X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


ගුවන් නියමුවෝ ගුවනේ නිදති

රාජකාරි වේලාවේදී නිදා ගැනීමට ගුවන් නියමුවන් පුරුදුව සිටිතියි නවතම සමීක්ෂණ වාර්තාවකින් හෙළිව තිබේ.

මෙම සමීක්ෂණය අරඹා තිඛෙන්නේ බ්‍රිතාන්‍ය ගුවන් නියමුවන්ගේ සංගමයයි. සමීක්ෂණ වාර්තාවට අනුව බ්‍රිතාන්‍යයයේ මගී ප්‍රවාහන ගුවන් යානා ගුවන් නියමුවන්ගෙන් සියයට 56 ක ප්‍රමාණයක් තමන් රාජකාරි අතරතුරදී නියමු කුටියට වී නිදා ගැනීමට පුරුදුව සිටිතියි පිළිගෙන තිබේ.

මීට හේතුව ලෙස හදුනාගෙන තිඛෙන්නේ දිීර්ඝ වේලාවක් රාජකාරි වල යෙදීමට ගුවන් නියමුවන්ට සිදුව තිබීමයි.පැය ගණන් රාජකාරි කිරීමට සිදුව තිබීම නිසාවෙන් ගුවන් නියමුවන් මෙසේ වෙහෙසට පත්වීම නොවැළැක්විය හැකි යැයි බ්‍රිතාන්‍යය ගුවන් නියමුවන්ගේ සංගමය පවසයි.

රාජකාරි වේලාව අතරතුරදි මෙසේ ‘විවේකයක්‘ ගැනීමේ ආසන්නතම සිදුවීම වාර්තා වූයේ පසුගියදාය. බ්‍රිතාන්‍යය මගී ප්‍රවාහන ගුවන් යානයක සිටි ප්‍රධාන නියමුවා හා සහයක නියමුවා යන දෙදෙනාම නින්දට වැටී තිබුණේ ගුවන් යානය අනාරක්ෂාකාරී ලෙස පියාසර කිරීමට ඉඩ හැරය.

නමුත් යුරෝපා සංගමය සැරසෙන්නේ දැනට ඇති පියාසර කාලසීමා තවත් දිගු කිරීමටය.බි්‍රතාන්‍යයේ නීති ප්‍රකාරව ගුවන් නියමුවෙකුට සතියකට රාජකාරි කළ හැක්කේ පැය 95 ක් පමණි.යුරෝපා සංගමයේ නව යෝජනා කි්‍රයාවට නැංවෙන්නේ නම් එම කාලසීමාව පැය 110 ක් දක්වා දිගු වෙනු ඇත.

යුරෝපා සංගමය මෙවන් තීරණයක් ගෙන ඇත්තේ යුරෝපයේ ක්‍රියාත්මක සියලු ගුවන් සේවා එකම ක්‍රියාකාරී පිටිපාටියකට ගෙන ඒමයට.එවිට සියලූ ගුවන් සේවයන් ක්‍රියාත්මක වනු ඇත්තේ පොදු නීති හා රෙගුලාසි සමූහයකට යටත්වය.

නමුත් යුරෝපා සංගමයේ තීරණයට දැඩි විරෝධයක් පළ කරන බ්‍රිතාන්‍යය ගුවන් නියමුවන්ගේ සංගමය දැනට පවතින නීති හා රෙගුලාසි ගුවන් නියමුවන් වුවමනාවට වඩා පෙළමින් තිබියදී හදුන්වාදීමට යන ඒවා ගුවන් නියමුවන් සම්පූර්ණයෙන් විනාශ කර දමනු ඇතැයි කියයි.

මෙම තත්ත්වය බ්‍රිතාන්‍යයේ පමණක් නොව යුරෝපයේ අනෙක් රටවලද දැකිය හැකි බව කියන බ්‍රිතාන්‍යය ගුවන් නියමුවන්ගේ සංගමය යුරෝපයේ සියලූ ගුවන් සේවාවන් එකම ක්‍රියාපටිපාටියකට ගෙන ඒමට නම් යුරෝපා සංගමය කළ යුතුව ඇත්තේ තිඛෙන ගැටලූ තවත් වර්ධනය කෙරෙන යෝජනා ඉදිරිපත් කිරීම නොව ප්‍රායෝගික විසදුම් ඉදිරිපත් කිරීම බව පවසයි.

