වැඩිපුර කෝපි පානය කරීම දියවැඩියා රෝගයෙන් මිදීමට හේතුවක් බව පර්යේෂකයෝ කියති. දිනකට කෝපි කෝප්ප 1 1/2 ක් වැඩිපුර පරිභෝජනය මගින් දෙවන ගනයේ දියැවඩියාව වර්ධනය වීම සියයට 11න් අඩුකර ගත හැකිබව කියති.
හාර්වඩ් විශ්වවිද්‍යාලයේ පෝෂණය පිළිබඳ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ආචාර්ය ෆ්‍රෑන්ක් හු සහ ආචාර්ය ශිල්ප බූපතිරාජු කෝපි පරිභෝජනය මගින් දියවැඩියාවටවන වෙනස්කම් පිළිබඳ ඇති සම්බන්ධය සොයා බැලීය.
වයස අවුරුදු 25-75 දක්වා කාණ්ඩවල දත්ත විශ්ලේෂණය කරන ලදී. පර්යේෂණයට බදුන් වූවන්ගේ භෝජනය, ජීවන තත්ත්වය, සෞඛ්‍ය සම්පන්න බව සහ වෙනත් පවතින නිදන්ගත රෝග පිළිබඳ විස්තරාත්මක තොරතුරු සෑම වසර දෙකේ සිට හතර දක්වා වසර 20ක් තිස්සේ එකතුකැර ඇත.
මේ අධ්‍යයනට සහභාගී වූ අය ඔවුන් දිනකට පානය කරන කෝපි ප්‍රමාණය කෝප්ප එකකින් හෝ දෙකකින් අඩුකළ විට දෙවන ගනයේ දියවැඩියා තත්ත්වය පිළිබඳ අනතුර සියයට 17න් වැඩි වූ බව සොයා ගෙන තිබේ.
දිනකට කෝපි කෝප්ප තුනක් හෝ ඊට වැඩියෙන් පානය කරන ලද අයගේ දියවැඩියා අවදානම අවම වී තිබේ. මේ පර්යේෂණය පිළිබඳ තොරතුරු යුරෝපීය දියවැඩියා අධ්‍යයනය පිළිබඳ ඩබෙටලොජියා නමැති සඟරාවේ ප්‍රසිද්ධ කැර තිබේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කෝපි පානයෙන් දියැවඩියාව වැළකේ
චන්ද්‍රසිරි Tuesday, 29 April 2014 01:29 AM
මටත් දෙවැනි ප්‍රමාණයේ දියවැඩියාව තියෙනවා කොපි බොන්න ඕනේ (දී)
චන්ද්‍රා Thursday, 01 May 2014 04:43 AM
පද්මිණි කියන දේ හරි.සතියකට වතාවක් හරි කරවිල කනවා නම් දියවැඩියාව හැදෙන්නේ නැහැ කියල පැරැන්නෝ කියනවා. හැබැයි තිත්ත ඉවත් නොකර.බය නැතිව පැණිරස කන්න ඊළඟ වේලට අනිවාර්යෙන් කරවිල කන්න. සතියකට වරක් සුදුලුනු පිස කන්න පුළුවන් නම් කරපිංචා කොළ කැඳ බොන්න. සතියකට වරක් ව්‍යායාම කරන්න. කම්මැලි නම් වොල්නුට්ස් තුනක් කන්න. කිසිම ලෙඩක් නැහැ ශරීරයේ අනවශ්‍ය මේදය නැහැ. ජීවිතය හොඳින් විඳින්න.(නදී)
අජිත් Wednesday, 30 April 2014 03:54 PM
නියමයි (දී)
ඉන්දික Wednesday, 30 April 2014 01:59 PM
කෝපි බිව්වම උදේට ආඩම්බර බලන්න වෙනවා. (ස)
පද්මිණි Wednesday, 30 April 2014 09:46 AM
ලංකාවේ නම් කෝපි බොන්ට ඕනේ නැහැ. කරවිල තියෙන්නේ සතියකට දෙතුන් වතාවක් සලාද හදල කන්න. ඕනෑම තිත්ත කෑමක් දියවැඩියාවට ගුණයි. (දී)
වසන්ත ඩෙන්මාර්ක් Tuesday, 29 April 2014 05:32 PM
මගේ වෘත්තීය දැනුම අනුවත්,පර්යේෂණ වල දැනුම අනුවත් කෝපි පානය කිරීම නිරෝගිකම සඳහා ඉතාම හොඳ පුරුද්දක් සහ බෙහෙතක්.අතුරු ආබාධ නොමැති තරම්.මිග්රේන් සහ ආමාශයේ තුවාල තිබෙන පුද්ගලයන් හැරෙන්නට ක්‍රීඩා කරන්නන් හට වඩාත් හොඳයි.හෘද රෝග තිබෙන රෝගීන්ට වුවත් හොඳයි. (නි)
