ආදරය මුදලට ගැනීමට නොහැකි බව කියතත් තනි රත්රනින් නිම කැරුණු කමිසයකින් කාන්තා ආකර්ෂණය දිනා ගැනීමට තැත් කරන පුද්ගලයකු ඉන්දියාවේ සිටී.
දන්තා පුජ් (32) සල්ලි පොලියට දෙන්නෙකි. මේ රත්රන් කමිසය සඳහා ඔහු වියදම් කළ මුදල පවුම් 14000 (රුපියල් 2,912,000) කට ආසන්නය. සාදා නිමකිරීමට දිනකට පැය 16ක් බැගින් වැඩ කළ රන් කරුවන් 15 දෙනකුට සති දෙකක් ගතවිය.
වෙල්වට් රෙද්දක් මත රන් ඇතිරීමෙන් කමිසය මසා ඇති අතර ඊට කැපෙන ලෙස රන් මුදු හා දම්වැල් ආදී පළඳනාද නිර්මාණය කැර තිබේ.
‘මේ කමිසය මගේ සිහිනයක් සැබී වීමක්. මම දන්නවා මම ලෝකයේ සිටිනා කඩවසම්ම පුද්ගලයා නොවේය කියා, නමුත් මොන ගැහැණිය ද රත්රන් කමිසයක් ඇඳන් සිටින මා දැක්කොත් බැහැයි කියන්නේ‘ දත්තා පවසයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගෑනු හිත ගන්න රන් කබායක් මහයි
දනිල් Sunday, 06 January 2013 08:13 PM
පාරම්පරිකව එන දෙයක්ද දන්නේ නෑ (ස)
ගුණවතී Monday, 07 January 2013 07:37 AM
මටත් හිතෙනවා පොඩ්ඩක් ඒ ගැන හිතලා බලන්න (ස)
ඉෂාර Monday, 07 January 2013 07:35 AM
මේ මනුස්සයගේ ජීවිතෙත් අවසන් වේවිද දන්නේ නෑ. සමහර විට ප්‍රශ්නයක් වෙන එකක් නෑ. ලංකාව නෙමෙයිනේ (ස)
ආනන්ද Monday, 07 January 2013 07:31 AM
කමීසේ වැඩක් නෑ හතවතයි රත්තරන් විය යුතු (ස)
පෙරේරා Monday, 07 January 2013 06:04 AM
මොළයක් තියෙන මිනිහෙක් එක්ක එන්න කැමති ගෑණියෙක් නම් කවදාවත් එන එකක් නැහැ. (නි)
රන්දික Monday, 07 January 2013 05:47 AM
මෙහෙම අය ඉන්නේ ඉන්දියාවෙම තමයි (ස)
සමන් Sunday, 06 January 2013 11:38 PM
ඥානවතී, මගේ ටෙලිෆෝන් නොම්මරේ එවන්නද? (නි)
ෂෙරීෆ් Sunday, 06 January 2013 09:55 PM
අනේ පුලුවන් නම් ඔය කමිසය ඇදගෙන ලංකාවට එන්නකෝ. (නි)
සෙනරත් Sunday, 06 January 2013 09:44 PM
රත්තරන් වලට පුලුවන්ද සැබෑ ආදරයක් හොයන්න? (නි)
අසේල Sunday, 06 January 2013 09:37 PM
අයියෝ සල්ලී (ස)
ගාමිණි Sunday, 06 January 2013 08:45 PM
හිගා කකා කොළපතක් අරන් යන තැනකට යන්න රත්තරන්... (නි)
නිසාර් Sunday, 06 January 2013 08:22 PM
රන් කමීසයයි ,සල්ලියි තියෙනකම් ගෑනු පොරකාවි අන්තිමේ තමන් තමන්වම රවටා ගැනීමක් වෙන්නේ (ස)
සුසන්ත Sunday, 06 January 2013 11:54 AM
සල්ලි තියෙනවානේ. ඒත් ඉතින් අනේ මන්දා? (නි)
ජීවා Sunday, 06 January 2013 08:08 PM
සල්ලි තිබුණට මොළය පිළිබදව මට ප්‍රශ්නයක් ඇත. (නි)
සෑම් Sunday, 06 January 2013 06:00 PM
එකම කමිසෙ වුණත් හැමදාම අඳිනකොට ගඳ ගහනවා... අනිකුත් ගෑණු කෙසේවෙතත් තමන්ගේම ගෑණි වැඩිකල් මෙයා එක්ක ඉඳීවිද දන්නෙ නැහැ. (නි)
සෑම් Sunday, 06 January 2013 06:00 PM
පොඩි ගාණක් වියදම් කරලා මානසික වෛද්‍යවරයෙක් ළඟට ගියානම් හොඳයි වගේ. (නි)
සදරුවන් Sunday, 06 January 2013 05:52 PM
අයියෝ සල්ලි. (නි)
ඥානවතී Sunday, 06 January 2013 05:12 PM
අනේ මන්දා... මම නම් කැමතියි කැමතියි වගේ. බැරිද ටෙලිෆෝන් නොම්මරේ එවන්න? (නි)
අමිල කටුනායක Sunday, 06 January 2013 05:08 PM
සල්ලි තිබුණට තව මොනවාහරි දෙයක් නැහැ වගේ. (නි)
සම්පත් Sunday, 06 January 2013 04:31 PM
ආදරය කියන්නේ මිළ කළ නොහැකි දෙයක්. ඒත් රත්තරන් කියන්නේ හුගක් වටිනා මිළෙන් වැඩි දෙයක්. මෙහෙම දෙයක් පෙන්නලා මිළ කළ නොහැකි, ගැඹුරු ආදරයක් ලබාගන්න පුලුවන්ද? (නි)
මධු Sunday, 06 January 2013 02:15 PM
අනේ මෙහෙමත් අය... (නි)
අචිනි Sunday, 06 January 2013 01:44 PM
හොද නිර්මාණයක්.. (නි)
සුදේශ් Sunday, 06 January 2013 01:39 PM
අනේ මන්දා? ඒත් කැමති වේවිද? (නි)