ගිනි අවි වලින් සංගීත භාණ්ඩ නිර්මාණය කරනා පුද්ගලයෙක් මෙක්සිකෝවේ සිටි.
පෙඩ්රෝ රෙයිස් මූර්ති නිර්මාණ ශිල්පියෙකි.නවමු නිර්මාණයක් ඉදිරිපත් කිරීමට වෙහෙසෙමින් සිටිනාතුර මේ අදහස ඔහුට පහල වී තිබේ.මේ සදහා පෙඩ්රෝ යොදාගෙන ඇත්තේ මෙක්සිකෝවේ පොලිස් ස්ථාන වල ගොඩගසා තිබුණු ගිනි අවි වේ.මේ ගිනි අවි මෙක්සිකෝවේ දරුණු ලෙස ක්‍රියාත්මක වන අපරාධ කල්ලි හා ගැටුම් වලින් පොලිසිය විසින් අත්පත් කරගත් ඒවා බව සදහන්වේ.
ගිනි අවි 7000 කට ආසන්න සංඛ්‍යාවක් ස්වකීය නිර්මාණ සදහා යොදාගෙන ඇතැයි පවසන පෙඩ්රෝ ඇතැම් අවස්ථාවන්හි ‘‘නියම සවරය‘‘ සොයාගැනීමට තමාට විවිධ ගිනි අවි යොදගනිමින් පරීක්ෂණ කිරීමට පවා සිදුවූ බව පවසයි.
පෙඩ්රෝ විසින් නිර්මාණය කර ඇති සංගීත භාණ්ඩ අතර ඛෙර කට්ටල යසිලෆෝන නළා ආදිය වේ.තමන්ගේ මේ උත්සාහය හුදෙක් කලාව සදහා පමණක් නොව මෙක්සිකෝවේ සැබෑ ස්වරූපය ලොවට පෙන්වීමටද වන බව පෙඩ්රෝ කියයි
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගිනි අවියෙන් සංගීතය
ෂෙරීෆ් Friday, 15 February 2013 01:43 PM
පුළුවන් නම් අපේ ලංකාවට එන්නකෝ....(ස)
රොෂාන් Friday, 15 February 2013 06:05 PM
මෝඩ මොලයක්.(නදී)
සිරි Friday, 15 February 2013 07:57 PM
තමන් ගැන ස්වයං විවේචන පැවසීම නොකරන්න. (නි)
ගාමිණී Friday, 15 February 2013 09:51 PM
අපේ ගම් වල කොල්ලෝ ගොයම් බටෙන් බට නලාව, පොල් ගෙඩියෙන් සහ කම්බි තුනෙන් වයලීනය හදපු කාලේ ඔය ඇමරිකන්කාරයෝ ඉපදිලාවත් නැතුව ඇති. (නි)
වජිර Saturday, 16 February 2013 03:43 PM
එහෙනම් වෙඩි වගේ තියෙයි. රණ ගී ගයමු. (නි)
අතපත්තු Saturday, 16 February 2013 07:25 PM
කවුරු කෙරුවත් හොද නිර්මාණ දෙස බලා අපි සතුටුවිය යුතුයි. (නි)
සංජු Saturday, 16 February 2013 08:53 PM
මොන රටක වුණත් දක්ෂතාවයට ගැරහීම වැරදියි. (නි)
සිරි Sunday, 17 February 2013 07:59 AM
තමන් ගැන ස්වයං විවේචන පැවසීම නොකරන්න. රොෂාන්ගේ අවධානය පිණිසයි! (නි)
නීලා Sunday, 17 February 2013 08:55 AM
ගාම්ණී, අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ ඇමරිකාව කොහෙද, මෙක්ෂිකෝව කොහෙද කියලා දන්නේ නැති ඔබ වැනි අය නිසා.(නදී)
ශීලා Sunday, 17 February 2013 08:53 AM
මොකද ගාමිණී පුරාජේරු කියවන්නේ? (නි)
රාණී Sunday, 17 February 2013 08:54 AM
අනේ ගාම්ණී, ඇමරිකාව කොහෙද? මෙක්ෂිකෝව කොහෙද?(නදී)
රූපා Sunday, 17 February 2013 08:57 AM
ගාමිණී, දක්ෂකම අගය කරන්න. මේක ඇමරිකාව නෙමෙයි මෙක්ෂිකෝව.(නදී)
සදරුවන් Sunday, 17 February 2013 09:43 AM
ගාමිණී, එහෙම කිව්වට ඒකලා ඇමරිකන් කාරයෝ. හදටත් ගිහින් මේක ලංකාවට ගෙනාවොත් ආය හරවලා හදාගනී. පරිස්සමින්.(නදී)