මධ්‍යම අයිස්ලන්තයේ විශාලත ම ගිනි කන්දක් වන බාඩාර්බන්ගා ගිනිකන්ද සක්‍රිය වීමට ඉතා ආසන්නව ඇතැයි භූ විද්‍යාඥයෝ අනතුරු අඟවති. අයිස්ලන්තයේ කාලගුණ විද්‍යා කාර්යාලය ගිනිකන්දේ සක්‍රියවීම සම්බන්ධ දෙවැනි මට්ටමේ අනතුරු ඇඟවීම ද ගුවන් තොටුපොළ බලධාරින්ට හා ගුවන් සමාගම් වෙත නිකුත්කැර ඇත.
2010 දී අයිස්ලන්තයේ සිදුවූ ගිනිකඳු පුපුරායාමෙන් දින හයක් යුරෝපයේ ගුවන්ගමන් නවතා දැමීමට බලධාරන්ට සිදුවිය. ගුවන් ගමන් ලක්ෂයක් පමණ ඒ හේතුවෙන් අවලංගු කෙරිණි. ගිනිකන්ද පුපුරා ගියහොත් 2010 මෙන් ගුවන් ගමන්වලට විශාල බාධාවක් වනු ඇතැයි කාලගුණ විද්‍යාඥයෝ කියති. ග්‍රීස්ම සෘතුවේ පාසල් නිවාඩු ආරම්භ වී ඇති බැවින් ගුවන් ගමන් විශාල වශයෙන් සිදුවෙමින් පවතින බව ගුවන් සමාගම් පවසයි.
ගිනිකන්දකින් පිටවන අළු ගුවන්යානා ඉහළට එසවීමේ දී හා බෑමේ දී බාධාවක් වන අතර එන්ජින්වලට අළු අහිතකරය. එමගින් ටර්බයින් නල හා සිසිලන උපකරණ වලට හානි සිදුවීමට ඉඩ ඇත.
බාඩාර්බන්ගා ගිනිකන්දට යටින් ප්‍රබල භූමිකම්පා කිහිපයක් සිදුව ඇතැයි ද අනාවරණය වී ඇත. මෙහි සිදුවූ විශාලත ම පිපිරීම සිදුව ඇත්තේ 1910 දී ය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගිනිකන්ද ගුවන් ගමන් නවතයි ?
කුමාරි Thursday, 21 August 2014 03:34 AM
මේ පිළිබද තව විස්තර දන්නා කෙනෙක් ඉන්නවා නම් ලියන්න. (නි)
ඉන්දු මෙල්බර්න් Thursday, 21 August 2014 06:30 AM
මිහිකත උහුලන ප්‍රමාණය ඉක්මවා ගියාම ඒක පිටකරගන්නත් විදිහක් තියෙන්න එපායැ. මිනිස් සහ සත්ව ජීවිත වලට හානියක් නොවෙන ප්‍රදේශයක් නිසා කමක් නැහැ. (නි)
ද සිල්වා බෙර්ලින් Thursday, 21 August 2014 09:05 AM
කලබල වෙන්න අවශ්‍යතාවයක් නැත. තවම පිපිරුවේ නැහැනේ. පුපුරලා අළු වායුගෝලයට එක්වුනහම යුරෝපයේ ගුවන් පාලන අධිකාරිය අනතුරු අගවවී එතකොට දවස් කීපයක් ගුවන් ගමන් නතර කරාවී. (නදී)
පිටබැද්දර ජයා Thursday, 21 August 2014 12:22 PM
ඉන්දු මෙල්බර්න්, කියන්නේ කාටද නේද? (නි)
ගාමිණී සිරිවර්දන Thursday, 21 August 2014 04:06 PM
දසක 5,6,කට ඉහතදී ,ජලජ ජීවීන් දඩයමින් ශීත නිවාසවල ජීවත්වූ මුල් පදිංචි කරුවන්වූ පිග්මි වරු ,අද ලෝක සංචාරක කර්මාන්තයෙන් ප්රමුඛස්තාන්යේ සිටිනා බව ඉතාමත් පැහැදිලියි. දැනට ක්‍රියාන්විත ගිනිකඳු වලින් තාක්ෂණය මගින් ටර්බයින් යොදා බලය ඉපදවීමේ ක්‍රමයක් යොදා ගන්නේ නම් ගොඩම තමා (නදී)