 



අදහස් (0)

ගුවන් නියමුවෝ ගුවනේ නිදති

ලංකා Monday, 07 October 2013 03:47 PM

ඇත්තටම නියමු කුටියේ පැය 4ක් වත් එක දිගට රජකාරී කරන්න හරි අමාරුයි. පාරේ යන වාහන වගේ එහාට මෙහාට කප කපා නෙමෙයිනේ යන්න තියෙන්නේ. කොච්චර දේවල් එයාලා බලන්න ඕනිද?? (ස)

:       0       0

පෙත්තා Tuesday, 08 October 2013 05:18 PM

ගුණේ, ඔබ ලස්සනට ලිව්වා. ඔබට ස්තුතියි! (නි)

:       0       0

ගුණේ Tuesday, 08 October 2013 11:03 AM

ගුවන් යානය යන දිසාව මාලිමා යන්ත්‍රයට සම්බන්ද කර ස්ව්‍යංක්‍රියව ගමන් කරන්න යොදවා වේගය පාලනය කල විට නියමිත ඉලක්කයට, නියමිත වෙලාවට ගමනාන්තය වෙතට පැමිණිය හැකිය. මේ ක්‍රියාන්විතය තුල යම් වැරදි සිදුවීමක් සිදුවේනම් ඒ බව සංඥා මගින් පාලන මැදිරිය තුල ඒ වැරැද්ද සටහන් වී නාද හා ආලෝක පෙන්වනු ලැබේ. මාර්ගය වෙනස් කල යුතු ස්ථානයට පැමිණීමට ප්‍රථම එයද සංඤා මගින් දැනුවත් කරනු ලැබේ. එවිට මාලිමාව අවශ්‍ය අංශක ගණනට කරකවා නිදහස් කල විට එම දිසාවට ගමන් කරනු ලැබේ. කාලගුණික විපර්යාසයක් සිදු නොවේ නම්, එතෙක් යානය පදවන්නාට එම කාරියෙන් නිදහස් වී සිටිය හැකියි. නමුත් යම් කාල වෙලාවක් තුල අනිවාර්ය පරීක්ෂාවක් කල යුතුයි. ඒ තමන් ගමන් කරන මාර්ගය අක්ෂංස,දේශාංශ තුල ගමන් කරන බව සැක හැර දැන ගැනීමටත් අනිකුත් අනතුරු ඇගවීමේ උපකරණ පරික්ෂාවටත්. අද යාන්ත්‍ර කිරීම (තරණය) සියල්ල ස්ව්‍යංක්‍රියව සිදුකල හැක. යානය පදවන්නා (කපිතාන්) කල යුත්තේ ගුවන් ගතවීමට ගුවන් යානය පොළොවින් උඩට ගැනීමත්, ගමනාන්තය අවසන් කිරීමට ගුවන් යානය ගුවන් පතයට ගොඩ බැස්සවිමටත් පාලනය කිරීමට පමණි. ඔබ සැම මෙය කියවා දැනුවත් වීම ගැන මා සතුටු වෙමි. මා නැවක (මහුදු යාන්ත්‍රාවක) කපිතාන් වරයෙක්. (නදී)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Tuesday, 08 October 2013 07:46 AM

නිල් රනා කියපු සමහර දේවල් ඇත්ත වෙන්න පුළුවන්. නමුත් එකට බිව්වා කියන එකනම් පිළිගන්න බැහැ. මමත් දවසක් ප්‍රංශයේ පැරිස් නුවර සිට අප්‍රිකාවේ බුර්කිනා ෆසෝ කියන රටට යන අතරේ සහරා කාන්තාරය බලන්න නියමු කුටියට ගියා. නියමු කුටියට යන්න අවසරය දුන්නත් මගෙත් එක්ක නම් එක වචනයක්වත් කතා කළේ නැහැ. මම හිටි කාලය තුලදී ගුවන් නියමුවා වතුර එකක්වත් බිව්වේ නැහැ. (නි)

:       0       0

පෙත්තා Monday, 07 October 2013 09:51 PM

රයි ගමයයි ගම්පොලයයි කසාද බැඳලා වගේ. දොන් සේතනුයි නිල් රානයි දෙන්න සෙට් වෙලා.(නදී)

:       0       0

දොන් සේතං Monday, 07 October 2013 09:26 PM

නිල් රනාගේ කථාව ඇත්ත දවසක් මාවත් නියමු කුටියට ඒක්කන් ගියා පැය ගාණක් ඒහි ගතකළා විතරක් නෙමෙයි මගේ මිතුරු නියමුවාට නිදිමත හන්දා ටිකක් නිදා ගත්තා මට සුක්කානම භාර දුන්නා බය වෙන්න ඒපා කිවුවා මම බර වාහන රියදුරෙක් නිසා මට බයක් ඇති වුනේ නැහැ. එයා ඇහරලා සුක්කානම බාර ගත්තා. හැබැයි වොඩ්කා නම් ලැබුනේ නැහැ තේ තමයි බිව්වේ. මේක ලොකු අත්දැකීමක්.(නදී)

:       0       0

පෙත්තා Monday, 07 October 2013 07:20 PM

නීල් රනා හින්ද තමයි එදා ගුවන්යානය වෙලාවට ගොඩ බෑවේ. නැති නම් ප්‍රධාන නියමුවා නිදි මතේ මොනවා කොරයි ද දන්නේ රනා විතරයි .නැතිනම් රනාට මේ අල්ලේ පැලවෙන ඩොන් අරින්න බැරිවෙනවා.අපට හිනා වෙන්නත් බැරි වෙනවා නේද මාමේ?.(නදී)

:       0       0

රුවන් Monday, 07 October 2013 06:11 PM

මේ නීල් රනා මෝඩයෙක් වගේම බොරු උල්පතක්.(නදී)

