ඝාතනයට ලක්වූ කර්නල් මුහම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල්-ඉස්ලාම් සහ ගඩාෆිගේ හිටපු බුද්ධි ප්‍රධානි අබ්දුල්ලා අල්-සෙනුස්සි හේග්හි පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත භාරවීමට යති. ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ ගඩාෆිට සිදුවූ ඉරණම ඔවුන්ටද අත්වේයැයි බියෙන් විය යුතුයැයි ලිබියා අන්තර්වාර රජයේ නිලධාරියකුවන අබ්දෙල් මජිඞ් ම්ලෙග්ටා පැවැසීය. සයිෆ් අල්-ඉස්ලාම් යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණය ඉදිරියට පැමිණවීමට අවශ්‍යව සිටි අයෙකි. ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුද නිකුත් කර තිබුණි. ලිබියාවේ කැරැලිකරුවන් සර්ටේ නගරයේ පිහිටි ගඩාෆිගේ මන්දිරය අත්කර ගැනීමෙන් පසු සායිෆ් අල් ඉස්ලාම් ගැන කිසිම තොරතුරක් මාධ්‍ය මගින් හෝ හෙළිනොවුණි. ඔහු ලිබියා-නයිජර් දේශසීමාව ආසන්නයේ සැඟවී සිටිතැයි රාවයක් පැතිර ගොස් තිබුණි. තමාට මෙම ආරංචිය ලැබුණේ නව රජයේ ඔත්තු සේවාවෙන් යැයි පැවසූ අබ්දෙල් මජීඞ්, සායිෆ් හා හිටපු බුද්ධි ප්‍රධානි අබ්දුල්ලා අල්සේනුස්හි අසල්වැසි රටක ආධාරයෙන්, හේග්හි ජාත්‍යන්තර අපරාධිකරණය හමුවට යාමට සිතාගෙන සිටින බව පැවසීය. එහෙත්, එම තැරැව්කාර රට කුමක්දැයි මජිඞ් හෙළිකර නැත. සායිෆ් අල්-ඉස්ලාම්ට හා බුද්ධි ප්‍රධානි අබ්දුල්ලා හට නයිජර් රාජ්‍යයෙහි රැකවරණ අවශ්‍ය නම්, අධික මුදලක් දෙන ලෙස නයිජර් බලධාරීන් පවසා ඇති බවද හෙළිවේ. ගඩාෆි පුතු සයිෆ් හා හිටපු බුද්ධි ප්‍රධානි අබ්දුල්ලා ජාත්‍යන්තර යුධාධිකරණයට හමුවට පැමිණේදැයි විමසීමට එම අධිකරණය නිලධාරියකු සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බව ලිබියාවේ අන්තර්පාලන රජයේ අබ්දෙල් මජීඞ් පැවැසීය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගඩාෆි පුත් සයිෆ්-බුද්ධි ප්‍රධානි අබ්දුල්ලා ජාත්‍යන්තර අධිකරණයට භාරවීමට යති