ශ්‍රී ලංකාවට අලූතින් රජයක් පත්ව ඇතත් එහි ඇත්තේද පෙර තිබුණු මුහුණුවරම බව ශ්‍රී ලංකා සම්භවයක් ඇති දෙමළ ජාතික බටහිර ගායිකා මායා අරුල්ප්‍රගාසම් හෙවත් එම්.අයි.ඒ බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ පුවත් සේවාව හා පැවැත්වුනු සාකච්ඡාවකදී පැවසුවාය.
මහින්ද රාජපක්ෂ මහතා යුද අපරාධ සම්බන්ධයෙන් හෙග් නුවර අන්තර්ජාතික අධිකරණයට ගෙනයා යුතුවම ඇතැයිද ඇය අවධාරණය කළා
නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණයට දෙමළ ජනතාව වැඩි වශයෙන් දායක්වී ඇති බව පෙන්වා දුන් ඇය සැබෑ සංහිදියාවක් ඇතිවීමටනම් දෙමළ ජනතාව ඉල්ලා සිටින මූලික අවශ්‍යතා සපුරා දීමට නව රජය කටයුතු කළ යුතුව ඇතැයි කීවාය.
උතුරට හමුදා භට පිරිස් දිගින් දිගටම අනුයුක්ත කර තැබීම ඇතුලූව රාජපක්ෂ රජය දෙමළ ජාතිකයින්ට සිදුකළ හා තවමත් ක්‍රියාත්මකව පවතින කරදර හිරිහැර වහා නවතා දැමීමට නව රජය කටයුතු කළ යුතුව බව ඇය අවධාරණය කළාය.
යාපනයේ හැදී වැඩී තිබෙන එම්.අයි.ඒ යුධ සමයේදී සරණ පතා බ්‍රිතාන්‍යයට පළා ගොස් තිබෙන්නියකි.ඇයගේ ගීත බොහෝමයක් ඇය කියනා පරිදි ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව විඳීන ගැහැට තේමා කරගෙන නිර්මානයවූ ඒවාය.මෙම ගීත වලට අන්තර්ජාතිකව විශාල ප්‍රසිද්ධියක්ද හිමිව ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කෝවේ අලුත් : මූණු පරණයි
අශෝක Thursday, 15 January 2015 07:08 AM
ලැබුන ප්‍රසිද්ධිය තියාගෙන ලංකාවේ කෙනෙක් කියලා කිව්වට කමක් නෑ. (හේ)
ටී ජී ලියනගේ Thursday, 15 January 2015 07:43 AM
දෙමල ඡන්ද වලට සිංහල ආණ්ඩු පෙරලෙන රටේ, දැන් ඉතින් මේ වගේ කතා ඕනේ තරම් අහන්න ලැබෙයි. පටන් ගත්ත විතරනේ තව. (නදී)
රජීව් Thursday, 15 January 2015 11:39 AM
අපි කිව්වොත්නේ ජාතිවාදී වෙන්නේ. මෙයාල කිව්වොත් ඒක එයාලගේ අයිතිය. අපි අපේ රටේ මොනතරම් අසරණද ? (නදී)
ඉන්දු මෙල්බර්න් Friday, 16 January 2015 12:20 AM
රජීව් ඔබ හරි, මේ තවම පටන් ගත්ත විතරයි. මේ අසරණ ජාතිය ලෝකෙන්ම නැතිවෙලා යන දවස වැඩි ඈතක නෙවෙයි. (නදී)
පිටබැද්දර ජයා Friday, 16 January 2015 03:04 AM
යුධ හමුදාව රටේ හැමතැනම ස්ථානගත කරලා ඉන්නේ නෝනේ, රටේ ආරක්ෂාවට. ඔයාලට දැන් මේ ලැබිලා තියෙන නිදහසම මදිද ? අද ඔයාලගේ දරුවෝ නිදහසේ පාසල් යන්නේ නැද්ද ? බයක් සැකක් නැතුව කෝවිලකට යන්නේ නැද්ද? කැමති දේශපාලනයක් කරන්නේ නැද්ද? නිකන් ජාතිවාදය අවුස්සලා නැවත මේ රට මළගෙයක් කරන්න එපා. අද දෙමළ- සිංහල මිනිස්සු අතරේ හොඳ සංහිඳියාවක් ඇතිවේගෙන එනවා. ඒක සුබ දසුනක් (නි)
