වසර 50 ක් පමණ තිස්සේ මිනීමැරීම්, පැහැරගැනීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වූ කොලොම්බියා ගරිල්ලා සංවිධානයක් වන ‘ෆාර්ක්’ (කොලොම්බියානු විප්ලවීය හමුදාව) සංවිධානයේ නායක ඇල්ෆොන්සෝ කැනෝ ඝාතනය කිරීමට එරට හමුදාව පෙරේදා (05) සමත් විය.
ඇල්ෆොන්සෝ කැනෝ (63) ඝාතනයත් සමඟ ගරිල්ලන් අමතමින් විශේෂ ප‍්‍රකාශයක් කළ කොලොම්බියා ජනාධිපති යුවාන් මැනුවෙල් සැන්ටෝස්, කියා සිටියේ අවි බිම දමා යටත් වන ලෙසය.
විප්ලවීය කැරැලිකරුවන් කණ්ඩායමක් ලෙස බිහිවූ ෆාර්ක් සංවිධානය, ආයුධ අතට ගත්තේ 1964 වසරේදී ධනවත් ඉඩම් හිමියන්ගෙන් අහිංසක ගැමියන්ට සිදුවන අසාධාරණකම්වලට එරෙහිවය. ඉන් වසර ගණනකට පසු ඔවුන් කොලොම්බියා රජය සමඟ අවි ගැටුමකට මුල පිරුවේ, මත්ද්‍රව්‍ය සහ අවි ජාවාරම් කිරීමත් ඒ හරහා ඔවුන්ගේ සංවිධානයට අරමුදල් රැස් කිරීමටත් පෙළඹීමෙන් පසුවය.
ගරිල්ලා සටන්කාමී සංවිධානයක් ලෙස ෆාර්ක් සටන්කාමීන් සහ කොලොම්බියා රජය නිරන්තරයෙන් ගැටුණු අතර අඩසියවසක් තිස්සේ පැවැති එම ගැටුම් නිසා මේ වනවිට මිලියන හතරකගේ ජීවිත අහිමිවී ඇතැයි ද වාර්තා වේ. ලතින් ඇමෙරිකා රටක පැවැති දීර්ඝතම සිවිල් යුද්ධය ද එයයි.
ගැටුම් පවතිද්දී පවා ජනාධිපති සැන්ටෝස්, ෆාර්ක් නායක ඇල්ෆොන්සෝ කැනෝ සමඟ අවස්ථා කිහිපයකදී සාම සාකච්ඡා පැවැත්වීමට උත්සහ කළ නමුත් එම උත්සාහයන් අසාර්ථක විය.
හමුදා ප‍්‍රහාරයකින් ඇල්ෆොන්සෝ කැනෝ මියගිය බව ෆාර්ක් සංවිධානය ද ඒ බව පිළිගෙන ඇතැයි වාර්තා වේ. හමුදාව බාරයට පත් කැනෝගේ මළ සිරුර රහස් ස්ථානයක තබා ඇති බව කොලොම්බියානු පුවත්පත් පෙන්වා දෙයි. කොලොම්බියා රජයට කැනෝ සැඟවී සිටි තැන සොයා ගෙන ඔහු ඝාතනය කිරීමට හැකි වූයේ වසර ගණනක් තිස්සේ තොරතුරු සොයමින් සහ ඒවා අධ්‍යනය කිරීමෙන් පසුව යැයි බුද්ධි අංශ වාර්තා පෙන්වා දෙයි.
කොලොම්බියාවේ කෝකා කඳුකරයේ ස්ථානයකට හමුදාව එල්ල කළ ප‍්‍රහාරයකින් කැනෝ පමණක් නොව ඔහුගේ පෙම්වතිය සහ තවත් සටන්කාමීන් කීප දෙනෙකු ද මියගිය බව හමුදාව පවසයි.
කැනෝ ඝාතනය කිරීමට සමත් වීම කොලොම්බියා ජනාධිපති සැන්ටෝස් ලැබූ විශාල ජයග‍්‍රහණයක් බවත්, නායකයාගේ මරණින් පසු ෆාර්ක් ගරිල්ලා සංවිධානය ඇද වැටෙනු ඇති බවත් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. එහෙත් ෆාර්ක් සංවිධානය පවසන්නේ තම නායකයා මියගියත් ඔහු ආරම්භ කළ සටන ජයග‍්‍රහණය තෙක් පවත්වාගෙන යන බවය.
කැනෝ මරා හෝ පණ පිටින් හෝ අල්ලා දෙන කෙනකුට ඇමෙරිකන් ඩොලර් 37 ලක්ෂයක ත්‍යාගයක් පිරිනැමීමට කොලොම්බියා රජය නිවේදනය කර තිබුණි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කොලොම්බියාවේ ෆාර්ක් ගරිල්ලා නායකයා හමුදා ප‍්‍රහාරයකින් මරුට