X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


ගඩාෆි මැරුවත් ලිබියාවට තවමත් නිදහස ලැබිලා නෑ

කර්නල් මුවම්මාර් ගඩාෆි ඝාතනය කර ඔහුගේ පාලනය අවසන් කර වසරක් ගත වී ඇති නමුත් ලිබියාවට තවමත් ‘නිදහස’ ලැබී නැතැයි ලිබියාවේ නව රජයේ ප‍්‍රධානියා වන මොහොමඞ් මැගාරීෆ් පවසයි. ඔහු මේ බව කියා සිටියේ ඉකුත් 20 වැනිදා රූපවාහිනිය ඔස්සේ ජාතිය ඇමැතූ අවස්ථාවේදීය. ලිබියා කැරැල්ල උත්සන්න වීමෙන් පසු කැරැලිකරුවන් සැඟවී තුවාල ලබා සිටි ගඩාෆි සොයා ඔහු අමු අමුවේ මරා දැම්මේ ඉකුත් වසරේ ඔක්තෝබර් 20 වැනිදාය. එම අවස්ථාවේ කැරැලිකරුවන් නියෝජනය කරමින් ලිබියාවේ දේශපාලන හඬ ලෙස කටයුතු කළේ මොහොමඞ් ජිබ්රිල්ගේ නායකත්වයෙන් යුත් ලිබියානු අන්තර්වාර පාලක මණ්ඩලයයි. එම පාලක මණ්ඩලය පසුගිය අගෝස්තු මාසයේදී ජාතික පාලක මණ්ඩලයකට බලය පැවැරූ අතර එහි ප‍්‍රධානියා ලෙස කටයුතු කරන්නේ මොහොමඞ් මැගාරීෆ්ය. ගඩාෆිගේ පාලනය අවසන් කිරීමට ලිබියානු විපක්ෂ කණ්ඩායම් සහ කැරැලිකරුවන් එක්ව අවි අතට ගත් අවස්ථාවේදී ඔවුන්ට අවි ආයුධ දී ශක්තිමත් කළේ ඇමෙරිකාව, ප‍්‍රංශය සහ බි‍්‍රතාන්‍යය යන බටහිර රටවල්ය. ගඩාෆි හමුදා පරාජය කරමින් ලිබියාව තම ග‍්‍රහණයට නතු කර ගැනීමට කැරැලිකාර පාර්ශ්වයට හැකියාව ලැබුණේ නේටෝවේ ගුවන් ප‍්‍රහාරවල පිහිටෙනි. ගඩාෆි පාලනය නිමා කිරීමට අවි අතට ගත් ඇතැම් සන්නද්ධ කල්ලි, අවි බිම දමා නැති අතර ඔවුන් ලිබියාවේ වත්මන් රජයට ද එරෙහිව කි‍්‍රයාකරයි. එම හේතුව නිසා ලිබියාව මුළුමනින්ම අස්ථාවර වී ඇති අතර ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ද ඉහළ යමින් පවතී. කැරැලිකරුවන්ට බටහිර රටවලින් විශාල වශයෙන් ආයුධ ලැබුණු අතර ඒවා මේ වනවිට අල් කයිඩා සටන්කාමීන් අතට පත් ව ඇති බව ද වාර්තා වේ. මීට මාසයකට පමණ පෙර ලිබියාවේ බෙන්ගාසි නුවර පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයට සන්නද්ධ පිරිසක් පහර දුන්නේය. එම පිරිස ලිබියානු නව රජයට විරෝධය දක්වන පිරිසක් බවත් අල් කයිඩාවේ ද සහාය ඔවුන්ට ලැබුණු බවත් පසුව අනාවරණය විය. එම ප‍්‍රහාරයෙන් ලිබියාවේ ඇමෙරිකානු තානාපති ඇතුළු සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මේ අතර ඉතිරි වූ ගඩාෆි හිතවාදී සන්නද්ධ කල්ලියක් ඉකුත් 18 වැනිදා ලිබියා රජයේ හමුදා සෙබළුන් පිරිසක් අතර ගැටුම් ඇති කර ගත්තේය. ඒ, ටි‍්‍රපොලි අගනුවර සිට කිලෝමීටර් 170 ක් ඈතින් පිහිටි බානි වලීඞ් නගරයේය. බානි වලීඞ් නගරය ගඩාෆිගේ අවසන් බලකොටුව ලෙස ද සැළකෙයි. එම අවි ගැටුමින් 11 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර 75 දෙනෙක් තුවාල ලැබූහ. බානි වලීඞ් රෝහල් ආරංචි මාර්ග පැවැසුවේ ගැටුමින් තුවාල ලැබූවන්ගෙන් වැඩිදෙනා සිවිල් වැසියන් බවය. රටේ තවමත් කි‍්‍රයාත්මක, රජයට විරෝධය දක්වන සන්නද්ධ කල්ලි නිරායුධ කිරීමට ලිබියා රජය මේ වනවිට තීරණයක් ගෙන ඇත. එම කටයුතු කඩිනමින් ආරම්භ කෙරෙන බව ද මොහොමඞ් මැගාරීෆ් අවධාරණය කරයි. බානි වලීඞ් නගරයේ ගැටුම් සමථයකට පත් කිරීමට විශේෂ හමුදා බළඇණි කිහිපයක් යැවීමට කටයුතු කළ බව ද හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය. මේ අතර ලිබියා රජය සමඟ එක් වී, එරට කි‍්‍රයාත්මක ආයුධ සන්නද්ධ කල්ලිවලට එරෙහිව සටන් කිරීමට, කොමාන්ඩෝ බළඇණියක් පිහිටුවීමට ඇමෙරිකාව සූදානම් වෙයි. එම බළඇණිය සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 8 ක මුදලක් යෙදවීමට ඇමෙරිකානු කොංග‍්‍රස් මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත.



අදහස් (0)

ගඩාෆි මැරුවත් ලිබියාවට තවමත් නිදහස ලැබිලා නෑ

නාපාවල කටාර් Monday, 22 October 2012 02:26 PM

ලිබියාව ඉතා සාමකාමීව පැවති රටකි. ඇමරිකාව ඇතුළු බටහිර රටවලට වුවමනා වුණේ තමන්ට අවනත පඹයෙක් පුටුවේ ඉන්දවීමයි .මේ සඳහා කළේ විපක්ෂයට ආයුධ දී කුලප්පු කිරීමයි. අපේ රටටත් කරන්න හැදුවේ මේ ටික තමා . ජනාධිපතිතුමා කෙලින් හිටිය නිසා බේරුණා. (නි)

:       0       0

නසාර් Monday, 22 October 2012 04:49 PM

නැවතත් අවි ගන්න යුද්ධ කරනවා. (නි)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Monday, 22 October 2012 06:42 PM

ඇමරිකාව ප්‍රමුඛ රටවල් පය තිබ්බ රටක වල් පැලෑටියක්වත් පැල නොවෙනබව මෙයින් මනාව ඔප්පු වේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site