X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 30 වන සඳුදා


ගැහැණු යට ඇදුමෙන් කාමාතුරයන්ට විදුලිසැර

ස්ත්‍රී  දුෂකයන්ට වැට බැදීමේ සමත් කාන්තා යට ඇදුමක් ඉන්දියාවේ එස්.ආර්.එම් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුවියන් දෙදෙනෙකු විසින් නිපදවා ඇතැයි වාර්තා වේ.

යට ඇදුමේ ළැම ප්‍රදේශයේ අධිවෝල්ටීයතා ජනකයක් සවිකර ඇති අතර බලහත්කාරකම් කිරීමේ අරමුණින්පැමිණෙන්නෙකුට කිලෝ වොල්ට් 3800 ක විදුලි සැරයක් වද්දවා අඩපණ කිරීමේ හැකියාව ඊට ඇත.මේ විදුලි සැරයෙන් පැළද සිටින්නාට හානියක් සිදුනොවේ.යට ඇදුමේ ඇතුළු පැත්ත පරිවාරක ද්‍රව්‍යයකින් පරිවරණය කර තිබීම ඊට හේතුවයි.

නොනවත්වා වාර 82 ක් පමණ එකදිගට විදුලි සැර වැද්දවීමේ හැකියාව මේ වෝල්ටීයතා ජනකයට ඇති බව යට ඇදුම නිර්මාණය කළ සිසුවියන් දෙපළ කියයි.

තවද ජී.පී.එස් (ගෝලීය පිහිටුම් අනාවරක) පද්ධතියක්ද යට ඇදුමට සවි කිරීමටද ඔවුන් කටයුතු කර තිබේ.එමගින් යට ඇදුම පැළද සිටින්නා අනතුරකට පත්වී ඇත්නම් ඒ කුමන ප්‍රදේශයකද යන්න පොලිසියට හා හිතවතුන්ට දැන ගැනීමට හැකියාව ලැබේ.

ප්‍රායෝගිකව භාවිතා කිරීමේදී යම් යම් ගැටලූ මතුවිය හැකි වුවද ඒවාට විසදුම් සොයා ගෙන මේ නිර්මාණය තව දුරටත් වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන බව සිසුවියන් දෙපළ පවසයි.

 



අදහස් (0)

ගැහැණු යට ඇදුමෙන් කාමාතුරයන්ට විදුලිසැර

හේවාවිතාරණ Wednesday, 10 April 2013 12:30 PM

බැරි වෙලාවත් ගවුම ගලවන්න අමතක වුණොත්? ස්වාමි පුරුෂයාට? (නි)

:       0       0

ගිම්හානි Wednesday, 10 April 2013 01:06 PM

හරි ෂෝක් ලංකාවටත් මේ උපකරණය ගොඩක් වටිනවා මොකද ලංකාවෙත් කාමාතුරයෝ පිරිලා. (ස)

:       0       0

දයා Wednesday, 10 April 2013 01:13 PM

ඔය කිවුවට අපේ ස්ත්‍රීන් ගැන නම් අපිට ෂුවර් නැහැ. (නි)

:       0       0

නිමල් Wednesday, 10 April 2013 01:32 PM

බැරි වෙලාවත් පිරිමියෙක් ඕක ඇදගෙන ආවොත් කවුද අඩපන වෙන්නේ? (ස)

:       0       0

වරුණ Wednesday, 10 April 2013 04:08 PM

බැරි වෙලාවත් ප්‍රාදේශිය දේශපාලනඥයෙක් ඔයින් ගවුමක් ඇදගෙන කාන්තාවක් බදාගත්තොත් මොකද වෙන්නේ? (නි)

:       0       0

තිලක් Wednesday, 10 April 2013 04:27 PM

අලුත් දෙයක් කිරීමට ගතපු උත්සහය අගේ කරනවා. ඒත් ප්‍රායෝගික නෑ. අනතුරු වැඩි. විදුලිය නොවදින විදියට ඉන්න ගොඩක් අය දන්නවා... (ස)

:       0       0

සන්ජීව Wednesday, 10 April 2013 04:52 PM

විදුලිය වදිනකොට පිරිමිය ගැහැනියගේ අතින් අල්ලාගෙන හිටියොත් මොකද වෙන්නේ? (නි)

:       0       0

චම්පික Wednesday, 10 April 2013 05:04 PM

බැරි වෙලා හරි වයර් මාරු වුනොත් ෂෝට් වෙයි නේද අනේ... (නි)

:       0       0

නිලූ Wednesday, 10 April 2013 05:29 PM

අර "ස්පෙල් බයින්ඩර්" එකේ වගේ "හයි ටෙක් පවර් සූට්" ඇදුමක් හදලා දුන්නා නම් හරි. (නි)

:       0       0

ගාමිණී Wednesday, 10 April 2013 06:25 PM

ඔච්චර වදවෙන්නෙ මොකටද නංගී? ග්‍රෑම් 50 ක මිරිස් කුඩු පැකට් එකක් ළඟ තියාගත්තා නම් හරිනේ. (නි)

:       0       0

මුතුකුඩ Wednesday, 10 April 2013 08:35 PM

‍මේකත් අර අලි වැට වගේ වැඩක්ද? (නදී)

:       0       0

කොස්වත්ත Wednesday, 10 April 2013 10:09 PM

ගිම්හානි , නෑ ඔයාට වැරදිලා මේක වටින්නේ ඉන්දිය්වට. මොකද අද ගැහැණු ළමයෙකුට බස් එකකවත් යන්න බැහැ ඉන්දියාවේ. ඒ තරම් අසහනකාරයෝ ඉන්නේ.(නදී)

:       0       0

සනත් Wednesday, 10 April 2013 10:23 PM

මම නම් ආයෙත් ඕවට නැහැ. අම්මපා. (නි)

:       0       0

සනත් Wednesday, 10 April 2013 10:34 PM

එතකොට මේකේ බැටරිය හංගන්නේ කොහෙද? අනේ කෙල්ලෝ නිකම්ම අමාරුවේ වැටෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site