බොකෝ හරාම් ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායමේ ග්‍රහණයේ පවතින ප්‍රදේශයක සිරකරගෙන සිටි ගැහැනු ළමයින් 200ක් හා කාන්තාවන් 93 දෙනකු නයිජීරියා හමුදාව විසින් සිදුකරණ ලද මෙහෙයුමක දී නිදහස් කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මාධ්‍ය වාර්තා කරන්නේ 2014 දී නයිජීරියාවේ චිබොක් නගරයේ පාසලකින් පැහැරගත් ගැහැනු ළමයි මුදාගත් මේ පිරිස අතර නොමැති බවයි.
නයිජීරියා හමුදා පවසන්නේ මෙම ගැහැනු ලමයින් සහ කාන්තාවන් නිදහස් කර ගනු ලැබුවේ සැම්බිසා වනාන්තරයේ බොකෝ හරාම් කැරලි කරුවන්ට අයත් ව තිබූ කඳවුරු හතරක් තමන් විසින් අත්පත් කර ගැනීමෙන් පසුව බවයි.
හමුදා ප්‍රකාශක පවසන්නේ නිදහස් කරගත් පිරිසෙන් තවමත් ප්‍රශ්න නොකළ බවයි. මෙම මෙහෙයුමේදී අවි ආයුධ සෑහෙන ප්‍රමාණයක්ද නයිජීරියා හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහෙයුමේ අණදෙන්නා ලෙස කටයුතු කරණ ලද ජෙනරාල් ක්‍රිස් ඔලුකොලඩෙ පවසන්නේ බුද්ධි අංශ මගින් ලබාදුන් නිවැරදි තොරතුරු හේතුවෙන් මෙම කඳවුරු අත්පත් කර ගැනීමට හැකිවු බවයි. මෙම කඳවුරු හතරට ගොඩබිමෙන් සහ ගුවන් හමුදාව මගින් ප්‍රහාර එල්ල කර තිබේ.
පාසැල් සිසුන් පැහැර ගැනිම හේතුවෙන් ලෝක අවධානය නයිජීරියාව වෙත එල්ල විය. ඇමරිකාව සහ චීනය ඇතුළු ජාතීන් කිහිපයක් පැසැල් සිසුවියන් බේරා ගැනීමේ කටයුතු වලට සහාය වීමට කැමැත් පල කලත් අද වනතුරු එම සිසුවියන් ගෙන් එක් අයෙක් හෝ සොයා ගැනීමට කිසිවෙකුටත් නොහැකිවිය. නයිජීරියාවේ අසල් වැසි රාජ්‍යයන් වන නයිගර්, කැමරන් හා චැඩ් යන රටවලට ද බොකෝ හරාම් කැරලිකරුවන්ගේ සටන් පැතිරී ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගැහැනු ළමෝ 200ක් යළි එති
බටුගෙදර Thursday, 30 April 2015 05:13 AM
පව් අපේ කට්ටියට දුක ඇති දැන් !!!! (බ)
දුමින්ද Thursday, 30 April 2015 05:49 AM
මේ රටත් ඔය දුක වින්ද කලකට පෙර .(හේ)
අතුල Thursday, 30 April 2015 11:17 AM
තොප්පි කාරයෝ අඩනවා ඇති!! (බ)
ඉඳුනිල් Thursday, 30 April 2015 01:43 PM
උමතු මිනිසුන්ගේ සමනළ දඩයම (නි)