සමන් පෙරේරා Friday, 16 January 2015 04:42 AM
එම්.අයි.ඒ කියන්නේ යුරෝපේ ජනප්‍රිය ගායිකාවක් ලු. හැබැයි කොටි නිෂ්පාදනයක්, ඔය කියන ඒවා ගණන් ගන්න එපා බල්ලෝ බිරුවට කඳු කඩන් වැටෙන්නේ නැහැ. කවදා හරි ඔය යුරෝපයටත් වෙන්නේ ඇෆ්ගන් වලට වෙච්ච දේ. දැන් අයි.එස්.අයි.එස් ප්‍රශ්න, ඊළගට දෙමල ප්‍රශ්න බලාගෙන ඉන්නකෝ (නදී)
තේෂාන් Friday, 16 January 2015 06:44 AM
මමනම් කියන්නේ මෙයාට බේතක් දෙන්න ඕන. (හේ)
ඩිල්ෂාන් Saturday, 17 January 2015 02:13 AM
සමන් හරි, සමහරු හිතාගෙන ඉන්නේ ලංකාවේ දේශපාලනය කෙරෙන්නේ එයාලට ඕනෑ විදියට කියලා. (නි)
ශාන සෞදි Saturday, 17 January 2015 08:45 AM
එම්.අයි.ඒ කියන්නේ යුරෝපේ ජනප්‍රිය ගායිකාවක් ලු. හැබැයි කොටි නිෂ්පාදනයක්, ඔය කියන ඒවා ගණන් ගන්න එපා බල්ලෝ බිරුවට කඳු කඩන් වැටෙන්නේ නැහැ. අපි දිනුවේ අපේ ඡන්ද වලින්. උතුර නැගෙනහිර සම්පුර්ණයෙන්ම අයින් කලත් මෛත්‍රීපාල මහතා දිනුම්. ඕනවට වැඩිය උදම් අනන්න එපා. සුළුතර ජනතාවගෙන් දිනුවේ කියල ජයලලිතට උනදේම තමා වෙන්නේ. වෙන රටවල ඉදන් අපේ රටේ දේවල්වලට කට නොඅරින තරමට තමන්ට ගුණයි. හොඳට මතක තියා ගන්න අරුල්ප්‍රගාසම් ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් කියලා (නදී)
සුදු මල්ලී Saturday, 17 January 2015 03:44 PM
මෙයාල කියන හැටියට දැන් තියෙන කරදර මොනාද ? (නදී)
වසන්ත Saturday, 17 January 2015 06:17 PM
කොහොමත් මේ අය හිතන්නෙම වෙනම රාජ්‍යයක්. මොකද ලෝකේ කිසිම තැනක එයාල වෙනුවෙන් නැහැනේ එහෙම තැනක්. අපේ සමහර දේශපාලන නායකයින්ගේ වැඩ නිසා තමයි මෙහෙම වෙන්නේ. මෙවැනි අයගේ කීම් වලට යුරෝපේ තැනක් තියනවා. සත්‍ය තේරුම් ගන්න. නමුත් මේ සිංහල බෞද්ධ රටට කිසිම කෙනෙක්ට හානියක් කරන්න බැහැ. (නදී)
සමන්ති Saturday, 17 January 2015 08:23 PM
ලලිතා අක්කා ලංකාවේ ප්‍රශ්න පෙන්නලා හම්බකලා. තමිල්නාඩු මිනිස්සු කොතරම් මෝඩ උනාද ? කවුරුත් යුද්ධය වික්කා (නදී)
අවන්ති Sunday, 18 January 2015 02:56 AM
මේ දවල් හීන දකින්න එපා. අපේ රටට කෙනෙහිලිකම් කරන්න රටේ ජනතාව ඉන්නකම් බැහැ. (නදී)
කසුන් ධර්මවංශ Sunday, 18 January 2015 10:00 AM
අපි අපේ සිංහල කමට කතාකරම ජාතිවාදීන් ලෙස අපේම අය අපිව හංවඩු ගහන රටකනේ අපි ඉන්නේ. දැන්වත් ඇස් ඇරලා බලපල්ලා (නදී)
නදීක Monday, 19 January 2015 07:07 PM
සිංහල දමිළ මුස්ලිම් සියලුම දෙනා ඉතාමත් සමගියෙන් සතුටෙන් කාලා බීලා හොඳින් ඉන්නවා.ජාතිවාදය අවුස්සන අයට බෙහෙතක් දෙන්න ඕනෑ. (නි)