ඝාතනයට ලක්වූ කර්නල් ගඩාෆිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අන්තර්වාර රජය විසින් මේ වන විට කල්දමා ඇතැයි ලිබියාවේ විදෙස් ප‍්‍රවෘත්ති ආරංචි මාර්ග සඳහන් කරයි.ගඩාෆිගේ මළ සිරුර මේ වන විට එරට මිස්රාටා නුවර පිහිටි මස් අලෙවි කරනු ලබන වෙළෙඳසලක අධිශීතකරණයක් තුළ බහා ප‍්‍රදර්ශනය කරමින් තිබෙන බවද එම වාර්තාවල සඳහන් වේ.එම ශීතාගාරයේ තබා ඇති කර්නල් ගඩාෆිගේ සිරුර දැක ගැනීමට ලිබියානුවන් බොහෝ වශයෙන් එම වෙළෙඳසලට පැමිණෙමින් සිටින බවද වාර්තා වේ. මේ අතර ගඩාෆිගේ අවසන් මොහොත පිළිබඳව විවිධාකාරයේ මත පළ වෙමින් තිබේ. හිටපු නායකයා අල්ලා ගත් අන්තර්වාර සෙබළ කණ්ඩායමේ අණ දෙන නිලධාරියා වශයෙන් කටයුතු කළ ඔම්රාන් අල් ඕ වයෙබ් බීබීසී ප‍්‍රවෘත්ති සේවය සමඟ කළ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී ප‍්‍රකාශ කරනු ලැබ ඇත්තේ ගඩාෆිට වෙඩි ප‍්‍රහාරය කවරෙකු එල්ල කළේද යන්න නිශ්චිතව කිව නොහැකි බව ඔහු හෙළි කොට ඇත. ගඩාෆිට වෙඩි තැබීමට තම සියලූ සටන්කාමීන්ට දැඩිව අවශ්‍යව තිබූ බව ඔහු තවදුරටත් පැවසීය.කෙසේ වෙතත් තමන් ඝාතනය නොකරන ලෙස ගඩාෆි ඉල්ලා සිටි බවත්, නමුත් එල්ල වූ වෙඩි වරුසාවකින් ගඩාෆි බිම ඇදවැටුණු බවත්, ඇද වැටුණු ගඩාෆි ක්ෂේත‍්‍ර රෝහලකට ඇතුළත් කළ ද එම අවස්ථාව වන විට ඔහු මිය ගොස් සිටි බවත් ගඩාෆි අල්ලා ගැනීමේ මෙහෙයුමේ අණදෙන නිලධාරියා කියා සිටියේය.මේ අතර ජාත්‍යන්තර රූපවාහිනී මාධ්‍යයන්හි විකාශනය වූ දර්ශන මගින් පෙන්නුම් කළේ ඝාතනයට ලක්වූ ගඩාෆිගේ සිරුර වීදි පුරා ඇදගෙන යන ආකාරයයි. ඝාතනය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය, රුසියාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනටමත් ලිබියා අන්තර්වාර බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ අතර ගඩාෆි ඝාතනය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට පරීක්ෂණ කණ්ඩායමක් යෙදවීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නාවි පිල්ලේ තීරණය කර ඇති බවත් ඒ පිළිබඳ අදහස් මාධ්‍යවේදීන් ජිබ්රිල්ගෙන් විමසා සිටියේය. ජිබ්රිල් එවිට පවසා සිටියේ ‘ එම පරීක්ෂණ සිදු කිරීමට තමා අනුමැතිය ලබා දෙන බවත් එම කටයුතු සිදු කිරීමට තමා ඉඩදෙනුයේ ගඩාෆිගේ අවසන් කටයුතු ඉස්ලාම් ආගමික චාරිත‍්‍රානුකූලව සිදුකළ පසුව බවත්ය.’
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගඩාෆිගේ මළ සිරුර මස් කඬේක ප‍්‍රදර්ශනයේ