ඉන්දියාවේ බටහිර බෙංගාලයේ ග‍්‍රාමීය මට්ටමෙන් පෙරන අධික විෂ සහිත රසායන ද්‍රව්‍යයක් වන මෙතනෝල් අධි සාන්ද්‍රණයෙන් යුක්ත බවට සැක කෙරෙන මත්පැන් වර්ගයක් පානය කිරීමෙන් පුද්ගලයින් 102ක් මරණයට පත්ව ඇතැයි එරට රජයේ ප‍්‍රකාශකයෙකු ඊයේ (15) පැවසීය. බංග්ලාදේශ දේශසීමාවට යාබදව පිහිටා ඇති ගම් දහයක වැසියන් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත. මත්පැන් පානය කළ පසුව දරුණු ලෙස රෝගාතුර වූ එම ගැමියන් ආසන්නයේ පිහිටි රෝහල් තුනකට ඇතුළත් කළ පසුව ඔවුන් මිය ගිය බව ප‍්‍රාදේශීය රෝහලේ නිලධාරියෙකු කියා සිටියේය. මියගිය පුද්ගලයින්ගෙන් බහුතරය කම්කරුවන් සහ රික්ෂෝකරුවන් වන අතර ප‍්‍රමිතියකින් යුතු මත්පැන් මිලදී ගැනීමට වත්කමක් නොමැති තරමටම ඔවුන් දිළිඳු ගැමියන් බව වාර්තා වේ. එම මරණවලට ඍජුවම අධික විෂ සහිත මත්පැන් පානය කිරීම හේතු වී ඇති බව මියගිය පුද්ගලයන් පරීක්ෂාවට ලක් කළ වෛද්‍යවරයෙකු පැවසීය. ඉන්දියාවේ ග‍්‍රාමීය ප‍්‍රදේශවල සිදුකෙරෙන නීතිවිරෝධී මත්පැන් සකස්කිරීමේදී මෙතනෝල් සුළු ප‍්‍රමාණයක් එකතු කරන අතර එම ප‍්‍රමාණය ද මිනිසෙකු අන්ධභාවයට පත් කිරීමට සහ අක්මාවට හානිකර ලෙස බලපෑ හැකි බව වෛද්‍යවරු පවසති. එම මරණවලට වගකිවයුතු පුද්ගලයින් බවට සැක කරන සිව් දෙනකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත. බටහිර බෙංගාලයේ ප‍්‍රධාන ඇමතිවරිය වන මම්තා බෙනර්ජි මියගිය පුද්ගලයින්ගේ පවුලකට වන්දි වශයෙන් ඉන්දියා රුපියල් ලක්ෂ 2 බැගින් ලබාදෙන බව පවසා ඇත්තීය. නීතිවිරෝධී මත්පැන් අලෙවි කරන්නන්ට එරෙහිව වහා කි‍්‍රයාත්මක වන පරිදි දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා බව මහ ඇමතිනී මම්තා බෙනර්ජි වැඩිදුරටත් පවසා ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගමේ පෙරූ මත්වතුර බී එකසිය දෙදෙනෙක් මරුට