X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 02 වන බදාදා


ගංගා නදිය පිටාර ගලා ඉන්දීය නගරයක් බිලිගනී

නොකඩවා ඇද හැළෙන මහ වැසි හේතුවෙන් ගංගා නදිය පිටාර ගැලීමෙන් හටගත් සැඬ රළ පහරට හසුවී, ඉන්දියාවේ හිමාල කඳු පාමුල පිහිටි උත්තරකාන්ද් ප‍්‍රාන්තයේ රුද්‍රප‍්‍රයාග් දිස්ති‍්‍රක්කයේ නගරයක් මුළුමනින්ම විනාශ වූ අතර 23 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
සහන සේවා නිලධාරීන් පවසන්නේ, පුද්ගලයන් 50 දෙනෙකු ජල ගැලීම්වලට හසුවී ගසාගෙන යෑමෙන් අතුරුදන්ව ඇති බවය. ඊට අමතරව නිවාස අහිමිවීමෙන් ලක්ෂයකට වැඩි පිරිසකට උන්හිටිතැන් අහිමි විය.
සැඬ ජල පහර, ගස් පෙරළා ගෙන නිවාස සුනු විසුණු කරමින් නගරය හරහා ගලා ගිය බවත් නිවාස සහ ගොඩනැගිලි අසුරු සැණින් බිමට සමතලා වූ බවත් ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.
උත්තරකාන්ද් ප‍්‍රාන්තයේ සෙසු දිස්ති‍්‍රක්කවලින් ද ජල ගැලීම් සහ නාය යෑම් වාර්තා වේ.
සැඬ පහරට හසුවී මාර්ග විනාශ වීමෙන් කොටු වූ පිරිස් බේරා ගැනීමට ඉන්දීය හමුදාව කටයුතු කළ අතර ඒ සඳහා හෙලිකොප්ටර් යානා ද යොදා ගැනිණ. සහන සේවා නිලධාරීන් පැවැසුවේ, අධික වර්ෂාව නිසා එම සහන සේවා කටයුතුවලට බාධා එල්ල වූ බවය.  ඉන්දියාවේ සෙසු ප‍්‍රාන්තවලට ද මේ වනවිට මහ වැසි ඇදහැළෙමින් පවතින අතර නවදිල්ලි නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වසා දැමීමට ද බලධාරීන්ට සිදුවිය. ඒ, ගුවන්තොටුපොළ ජලයෙන් යටවීම නිසාය.
ධාරාණිපාත වැසි හේතුවෙන් ගුවන් ගමන් සහ දුම්රිය ගමන්වලට ද බාධා එල්ල වී ඇතැයි ද පැවැසෙයි. ඉන්දීය කාලගුණ විද්‍යා බලධාරීන් පවසා ඇත්තේ ඉදිරි තෙදින පුරාවට ද දිගටම මහ වැසි ඇදහැළීමේ අවදානමක් පවතින බවය.

 

ප‍්‍රචණ්ඩ රළ පහර නගරයට කඩා වැදුණු අවස්ථාව
 
මාර්ග සෝදා ගොස් මෝටර් රථ  අනතුරට පත්ව ඇති අයුරු
 
මාර්ගයක් නායයෑමෙන් කොටුවූ පිරිස්

 



අදහස් (0)

ගංගා නදිය පිටාර ගලා ඉන්දීය නගරයක් බිලිගනී

වාසනා Wednesday, 19 June 2013 12:36 PM

ඉන්දියන් බලදාරීන් වැස්ස අඩු කාලයට බංග්ලා දේශයට වතුර නැති කරනවා. වැස්ස වැඩි කාලයට ගං වතුර බංගලා දේශය දිසාවට හරවනවා. එබැවින් ගංගාව කෝප වී ඇත.(නදී)

:       0       0

සංජු Friday, 21 June 2013 09:29 AM

හොදට හෝදලා තියනවා වැහි දෙවියෝ. .ඉන්දියාවේ මිනිස්සු හරිම අපිරිසිදුයි වැසිකිලියත් ඉතින් පාරේම තමා.(නදී)

:       0       0

විමල් Thursday, 20 June 2013 09:37 PM

අපේ මව්බිම ඉන්දියව් අපි ආවෙ ඉන්දියාවෙන් අපේ ආගම ආවෙ ඉන්දියාවෙන් එහෙ ඉන්නේ අපේ මිනිස්සු මම හදවතින්ම දුක්වෙනවා මේ කරදරයට පත් උන ජනතාව වෙනුවෙන් (අ)

:       0       0

දම් Thursday, 20 June 2013 04:34 AM

වාසනා,ඔබ හරියටම හරි. වැස්ස නැතත් බංගලාදේශය වතුරෙන් යට වෙන්නේ ඉන්දියාවේ වාරි කළමනාකරණය නිසා. මෙයාලගේ වැඩ දකුණු ආසියාවටම පිළිලයක්. (නි)

