ඝාතනය කෙරුණු ලිබියාවේ හිටපු නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ හිතවාදීහු පිරිසක් පෙරේදා (23) එරට පාලනය අතට ගෙන සිටින ආයුධ සන්නද්ධ කැරැලිකරුවන්ට පහර දී බානී වාලීඞ් නගරය අත්පත් කර ගත්හ. ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ පාලනය අවසන් කිරීමෙන් පසු ලිබියාවේ පාලනය අතට ගෙන සිටින්නේ ජාතික අන්තර්වාර පාලක මණ්ඩලයයි. ගඩාෆි හිතවාදීන් බානී වාලීඞ් නගරයට කඩා වැදී පහර දුන්නේ අන්තර්වාර පාලක මණ්ඩලයට සම්බන්ධ කැරැලිකරුවන්ටය. ගඩාෆි හිතවාදීන් සහ එම කැරැලිකරුවන් අතර ගැටුම පැය ගණනක් තිස්සේ පැවැතුණු අතර එම ගැටුවේදී කැරැලිකරුවෝ හත් දෙනෙක් මිය ගියහ. ගැටුම්වලින් තවත් 20 දෙනෙක් තුවාල ලැබූහ. ගඩාෆි හිතවාදීන් බානී වාලිඞ් නගරයට පහර දී ඇත්තේ බර අවි සහ යුද ටැංකි නාශක අවි යොදා ගනිමින් යැයි කැරැලිකාර පාර්ශ්වය පවසයි. ඔවුන් පැමිණ ඇත්තේ කොළ පැහැකි ධජ අතැතිවය. එය ගඩාෆි පරිපාලනයේ සංඛේතයයි. බානී වාලිඞ් නගරය පිහිටා ඇත්තේ ලිබියාවේ ටි‍්‍රපොලි අගනුවර සිට කිලෝ මීටර් 200 ක් පමණ දුරිනි. ”බානී වාලීඞ් නගරයේ පාලනය මේ වනවිට ඇත්තේ ගඩාෆි හිතවාදීන් අතේ. ඔවුන්ගෙන් නගරය මුදා ගැනීමේ මෙහෙයුම් මේ වනවිට ආරම්භ කර තිබෙනවා. ලිබියා නව පාලනයට හිතවත් කැරැලිකාර කණ්ඩායම් කිහිපයක් ඔවුන් සමඟ සටනට යොදවා තිබෙනවා. ගුවන් ප‍්‍රහාර ද එල්ල කිරීමට සූදානම් වෙනවා” යැයි ජාතික පාලක මණ්ඩලය පවසයි. ගඩාෆිගේ පාලනය පෙරළා දැමීමට ආයුධ අතට ගෙන සටන් වැදුණු කැරැලිකාර පාර්ශ්වයේ ‘දේශපාලන හඬ’ වූයේ ලිබියා ජාතික අන්තර්වාර පාලක මණ්ඩාලයයි. බානී වාලීඞ් නගරය ගඩාෆි හිතවාදීන් අතට පත්වීම අන්තර්වාර පාලක මණ්ඩලයට හිසරදයක් වී ඇත. ලිබියාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමේ අරමුණින් මේ වසරේ මහ මැතිවරණයක් පැවැත්වීමට ලිබියා ජාතික අන්තර්වාර පාලක මණ්ඩලය සැරසෙයි. එහෙත් ලිබියා වැසියන් චෝදනා කරන්නේ පාලක මණ්ඩලය තමන්ට වාසි වන අයුරින් එම මැතිවරණ පැවැත්වීමට සැරසෙන බවය. කෝපයට පත් ලිබියා විරෝධතාකරුවෝ පසුගියදා බෙන්ගාසී නුවර පිහිටි ලිබියා ජාතික අන්තර්වාර පාලක මණ්ඩල මූලස්ථාවයට කඩා වැදී එහි සභාපති අබ්දුල් ජලීල් වටකරගෙන ඔහුට බල කර සිටියේ වහාම ජාතික අන්තර්වාර පාලක මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉවත් වන ලෙසය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගඩාෆි හිතවාදීහු පිරිසක් ලිබියා නගරයක් අල්ලා ගනිති