X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


ගොලුබෙලි ගොවිපොළ

ගොවි පොළක ගොලු බෙල්ලන් වගා කිරිමෙන් ජීවත්වන පුද්ගලයකු ඕස්ට්‍රියාවේ වාසය කරයි. මිනිස් පරිභෝජනය සඳහා වසරකට ගොලු බෙල්ලන් 300000 පමණ වගා කරයි. ඒ ගොලු බෙල්ලන් කිලෝ එකක් ඩොලර් 105 ක් පමණ වෙයි. ඔස්ට්‍රියාවේ ආපනශාලාවලට ඔහු මේවා සපයයි. ගොලු බෙලි බිත්තර හා ගොලු බෙලි අක්මාව ද ඔහු විශේෂ මිල ගණන් වලට අලෙවි කරයි.

පරිගණක හා ආර්ථික විද්‍යා උපාධියක් හිමි ඇන්ඩ්‍රීස් ගුගුමුක් (40) නමැති මේ අපූරු පුද්ගලයා තමන් කලින් සේවය කළ අයි.බී.එම්. සමාගමෙන් ඉවත්ව මේ ගොලු බෙලි ව්‍යාපාරයේ යෙදෙයි.  ඔහුගේ අදහස තමන් කලින් කළ රැකියාවට වඩා මෙය සුවදායක බවයි.

වියානාවේ සහ ප්‍රංශයේ මේ සතුන් ඉතා ජනප්‍රිය ආහාරයකි. ඕස්ට්‍රියාවේ නැතිවී යමින් තිබූ ගොලුබෙලි ආහාරයට ගැනීමේ පුරුද්ද යළි ඇති කිරීමට තමන් සමත් වූ බව ගුගුමුක් කියා ඇත.

‘‘ අවුරුදු දහස් ගණනක අතීතයේ පටන් මිනිසුන් ගොලුබෙල්ලන් ආහාරයට ගෙන තිබෙනවා. එය ඉතා රසවත් වගේ ම පෝෂ්‍යදායී ආහාරයක්.“ ගුගුමුක් පවසයි.

ගොලුබෙලි බිත්තරයකින් වැඩුණු සතකු ඇතිවීමට මාස තුනක පමණ කාලයක් ගත වේ. ගුගුමුක් පවසන්නේ ගොලු බෙල්ලන්ගේ ශ්‍රාවයන් උපයෝගී කරගෙන රූපලාවන්‍ය නිෂ්පාදන බිහිකිරීමට ද තමන් අවධානය යොමුකැර ඇති බවයි.

_77324625_14332261299_f44ccba8c0_k _77324622_14332218329_260c5566e2_k _77324238_14157712660_0611bee6af_k _77324236_14332163330_e296d042f1_k _77324230_14517454614_fe56adc5a5_k



අදහස් (0)

ගොලුබෙලි ගොවිපොළ

ඉසුරන්දි Thursday, 04 September 2014 05:08 AM

ඊයා. මේ මිනිස්සු නොකන මසක් නැහැනේ. (නදී)

:       0       0

ඇන්ඩෝ Thursday, 04 September 2014 07:06 AM

මම ගොලුබෙලි මස් කාල තියