X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ගස ඉදිරෙයි ඇටකටු මතුවෙයි

අයර්ලන්තයේ ස්ලිගෝ නගරය ආසන්නයේ  පෙරළී ගිය ගසක මුල් අතර තිබී වසර 900ට පමණ පෙර සාහසික ඝාතනයකට ලක්වූ තරුණයකුගේ ඇටසැකිල්ලක් හමුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිනිස් ඇටසැකිලි මතුකරමින් පෙරළී ගොස් ඇත්තේ දැවැන්ත බර්ච් ගසකි. එහි මුල් පද්ධතිය සමග හිරවී මේ මිනිස් අස්ථි කොටස් ඉහළට පැමිණ ඇත.

පර්යේෂකයන් පවසන්නේ මෙය පැරණි සොහොනක් විය හැකි බවයි. කොදු ඇටපෙළ හා හිස ඇතුළු ඉහළ කොටස් ගසේ මුල් සමග ඉහළට එසවී ඇති අතර පාද ඇතුළු සිරුරේ පහළ කොටස් පොළොව මත තිබෙණු දක්නට ලැබී ඇත.

මේ සැකිල්ල සම්බන්ධයෙන් පර්යේෂණ කළ ස්ලිගෝ ජාතික සිහිවටන කෞතුකාගාරයේ ආචාර්ය මැරියන් ඩවුඩ් මහත්මිය පවසන්නේ මියගෝස ඇත්තේ අවුරුදු 17ත් 20ත් අතර තරුණයකු බව අස්ථි පරීක්ෂණයේ දී තහවුරු වූ බවයි. ඔහුගේ උස අඩි පහයි අගල් පහක් පමණ වන්නට ඇතැයි ද විශ්වාසයක් පවතී. එම අස්ථි කාල නිර්ණයේ දී පෙනී ගොස් ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1030ත් 1200ත් අතර කාලයේ දී මොහු මියයන්නට ඇති බවයි. පෙරළී වැටුණු බර්ච් ගස වසර 250ට වඩා පැරණියැයි ද කියති.

මියගොස් ඇති තරුණයාගේ හිස් කබලේ සහ අතේ අස්ථිවල ඇති තියුණු කැපුම් තුවාල සළකුණු හේතුවෙන් ඔහු සාහසික ඝාතනයකට ගොදුරුවන්නට ඇතැයි ද පර්යේෂකයෝ කියති.

මරණයට හේතුව යුද්ධයක් හෝ පුද්ගලික ආරවුලක්දැයි ස්ථිරවම කිව නොහැකි වුව ද පැරණි තොරතුරු අනුව මේ ස්ථානයේ ක්‍රිස්තියානි ආගමික සිද්ධස්ථානයක් හා සොහොන් බිමක් තිබූ බවට සාධක ඇත. සිරුරේ හිස සහ පාද පිහිටා ඇති ආකාරය අනුව ක්‍රිස්තියානි විශ්වාසයන් පිරිදි නැගෙනහිරට හා බටහිරට සිටින ලෙස මේ තරුණයාගේ සිරුර මිහිදන් කැර තිබෙන්නට ඇතැයි ද ආචාර්ය ඩවුඩ් මහත්මිය පවසන්නීය.  

2C4C618E00000578-3233726-The_upper_part_of_the_skeleton_was_entangled_in_the_tree_s_root_-a-2_1442231061781 2C4C626300000578-3233726-A_human_skeleton_was_ripped_from_the_earth_as_a_tree_was_violent-a-4_1442231076870 2C4C626300000578-3233726-Radiocarbon_dating_of_the_bones_indicates_he_was_between_17_and_-a-3_1442231072769 2C4C641600000578-3233726-The_215_year_old_beech_was_blown_over_in_last_year_s_winter_stor-a-1_1442231048592 - Copy



අදහස් (0)

ගස ඉදිරෙයි ඇටකටු මතුවෙයි

සියාම් Wednesday, 16 September 2015 04:37 PM

සැඟවුණ ඝාතනයක සුළමුල හෙළිදරවුවක්ද? (නි)

:       0       0

සරත් Friday, 18 September 2015 06:24 AM

සාහසික ඝාතනයක් කියලා කොහොමද කියන්නේ හදිසි අනතුරක්ද දන්නේ නෑ?(ම)

:       0       0

කුමාර Thursday, 17 September 2015 01:56 PM

පුදුමාකාර සිදුවීමක් තමයි (නි)

:       0       0

සෙනෙවිරත්න Thursday, 17 September 2015 06:41 AM

හරක් වාගේ හැම දේටම දේශපාලනය ගාව ගන්න එපා (ම)

:       0       0

රිහාන් Thursday, 17 September 2015 04:37 AM

ඒ කාලෙත් සුදු වෑන් තිබුනද දන්නේ නැ(ම)

