලා කියන්න පුලුවන්ද?එක මිනිසෙක් කරන වැරදිවලට ආගම පලි නැහැ. (නි)
බමුණුගම Wednesday, 07 November 2012 08:20 AM
වෙන මොකවත් නෙමෙයි .එයා අදහන ආගම (ස)
ජයන්ත Wednesday, 07 November 2012 09:18 AM
ලෝකය මෙච්චර දියුණු වෙලත් හණමිටි අදහස් නිසා අද ඉන්දියාවේ, පාකිස්තානයේ කොතරම් දේවල් වෙනවද ? මානුෂික අයිතිවාසිකම් බිංදුවයි (ස)
නිෂාඩ් ප්‍රීනා Wednesday, 07 November 2012 10:47 AM
තමන්ගේම දරුවන්ට මෙහෙම කරන්න තරමට මනුස්සකමක් නැද්ද? (නි)
රංජන් Wednesday, 07 November 2012 11:30 AM
කොල්ලා දිහා බැලුවට නම් වෙන්න බෑ...වෙන මොනවා හරි අහුවෙන්න ඇති (ස)
මාලක Wednesday, 07 November 2012 11:43 AM
ඒ තරම දරුනද
නිශාන්ත Wednesday, 07 November 2012 11:34 AM
ඇස් පියන් යන්න වෙලා තියෙන්නේ
සමන් Wednesday, 07 November 2012 12:31 PM
ටුආන්, සමහර චීවරධාරීන් විවිධ අපරාධ ක්‍රියාවල නිරත වුණත්, බුදුදහමේ ඊට අනුබල දෙන තැනක් නැහැ. නමුත් ඉස්ලාම් ගැනත් ඒකම කියන්න පුලුවන්ද? කුරානයේ සහ හදිත් වල තම ආගමට අයත් නොවන අය සමග යුද්ධ කිරීමට හා ඔවුන් පෙළීමට අනුබල දෙන අදහස් බොහොමයක් තියෙනවා. නූගත් කෲර මිනිසුන් මේවා කියවා තේරුම් ගන්නේ වෙනත් ආගමිකයන් පෙළීම පාප ක්‍රියාවක් නොවන ලෙසයි. (නි)
කුමාර Wednesday, 07 November 2012 01:20 PM
පව් අප්පා...(ස)
සේනාධි Wednesday, 07 November 2012 01:20 PM
තිරිසන්නුන්ටත් අන්තයිනේ. (ස)
පෙරේරා Wednesday, 07 November 2012 01:58 PM
මොකද්ද ඒ වැඩේ
සිල්වා Wednesday, 07 November 2012 03:14 AM
ජීවිතයක වටිනාකම නොදන්න තිරිසන්නු (ස)
විමුක්ති Wednesday, 07 November 2012 04:25 PM
ශිරාස් , ඔයාට මොකක් හරි අසනීපයක්ද ? .(ස)
නිමල් Wednesday, 07 November 2012 04:21 PM
එයාගේ අසනීපය තමයි තමන්ගේ ආගමේ තියෙන දේවල් ගැන හරියට නොදන්නා එක. (නි)
කපිල Wednesday, 07 November 2012 05:52 PM
කාටවත් බැණලා වැඩක් නැහැ. මින් ඉදිරියට මේවා වළක්වා ගනිමු. (නි)
චමින්ද Wednesday, 07 November 2012 07:08 PM
මේවා ආගම් වල වැරැද්දකට වෙන දේවල් නෙමෙයි. මිනිස්සුනගේ මොළයක් නැතිකමට වෙන දේවල්. (නි)
මහින්ද Wednesday, 07 November 2012 08:01 PM
කොල්ලෙක් නෙමෙයි, වෙන මොකෙක් දිහා බැලුවත් ආගමේ නාමයෙන් කියලා ඇසිඩ් ගහනවා වගේ නොමිනිස් ක්‍රියා කරන එක හරිද? (නි)
අජිත් Thursday, 08 November 2012 08:19 PM
මොකද්ද මේ වෙන්නේ
දිල්ශාන් Friday, 09 November 2012 12:31 AM
http://lankacnews.com/sinhala/main-news/85023/ නිමල්‌ගේ අසනීපයට බෙහෙත මේකේ ඇති. (නි)
වන්නි Friday, 09 November 2012 09:14 AM
අයියෝ සල්ලි
සුගන්දි Friday, 09 November 2012 02:30 PM
මේවා ඇහෙනවිට හිතට දුකක් දැනෙනවා ඇයි මිනිස්සු මේතරම්ම කුරිරු , සැමට තෙරුවන්සරණයි ...........(ස)
චමින්ද Saturday, 10 November 2012 10:30 AM
සත්තු (ස)
සමන් Sunday, 18 November 2012 05:02 AM
අනේ ඇත්තට, මෙහෙමත් වැඩ? (නි)
චන්ද්‍රා Tuesday, 06 November 2012 06:45 PM
මහා අපරාධයක්. (නි)
සෑම් Tuesday, 06 November 2012 12:25 PM
දෙයියන්ගේ කැමැත්ත කියන්නේ ඔන්න ඕකටයි මම හිතන්නේ? ශුද්දවූ අල් කුරනයට අනුව ෂරියා නීතියෙන් වෙන්න ඇති දඬුවම් කරන්න ඇත්තේ? මම හිතන්නේ කුරානයට අනුව පියා සධාරයි නේද? මම දන්නේ නැති නිසයි ඇහුවේ...(නු)
