ගුජරාට් ප්‍රාන්තයේ අහමෙදාබාද්, සුරාත්, මෙහ්සානා, විස්නගර් හා උන්ජා ඇතුළු නගර රැසකට ඇඳිරි නීතිය පනවා ඇතැයි ද, නීතිය හා සාමය සුරැකීමට කැරලි මර්දන ඒකක යොදවා ඇතැයි ද ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.
ප්‍රාන්තය පුරා දැඩි ලෙස ප්රණචණ්ඩ කි‍්‍රයා සිදුවෙමින් පවතින අතර, වැඩිපුර හමුදා ඒකක හා කැරලිමර්දන ඒකක ලබාදීමට ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං ගුජරාට් ප්‍රාන්ත මහ ඇමැතිනි ආනන්දි පටෙල්ට පොරොන්දු වී ඇතැයි ද වාර්තා වේ.
මෙලෙස ගුජරාටය පුරා ප්රචණ්ඩ කි‍්‍රයා ඇතිවූයේ, ප්‍රාන්තයේ පටෙල් ප්‍රජාවට රැකියා හා අධ්‍යාපන කටයුතුවලට ප්රවේශවීමට වැඩි අවස්ථාවක් දෙන්නැයි කියමින් කරන ලද උද්ඝෝෂණ අතරතුරේදී හර්දික් පටෙල් නැමැති 21 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගැනීමත් සමඟය. බස් රථ 50කට වැඩි ගණනකටත්, රාජ්‍ය දේපොළවලටත් ප්‍රචණ්ඩකාරී පිරිස් හානි කර ඇතැයි පොලිස් වාර්තා සඳහන් කරයි. පොලිසිය උද්ඝෝෂකයන්ට එරෙහිව දැඩි කි‍්‍රයාමාර්ග ගැනීම ඊට හේතුවිය.
උද්ඝෝෂකයන්ට පහර දුන් පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් වාර්තාවක් අවශ්‍ය යැයි ද ජනතාවට සාමයෙන් කටයුතු කරන්නැයි ද ගුජරාට් ප්‍රාන්ත ප්‍රධාන ඇමැතිනි ආනන්දබෙන් පටෙල් පවසා ඇත.
ප්රචණ්ඩ කි‍්‍රයා ඇතිවන ආකාරයට හැසිරුණු පොලිස් නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා බව අහමෙදාබාද් පොලිස් කොමසාරිස් ෂිවනන්ද ජහ්යා ද පවසා ඇත.
ඉන්දියාවේ අදායම් මාර්ගයක් වන දියමන්ති කැපීම ඔප දැමීම සිදුකරන්නෝ පටෙල්වරුය. ගුජරාටයේ බොහෝ පොහොසත් ව්‍යාපාරිකයෝත් ගොවියෝත් දියමන්ති කර්මාන්තයේ නියැළෙන්නෝය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගුජරාට විරෝධතාකරුවෝ බස් 50කට හානි කරති