:       0       0

රන්ජන් Thursday, 17 September 2015 03:37 AM

අපි හයිබ්‍රිඩ් අධිකරණයක් මගින් මේ අපරාධකාරයන්ට දඩුවම් දෙනවා. ලැබිල තියන සාක්ෂි අනුව පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේකට සම්බන්ධයක් තිබෙන බව හෙළි වෙලා තියනවා. (බ)

:       0       0

නඩරාජා Thursday, 17 September 2015 03:20 AM

පුදුමාකාර දෙයක් (නි)

:       0       0

ෆර්සාන් Wednesday, 16 September 2015 09:34 PM

මංගලට තමා නිවැරදිවම කාරණය වැටහිලා තියෙන්නේ (නි)

:       0       0

අකලංක Wednesday, 16 September 2015 08:39 PM

සොබාදහමේ අපූර්වත්වය කොතෙක්ද? (නි)

:       0       0

අශේන් Wednesday, 16 September 2015 08:10 PM

මේකටත් ජාත්‍යන්තර පරීක්ෂණයක් කරන්න වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

පාලිත Wednesday, 16 September 2015 06:09 PM

අල්ලාගෙන ආයුධ පෙන්වන්න එක්කගෙන යන්න (නි)

:       0       0

සොපී Wednesday, 16 September 2015 04:46 PM

මේක මෙහෙම මතුවුණේ ඉතිහාසයේ වැදගත් යමක් මතුකරන්නට වියහැකියි. (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 16 September 2015 04:43 PM

අපරාධකාරයෝ ආයුධ පෙන්වන්න රැගෙනයමු (නි)

:       0       0

සෙනරත් Wednesday, 16 September 2015 04:36 PM

අම්මෝ! දකිනකොටත් බය හිතෙනවා (නි)

:       0       0

සරත් Wednesday, 16 September 2015 04:03 AM

ස්වභාව ධර්මයේ හැටි එහෙම තමයි. අවසානයේ ගසත් මියගියා (නි)

:       0       0

මහින්ද Wednesday, 16 September 2015 04:29 PM

මොකක්ද මේ රහස? (නි)

:       0       0

හමීඩ් හසන් Wednesday, 16 September 2015 03:37 PM

මට හිතෙන්නේ අපරාධ කරු අසේල වෙන්න ඇති ....නැද්ද මන් අහන්නේ? (අ)

:       0       0

ලක්මාල් Wednesday, 16 September 2015 03:21 PM

අනේ මන්ද මේවට අඩන්නද හිනාවෙන්නද කියලා අනුන්ගේ රටවල් වල ඒවට වඩා තමන්ගේ රටේ වෙන දේවල් ගැන හොයල බැලුවොත් නරකද (අ)

:       0       0

චතුර Wednesday, 16 September 2015 12:57 PM

මටත් පෙනෙන්නේ අසේලට ඕනෑ වැඩේ යටගහන්න. (නි)

:       0       0

හේමන්ත Wednesday, 16 September 2015 12:11 PM

සමීර, දර්ශ කියනවා වගේ කොහොමහරි මේ ගැන හොයන්න ඕනෑ. (නි)

:       0       0

ශ්‍රී Wednesday, 16 September 2015 11:40 AM

ඔව් ඔව්, අසේල වැඩේ යට ගහන්න යන්නේ. (බ)

:       0       0

මංගල Wednesday, 16 September 2015 10:15 AM

මැරුන තැන ගසුත් පැලවෙලා කියන්නේ මෙන්න මේවට තමයි (නි)

:       0       0

චන්ද්‍රපාල කෝදාගොඩ Wednesday, 16 September 2015 10:11 AM

දර්ශ මේගැන හොයන්න කොමිසමක් යෝජනාකරමු සීකෝ (බ)

:       0       0

කසුන් Wednesday, 16 September 2015 10:01 AM

ඒක ඇත්ත. අපරාධකාරයින් හොයාගන්න ඕනෑ. මේක නිකන් අතාරින්න බැහැ (නි)

:       0       0

සමීර Wednesday, 16 September 2015 08:37 AM

අසේල, එහෙම කියල ලිස්සල යන්න දෙන්න පුලුවන්ද ? අපි හෙටම පාරට බහිනවා.(ම)

:       0       0

අසේල Wednesday, 16 September 2015 07:01 AM

අනේ දර්ශා, මේක අවුරුදු 900 කලින් වුන දෙයක්. ඉතින් මේක කරපු අපරාධකාරයෝ දැන් කොහොම හොයන්නද? (බ)

:       0       0

දර්ශා Wednesday, 16 September 2015 05:59 AM

අපරාධ කරුවන් සොයා වහාම"උපරිම " දඬුවම් ලබා දෙන්න .. (ම)

:       0       0

ලලිත් Wednesday, 16 September 2015 05:21 AM

කොල්ලා ගහත් පෙරළගෙනම රහසක් අනාවරණය කළා එහෙනම් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site