සංජිව Tuesday, 29 April 2014 02:25 PM
දිව ඔසුවක් (දී)
ඉසුරන්දි Tuesday, 29 April 2014 02:00 PM
වැඩියෙන් කෝපි පානය කලාම ඇග වේළුම් කනවා කියන්නේ ඇත්තද?එතකොට කෝපි වලිනුත් දියවැඩියාව පාලනය කරගතහෙකිද? (දී)
අනුකි Tuesday, 29 April 2014 12:52 PM
කෝපි තමා ලෝකේ හොඳම බීම. (ස)
මාධවී Tuesday, 29 April 2014 05:52 AM
ලංකාව ඉන්දීය වගේ රටවල වැඩිපුර කොපි බොන අයගේ සම තද කළු පහ වෙනවා කියල මම අසා තිබෙනවා.(දී)
රණතුංග Sunday, 27 April 2014 06:29 AM
මම නම් මේ බව දැනගෙන නොවෙයි, දිනපතා කෝපි කෝප්ප හයක් විතර බොනවා. කෙසේ නමුත් මගේ ලේ පරික්ෂා කිරීමේදී සීනි තත්වයක් ඇත්තෙම නැහැ.මගේ සහෝදරයන් දෙදෙනෙකුට ලේ වල සීනි තත්වය සෑහෙන්න වැඩියි.ඔවුන් කෝපි පානය නොකරන තරම්. (ස)
නලින් යහම්පත් Monday, 28 April 2014 03:03 PM
බටහිර යුරෝපයේ එංගලන්තය හැරුනම අනික් සියලුම රටවල උදේ සිට සවස් වන තුරුම බොන්නේ කොපි . ඉතා කලාතුරකින් කෙනෙක් තමා තේ බොන්නේ. (ස)
ජගත් Monday, 28 April 2014 11:05 AM
ප්‍රදීප් කියන දේ හරියටම හරි .මැදුම් පිළිවෙත තමයි බොහෝ දේවල් වලට අනුගමනය කළ යුතු වන්නේ.(දිල්)
ප්‍රදීප් Monday, 28 April 2014 08:26 AM
කිසිම දෙයක් ප්‍රමාණය ඉක්මවා යන්න හොඳ නැහැ. මැදුම් පිළිවෙත අනුගමනය කළා නම් හරි. ඕවා අපිට දේශනා කරලා තියෙන්නේ අවුරුදු 2560කට කලින් (නි)
සම්පත් Monday, 28 April 2014 05:36 AM
ජපානෙ බහුතර මිනිස්සු වතුර වෙනුවට කෑම කාලා බොන්නේ ග්‍රීන් ටී. වතුර බොනවා හරි අඩුයි. වතුර ගණන් ග්‍රීන් ටී බෝතලයකට වැඩිය. හැබැයි ඉතිං ලෝකේ වැඩිම ආයුෂ හා ලස්සනම කිරිගරුඩ වගේ හම.(නදී)
කළණි Sunday, 27 April 2014 06:42 PM
කැනඩාවේ මිනිස්සු කෝපි බොන හැටියට එහෙනම් කාටවත් දියවැඩියාව නැති වෙන්න ඕනා. ඔය පර්යේෂණ ටික දවසකින් වැරදියි කියයි. ග්‍රීන් ටී තමයි හොඳ.(නදී)
ලකී Sunday, 27 April 2014 05:09 PM
ඕස්ට්‍රේලියානුවන් තදින්ම කෝපි පානයට ඇබ්බහි වුවන් ඔවුන් බොන්නේ සීනි නැති තද කළු කෝපි පමණි. ඔවුන්ට දියවැඩියාව නැති බව ඇත්ත. නමුත් හදවත් රෝග සහ පිලිකා රෝග වැඩියි.(නදී)
ලලන්ත Sunday, 27 April 2014 04:41 PM
මමත් අහලා තියෙන්නේ දිනකට කොපි කෝප්ප 2 ට වඩා බොන එක එතරම් හොඳ නැහැ කියලයි. වෙන වෙන අතුරු ආබාධ ඇතිවිය හැකියි.(දී)
අමිල Sunday, 27 April 2014 10:55 AM
රණතුංග , වැඩිපුර කෝපි බොන එකත් හොඳ නැහැ , හදවතට හානි වෙන්න පුළුවන් (දී)
ගාමින්ද Sunday, 27 April 2014 09:52 AM
හොද පුවතක් (දී)