:       0       0

සුරේෂ් Wednesday, 19 June 2013 07:45 PM

මිනිස්සු ස්වභාවධර්මයට කරපු දේවල්වල ප්‍රතිවිපාක. දුකට පත්වුන අයට ඉක්මන් සුවය ලැබේවා!(නදී)

:       0       0

රන්ජනී ලන්ඩන් Wednesday, 19 June 2013 04:36 PM

ලංකාවේ මිනිස්සුන්ගේ වෛරය මොකද මේ ? මේවා ස්වාහාවික දේවල්. සුනාමිය,ධීවරයෝ විපතට පත්වුණා කව්රුත් අහිංසක අය නේද?මේ වගේ දේවල් පලි ගන්න දේවල් නොවේ. ජයලලිතා වුනත් කරපු පව් ලගදීම විදවන්න වේවි. (නි)

:       0       0

ගාමිණී-සිරි Wednesday, 19 June 2013 03:48 PM

දඹදිව වන්දනාකරුවන්ගේ නහයවල් ඉවර ඇති.ඉවසන්න බැහැ මල,මුත්‍රා ගඳ හේදිලා යන්න වැස්ස එකනම් හොඳා.ගඟේ පතුල වැල්ල පෑදිලා තිබුනේ.සාමාන්‍ය ජනතාවට වැස්ස සිදුකළ උපද්‍රව ගැන මොනවා වුනත් දුකයි (නි)

:       0       0

නලීන් Wednesday, 19 June 2013 01:17 PM

මේවා ස්වබාවික විපත්. මොන රටක වුනත් වෙන්න පුළුවන්. කව්රුත් මිනිස්සු. අමතක කරන්න එපා අපිටත් සුනාමි ඇවිත් අපේ මිනිස්සු දුක් වින්ද හැටි (නි)

:       0       0

සම්පත් Wednesday, 19 June 2013 12:45 PM

ජයලලිතාගේ ගෙදරට ආවා නම් නියමයි. (නදී)

:       0       0

රාණි Wednesday, 19 June 2013 10:17 AM

ඉන්දියාවේද? එහෙනම් කමක් නැහැ. (නි)

:       0       0

අරුණ Wednesday, 19 June 2013 12:10 PM

ජයලලිටට වෙන්නේ නැහැනේ මේ වගේ දේවල් (අ)

:       0       0

ලාල් ජකර්තා Wednesday, 19 June 2013 11:41 AM

අපේ රටට මෙවැනි විපතක් වුනොත්,හිතට මොනවගේ වේදනාවක් ඇතිවෙයිද?පව්. (නි)

:       0       0

කිරිහාමි Wednesday, 19 June 2013 11:25 AM

ලංකාවේ (ආර්.ඩී.ඒ.) එකෙන් කරපු පාරවල් ඔහොම වෙන්නේ නැහැ (නි)

:       0       0

නිලූ Wednesday, 19 June 2013 11:24 AM

ඉන්දීයාවේ මිනිස්සු ඔය ගඟට වදිනවා. ගඟේ නානවා, මිනි අළු දානවා, මිනි පාකරලා අරිනවා, වැසිකිලි මාර්ග හරවනවා, කුණු කානු හරවනවා. ගඟට තරහ ගිහින් දෙන්න ඇති පිටාර යන්නම.(නදී)

:       0       0

චානුක රණවීර Wednesday, 19 June 2013 11:14 AM

මිනිස්සු පව් ඒත් ඉන්න්දියව කියන්නේ මහා ජරා රටක් අපිට කොතරම් වින කටිනවද ඔවුන්.(නදී)

:       0       0

ලාල් Wednesday, 19 June 2013 10:56 AM

රනි,අනුන්ට මොනවා වුනත් කමක් නැහැ ,තමන්ගේ කටබඩ පිරෙනවා නම් කියන ප්‍රතිපත්හියේද ඔයා ඉන්නේ. (අ)

:       0       0

නන්දන Wednesday, 19 June 2013 10:45 AM

කොටි පුහුණු කලාට,පරිප්පු බෙදුවට,ඉන්දියන් හමුදාව බලෙන් එවුවට, වඩමාරච්චි වල හිරවෙලා හිටපු ප්‍රභාකරන් හෙලිකොප්ටරේක දමාන දිල්ලි එකරන් ගියාට මෙහෙම වෙලා මදි. (අ)

:       0       0

රිස්වාන් ඩුබායි Wednesday, 19 June 2013 10:41 AM

රානි කව්රුත් මිනිස්සු ..නිකම් කට තිබ්බ පලියට දොඩවන්න එපා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site