සම්පත් Tuesday, 06 November 2012 12:51 PM
අල්ලා දෙවියන්ගේ කැමැත්ත වෙන්න ඇති..!(නු)
සමන් Tuesday, 06 November 2012 01:19 PM
මෝඩයො කියන්නෙ මේ වගේ අයට වෙන්නැති(නු)
මුතුකුඩ Tuesday, 06 November 2012 01:48 PM
කිසිම ධර්මයක්තුල අනුමත නොකරන්නාවූ ඉතා මිලිජ්ජ පහත් සදාචාරයෙන් පිරිහුන නොදියුණු යුගයේ මිනිසුන්වත් නොකරන වනචාරි ත්‍රියාවකි. මෙවැන්නන්ට දේව දඩුවම ඉතා ඉක්මනින්ම ලගාවීම වැලැක්විය නොහැකිය.(නු)
චන්ද්‍රසිරි Tuesday, 06 November 2012 02:40 PM
මෙහෙමත් නීතියක්..!(නු)
නිරන් Tuesday, 06 November 2012 04:01 PM
තාමත් වාණර යුගයේ..!(නු)
නිමල් Tuesday, 06 November 2012 04:05 PM
මෝඩ අදහසක්. ඒ කට්ටියගේ අම්මගේ වැරද්ද තමයි.. පව් ඒ ගැහැණු ළමයා.. කොච්චර පව් කරලා ඇද්ද ඔය වගේ පහත් රටක ඉපදෙන්න..!(නු)
සිරා Tuesday, 06 November 2012 05:03 PM
මොන අම්මලා තාත්තලාද? වයසට ගියාම තේරෙයි අගය ළමයි නැති..(නු)
හිරන්ත Tuesday, 06 November 2012 06:04 PM
කොල්ලෙකු දෙස බැලුවට නෙමෙයි කොල්ලෙක් එක්ක රවුම් ගහලා අහුවෙලා..!(නු)
හීනා අරිස් Tuesday, 06 November 2012 06:17 PM
අපේ කුරාන් එක කාවවත් මරන්න කියලා කවදාවත් කියලා නැහැ.. පිරිමින්ට වගේම ගැහැණුන්ටත් සමාන අයිතිවාසිකම් තියෙනවා.. ආගමානුකූලව.. පිරිමියෙක් බැලුවා කියලා නෙවෙයි වෙන සිද්ධියක් මුල් වෙන්න ඇති මේ කාන්තාව මරලා දාන්න.. නොදන්න දෙයක් ගැන කතා කරන්න එපා.. ආගම් ගරහන්න එපා.. හැමෝටම තමන්ගේ ආගම උසස්.. මටත් එහෙමයි.!(නු)
තරිදු Tuesday, 06 November 2012 06:09 PM
අනේ කාලේ වනේ වාසේ..!(නු)
මංජු Tuesday, 06 November 2012 06:12 PM
අල්ලාගේ කට්ටිය ඔහොම තමයි.. (නු)
මධු Tuesday, 06 November 2012 12:19 PM
දෙයියෝ මොලේ දීලා නැහැ..!(නු)
මුතු Tuesday, 06 November 2012 08:00 PM
මිනිස්සු මේ තරම් දරුණු උනාම ඇති
නාපාවල කටාර් Tuesday, 06 November 2012 08:20 PM
මම හිතන විදිහට අපේ ධර්මදීපයේ සුළං එහෙටත් වැදිලද කොහෙද.(නි)
ප්‍රභාත් Tuesday, 06 November 2012 08:12 PM
කොහේද මන්දා මොළය තියෙන්නේ? (නි)
කාන්ති Tuesday, 06 November 2012 09:57 PM
මේ තරම් දරුණුද මේ මිනිස්සු
මධු Tuesday, 06 November 2012 10:04 PM
දෙවියන්ගේ කැමැත්තට වුණ දෙයක් නෙමෙයි මේ. (නි)
සඳුන් Tuesday, 06 November 2012 10:24 PM
අරිස්, ඔයා එහෙනම් කුරාණේ හරියට කියවලා නෑ. ගැහැණුන්ට සමාන අයිතිවාසිකම් නැහැ. කුරානේ තියෙන්නේ ගැහැණියෙකුගේ වටිනාකම පිරිමියෙකුගේ වටිනාකමෙන් භාගයයි කියලා. ඔක්කොටම කලින් දැනුවත් වෙලා ඉන්න(ස)
එරංග Tuesday, 06 November 2012 10:45 PM
මට ආගමක් නෑ...ඒත් ආගමක් තියෙන මිනිස්සු මොනවද මේ කරන්නේ (ස)
ජය Tuesday, 06 November 2012 11:28 PM
මම මොනවා කියන්නද
බෆලොස් Wednesday, 07 November 2012 12:19 AM
නිකන් බොරු කියන්න එපා දොරේ. ඇවිල්ලම බලන්න මැද පෙරදිගට. එතකොට තේරෙයි. කුරානයේ තියෙන්නේ මොනවද, මෙයාලා කරන්නේ මොනවද කියලා. (නි)
රොහාන් Wednesday, 07 November 2012 02:30 AM
අල්ලාගේ කට්ටිය, අපේ කට්ටිය හැමෝම එහෙමයි. (නි)
නදී Wednesday, 07 November 2012 02:40 AM
වැඩි දවසක් යන්න කලින් කාන්තා හිගයක් ඒවි. (නි)