X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


ගිනි අවි පාලනයට ඔබාමා සූදානම්

ඇමෙරිකා පුරවැසියන්ගේ නිදහසට තර්ජනයක් වූ ගිනි අවි පාලනය කිරීමේ අරමුණින් ජනපති ඔබාමා පෙරේදා (16) නව පනත් කෙටුම්පතකට අත්සන් තැබීය.
ඇමෙරිකාවේ පවතින ගිනි අවි සංස්කෘතියට තිත තැබීමේ අරමුණින් ජනපති ඔබාමා ගත් එම තීරණය ඇමෙරිකා දේශපාලනයේ පෙරැළියක් යැයි විචාරකයෝ පවසති.
ජනපති ඔබාමා එම කෙටුම්පත සකස් කළේ ඉකුත් දෙසැම්බර් 16 වැනිදා ඇමෙරිකාවේ කනෙනිකට් ප‍්‍රාන්තයේ සැන්ඩි හුක් පෙර පාසලේ සිදුවූ වෙඩි තැබීමකින් කුඩා දරුවන් 20 දෙනකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම මුල් කොට ගනිමිනි.
ඇමරිකාවේ ජනගහනයට වඩා බලපත‍්‍ර ලබා ඇති ගිනි අවි සංඛ්‍යාව වැඩි බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ගිනි අවි සිවිල් ජනතාව අතර තහනම් කර ඇති ලොව බොහෝ රටවලට වඩා ඇමරිකාවේ ගිනි අවි නිසා සිදු වන මරණ අනුපාතය වැඩි යැයි ද ඔවුහු පෙන්වා දෙති.
ඇමරිකාවේ 35 වැනි ජනාධිපතිවරයා වූ ජෝන් එෆ්. කෙනඩි 1963 දී අවි දැරූවකු අතින් ඝාතනය වන්නට පෙර ඇමරිකාවේ සිවිල් ජනතාව අතර ගිනි අවි භාවිතය තහනම් කිරීමේ වැදගත් කම අවධාරණය කරමින් පනතක් ගෙනාවේය. එහෙත් ඊට එරෙහි වූ අය බොහෝ වූහ.
ඇමරිකානුවන් වැඩි දෙනකුගේ විශ්වාසය වූයේ ආත්මාරක්ෂාව සඳහා ගිනි අවියක් ළඟ තබා ගැනීම සෑම ඇමරිකානුවකුගේ ම අයිතියක් බවය. ප‍්‍රතිවාදීහූ එම තර්කය මත ජනාධිපතිවරයාට විරුද්ධ වූහ. එහිදී කෙනඩි ජනාධිපතිවරයා ප‍්‍රකාශකර ඇත්තේ ගිනි අවි දරා ගෙන එන අපරාධකරුවකු බොහෝ විට අවි හරඹයෙහි නිපුණයකු බැවින් සාමාන්‍ය සිවිල් වැසියකු අවියක් දරා සිටීම කිසිසේත් ආරක්ෂාව සලසන්නක් නොවන බවය.
එබැවින් ආරක්ෂාව සැලසීමට නම් ගිනි අවි සම්පූර්ණයෙන් තහනම් කිරීමට නීති ගෙන ආ යුතුය යන්න ඔහුගේ තර්කය විය. එහෙත් ඔහුට ඒ අදහස කි‍්‍රයාවට නැංවිය නොහැකි විය. අන්තිමේ දී ඔහුගේ ඉරණමද ගිනි අවියකින් තීන්දු කෙරිණ.
ගිනි අවි තහනම ගැන කතා කිරීම ද ජනප‍්‍රසාදය පළුදු වීමට හේතු වන්නකි. සමහර කොන්ග‍්‍රස් සභිකයන්ට ගිනි අවි තහනමට පක්ෂපාතව කතා කිරීම නිසා ඡන්දවලින් පරාජය වීමට පවා සිදු විය.

පනත් කෙටුම්පතට අස්සන් කරමින්



අදහස් (0)

ගිනි අවි පාලනයට ඔබාමා සූදානම්

නිත්‍යා Friday, 18 January 2013 10:57 AM

අදහස නම් හොඳයි වගේ (ස)

:       0       0

ජනිත් Friday, 18 January 2013 12:37 PM

මෝඩ තීරණයක් (ස)

:       0       0

සයුමි Saturday, 19 January 2013 06:28 AM

ජනිත් උම්බෑ කියලා තමන් කවුද කියලා අනිත් අයට පෙන්වන්න එපා (ස)

:       0       0

මාලා Saturday, 19 January 2013 06:24 PM

මං හිතුවෙ කමිටුවක් දාලා අමතක කරයි කියලා... වැඩේ නැගලා යනවා එහෙනම් නියමයි..!(නු)

:       0       0

ජනිත් Saturday, 19 January 2013 07:12 PM

මනුෂය් ඝතන සිදුවන්නේ ගිනි අවියෙන් නොවෙයි ඒ අවිය පාවිචි කරන පුද්ගලයාගෙනුයි එක්සත් ජනපදයේ සිදුවුන සමූහ ඝාතන 100% ම වගේ සිදුවෙලා තියෙන්නේ උන්මන්තක පුද්ගලයන් අතින්... කොහොම උනත් බොහොමයක් බටහිර රටවල් වල පෞද්ගලික ගිනි අවි ලංග තබා ගැනීමේ නිදහස තියෙනවා ඒ රටවල් හැම එකක් ම ඉතාම සමකාමි රටවල් හොදම උදාහරනය ස්විස්ටර්ලන්තය සැම පුද්ගලයන් 2 කුගෙන්ම එක් අයෙකු සතුව අවි තියෙනව එමරටේ ලොකෙ අඩුම අපරාධ වාර්තාවෙන්නේ එම රටේ... එක්සත් ජනපදයේ උනත් සම්පුර්ණ අවි තහනමක් කරන යන්නේ නැත. සමහර අංග පමණයි තහනමට ලක්කරන්න පවතින්නෙ එයත් පලක් නැති බව සමහර පුද්ගලයන් පෙන්වාදී තියෙනවා. පුද්ගල නිදහස ගැනවත් විද්‍යානුකූල චින්තනයක් වත් ගැන අදහසක් නැති සයුමි වගේ අය ගැනනම් කනගාටුයි(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site