X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 25 වන සිකුරාදා


ගූගල් වීදි දර්ශනවලට ඉන්දියාවෙන් වැට

ගූගල් සිතියම සඳහා ස්ට්‍රීට් වීව් සේවාව ක්‍රියාත්මක කිරීමේදී ඉන්දියාවේ වීදි දර්ශන ඇතුළත් කිරීම වැළැක්වීමට එරට රජය පියවර ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

ඉන්දියාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති ගැටලු හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි කියති. එරට වීදි, ප්‍රධාන රාජ්‍ය ගොඩනැගිලි, හෝටල් ආදිය විවිධ කෝණයන්ගෙන් ඡායාරූප ගත කිරීමට නියමිතව තිබුණද ඉන්දීය ඔත්තු සේවා පෙන්වා දී ඇත්තේ එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවයි.

ලොව තවත් රටවල් කිහිපයක්ද ගූගල් වීදි දර්ශන සඳහා විරෝධය දක්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මුම්බායි නුවරට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට පෙර අවට ඡායාරූප ගත කිරීමක් සිදු කර ඇතැයි ඔත්තු සේවා අනාවරණය කරගෙන තිබූ අතර ත්‍රස්තවාදීන්ට සිය ඉලක්ක කරා පහසුවෙන් ළඟාවීමට ගූගල් ස්ට්‍රීට් වීව් ක්‍රමවේදය උදව්වක් බව ඇතැමුන් කියති.



අදහස් (0)

ගූගල් වීදි දර්ශනවලට ඉන්දියාවෙන් වැට

සුසන්ත Friday, 10 June 2016 02:17 PM

අනේ එයාලගේ රටේ ඇත්ත ලොවට පෙනෙන නිසා වෙන්න ඇති. ඔය වගේ අපිරිසුදු රටක් තව මේ ලොවේ නැත (නි)

:       0       0

සමීර Friday, 10 June 2016 03:25 PM

කොහොමත් ඉන්දියාවේ ඉන්නේ බක පණ්ඩිතයෝ (බ)

:       0       0

ගමගේ Friday, 10 June 2016 04:02 PM

ආරක්ෂාවද නැත්නම් පාරේ මළපහ කරන ඒවා වැටෙයි කියලද, අනේ අපි නොදන්න ඉන්දියාව. (බ)

:       0       0

සනත් ගුනවර්දන ස්විස් Friday, 10 June 2016 05:42 PM

ඉන්දියාවේ වීදි දර්ශන බොහෝවිට ඒවා නුපුරුදු මිනිස් ඇසට පිළිකුලක් දනවන ඒවා. එමඟින් එම රටට නොගිහින් වුණත් වීදි දර්ශන බලා එම රටට එන සංචාරකයන් අඩුවීමත්, රටට අපකීර්තියක් සිදුවීමත් වැළැක්වීමට ඉන්දීය රජය පියවර ගෙන ඇති (නි)

:       0       0

හේවාවිතාරණ Friday, 10 June 2016 06:29 PM

ගමගේ, ඔයා කියන දේ හරියටම හරි (නි)

:       0       0

ලලිත් Friday, 10 June 2016 06:59 PM

පළවෙනි රූපරාමුවෙන් රේල්පාරේ පෙළට ඇනතියාගෙන ඉඳගෙන ඉන්න දර්ශනයක් දර්ශනය වුණාද දන්නෙ නැහැනේ. ඊටපස්සේ වැඩේ තහනම් කරන්න ඇති (නි)

:       0       0

අබය Friday, 10 June 2016 10:23 PM

මම හිතන්නේ එහෙම ප්‍රශ්නයක් තමයි ගමගේ. (නි)

:       0       0

ගැමුණු Saturday, 11 June 2016 05:26 AM

ඉන්දියාවේ යම් තරමකට හරි පිරිසිදුවට තියෙන්නේ එහි සිනමා කර්මාන්තයයි. ඒකටත් හේතුව, බොහෝ ඒවා රූගත කරන්නේ විදේශ වලට ගොස් නිසයි. (නි)

:       0       0

සංකල්ප Saturday, 11 June 2016 05:30 AM

විදි දර්ශන විතරක් නොව ගංගා සහ මුහුදු වෙරළ දර්ශනද මෙම තහනමට ඇතුළත් වියහැක. (නි)

:       0       0

සංජීව Saturday, 11 June 2016 09:43 AM

ඒක හොදයි.ආරක්ෂාව සම්බන්ධයෙන් හොද තිරණයක් අරන් තියෙන්නේ.(හේ)

:       0       0

උපාලි Sunday, 12 June 2016 02:37 AM

අපේ රටේ නම් විදි දර්ශන ඉතාමත් අලංකාරයි. මේවා ඉන්දියානුවන් දකින්න ඇති. ඔවුන් තමන්ගේ රටේ විදි දර්ශන දෙන්න අකමැති ඇයි කියලා හිතාගන්න පුළුවන්. ගුගල් වලින් ඒවායේ තියන අප්‍රසන්න අපිරිසිදු සහ මිනිසුන්ගේ අවිචාර ක්‍රියා ලෝකෙටම යන නිසා. (නි)

:       0       0

නලින් යහම්පත් Sunday, 12 June 2016 07:10 AM

මමත් මෑතකදී ඉන්දියාවේ සංචාරයක් කළා , විදි දර්ශන ඇතුලත් නොකිරීම ඉතා හොඳය , සමහර විදි දර්ශන වමනේ ඔක්කාර යන තරමට , සමහර විදි දර්ශන අශෝබන ඒවා , එහෙත් සමහර පැතී බටහිර නගර වාගේත් තියෙනවා (බ)

:       0       0

නාමල් Sunday, 12 June 2016 08:22 AM

මේක ආරක්ෂාව සම්බන්ද දෙයක් නෙමේ. ඉන්දියාවේ තත්ත්වේ ලෝකෙන් වසන් කරන්න කරපු දෙයක්. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site