X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


ගඩාෆි හිතවාදීන් ලිබියා රජයේ හමුදා සමඟ ගැටී 11 ක් මරුට:

ඝාතනයට ලක් වූ ලිබියානු නායක කර්නල් මුවමාර් ගඩාෆිට පක්ෂපාතී සටන්කාමීන් කණ්ඩායමක් සහ ලිබියා රජයේ හමුදා සෙබළුන් පිරිසක් අතර ඊයේ (18) හටගත් දරුණු අවි ගැටුමකින් 11 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර 75 දෙනෙක් තුවාල ලැබූහ. ගැටුම හට ගත්තේ ලිබියාවේ ටි‍්‍රපොලි අගනුවර සිට කිලෝ මීටර් 170 ක් ඈතින් පිහිටි බානි වලීඞ් නගරයේය. බානි වලීඞ් නගරය ගඩාෆිගේ අවසන් බලකොටුව ලෙස ද සැළකෙයි. ගැටුම හටගත්තේ ගඩාෆි ඝාතනය වී වසරක් ගත වීමට ආසන්න වෙද්දීය. ලිබියා කැරැල්ල උත්සන්න වෙද්දී බටහිර රටවල සහාය ලැබූ ලිබියා කැරැලිකරුවන්, සැඟවී සිටි ගඩාෆි අමු අමුවේ මරා දැම්මේ ඉකුත් වසරේ ඔක්තෝබර් 20 වැනිදාය. බානි වලීඞ් රෝහල් ආරංචි මාර්ග පවසන්නේ ගැටුමින් තුවාල ලැබූවන් 75 දෙනකු රෝහල් ගත කළ බවය. ඔවුන්ගෙන් වැඩිදෙනා සිවිල් වැසියන් බවත්, වයස අවුරුදු 14 ක දැරියක ද ඒ අතර සිටින බවත් වාර්තා වේ. ලිබියා රජය ඊයේ සවස ප‍්‍රකාශ කළේ බානි වලීඞ් නගරයේ ගැටුම් සමථයකට පත් කිරීමට විශේෂ හමුදා බලඇණි කිහිපයක් බවය. ගඩාෆි පාලනය අවසන් කිරීමෙන් පසුවත් ලිබියාවේ ගැටුම් අවසන් වී නැත. ගඩාෆි පාලනය නිමා කිරීමට අවි අතට ගත් ඇතැම් සන්නද්ධ කල්ලි එම අවි බිම දමා නැති අතර ඔවුන් ලිබියාවේ වත්මන් රජයට ද එරෙහිව යයි. එම හේතුව නිසා ලිබියාව මුළුමනින්ම අස්ථාවර වී ඇති අතර ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ද ඉහළ යමින් පවතී. මේ හේතුව නිසා ලිබියා රජය සමඟ එක් වී, එරට කි‍්‍රයාත්මක ආයුධ සන්නද්ධ කල්ලිවලට එරෙහිව සටන් කිරීමට, කොමාන්ඩෝ බළඇණියක් පිහිටුවීමට ඇමෙරිකාව සූදානම් වෙයි. එම බළඇණිය පිහිටුවීමට ඇමෙරිකන් ඩොලර් මිලියන 8 ක මුදලක් යෙදවීමට ඇමෙරිකානු කොංග‍්‍රස් මණ්ඩලයේ අනුමැතිය ද හිමිවී ඇතැයි ද වාර්තා වේ. ඇමෙරිකා රජය ලිබියාවේ ආරක්ෂක කටයුතුවලට මැදිහත් වීමට සැරසෙන්නේ මීට මාසයකට පමණ පෙර ලිබියාවේ බෙන්ගාසි නුවර පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයට සන්නද්ධ පිරිසක් එල්ල කළ ප‍්‍රහාරයෙන් පසුවය. එම ප‍්‍රහාරයෙන් බෙන්ගාසි නුවර සිටි ඇමෙරිකා තානාපති ඇතුළු ඇමෙරිකානු ජාතිකයෝ සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශය පවසන්නේ තානාපති කාර්යාලයට පහර දුන්නේ අල් කයිඩා සටන්කාමීන් කියාය.



අදහස් (0)

ගඩාෆි හිතවාදීන් ලිබියා රජයේ හමුදා සමඟ ගැටී 11 ක් මරුට:

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site