:       0       0

සපීක් Monday, 07 October 2013 05:53 PM

ඉන්දු-ලන්ඩන්, නීල් රනා කියන්නේ සත්‍ය වෙන්න පුළුවන්. මටත් එවැනිම අත්දැකීමක් තියෙනවා. හැබැයි වොඩ්කා නම් බිව්වේ නැහැ .(නදී)

:       0       0

ගජබා Monday, 07 October 2013 04:47 PM

මම නම් කවදාවත්ම නියමු කුටියේ නිදා ගන්නේ නැහැ.. (ස)

:       0       0

අසෝක Sunday, 06 October 2013 03:00 PM

මෙන්න යුරෝපයේ වැඩ. ගුවන් නියමුවන්ට මෙහෙම උනාට වාහනයක් පදවන්නෙකුට එක දිගට පැය දෙකක් ධාවනය කර අනිවාර්යෙන් පොඩි විවේකයක් ගතයුතුයි මේත් යුරෝපයේම නීතියක්..(නදී)

:       0       0

ඉන්දු-ලන්ඩන් Monday, 07 October 2013 12:41 PM

නීල් රණා, අපටත් කියන්නකෝ ඔයාගෙයි ඒ ප්‍රධාන නියමුවාගෙයි තියෙන යාලුකම. මොකද, අපි යන එන යානා වල නම් නියමුවන් මගීන් නියමු කුටියට එක්ක යනවා හරි බොන්න කතා කරනවා හරි දැකලා නෑ. (ස)

:       0       0

වෙනුර Monday, 07 October 2013 11:14 AM

පේස් බුක් එකේම කාලය කන නිල්රනා කියන දේවල් කවුද ගණන් ගන්නේ. ගුවන් නියමුවා ගුවන්යානයේ පා පුවරුවේ යන හැටි කියල දුන්නේ නැද්ද ? මෙයාව නියමු කුටියට ගත්තේ වොඩ්කා බොන්න දුන්නේ අනිත් ගුවන් නියමුවා ගැහැණු පිරිමි දෙකටම නැති කෙනෙක්ද ? වෙන කෙනෙක් හිටියේ නැති නිසාද? .(නදී)

:       0       0

ට්‍රියෝනි සෙනවිරත්න Monday, 07 October 2013 11:02 AM

නිදහසෙන් පස්සේ අපේ රටේ හිටිය පාලකයෝ වගේ.(නදී)

:       0       0

මදුර Monday, 07 October 2013 10:35 AM

සාමාන්‍යයෙන් පැය 30ක් වගේ තමයි මම දන්න විදියට ඕනම එයාලයින් එකක. මේ කියන්නෙ මාසික කාලයක් ගැන විය යුතුයි.(නදී)

:       0       0

සරත් Monday, 07 October 2013 10:10 AM

මම නම් ඕවයේ යන්නේ නැත්තේ ඕකමයි. ගුවනේ පොඩියට නැවතුම් මද්‍යස්ථාන හදන්න තියෙන්නේ කැමති අයට නිදාගෙන ඉදල යන්න. (නදී)

:       0       0

පෙත්තා Monday, 07 October 2013 07:44 AM

හැබැයි අන්තිම වචනේ නිදි වදිති කියල කිව්වා නම් කවුරුත් කපෝති. (නි)

:       0       0

ඉන්දු මෙල්බර්න් Monday, 07 October 2013 06:52 AM

නීල් රනා, මීට පස්සේ ඔයා ගුවන්ගත වෙනකොට පොඩි මැසේජ් එකක් දාන්න ලංකාදීපෙට. එතකොට අපට පුළුවන් ඒ ෆ්ලයිට් එක මිස් කරලා වෙන එකකට නගින්න. (නි)

:       0       0

සෙන්තිල් Monday, 07 October 2013 01:31 AM

ඒකට කාරනය,වොඩ්කා වලට වඩා අරක්කු සැර නිසයි (නි)

:       0       0

නීල් රානා Sunday, 06 October 2013 05:04 PM

කලකට ඉහතදී මම රුසියාවේ මොස්කව් අගනුවර සිට ලංකාවට එද්දී ගුවන්යානයේ ප්‍රධාන නියමුවා ගමනේ බොහෝ දුරක් ගතවී අබුඩාබියට පැමිණෙන තෙක් මා සමග වොඩ්කා බොමින් පිළිසඳරේ යෙදෙමින් පැමිණියා. ඔහු මා නියමු කුටියට රැගෙන ගොස් එහි කටයුතු සිදුවෙන ආකාරය පෙන්වාදුන් නිසා ඒ ගැන වරදක් කියන්නත් බැහැ. යුරෝපයේ හැටි ඔහොම තමයි. නමුත් අණතුරු සිදුනොවන ලෙස නිදාගන්නත් මත් පැන් බොන්නත් ඔවුන් දන්නවා. අපේ අය පියවි සිහියෙන් සිදුකර ගන්නා අණතුරු දෙස බලනවිට යුරෝපීයන් ගුවනේ ටිකක් නිදාගත්තත් ප්‍රශ්ණයක් නැහැ. .(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site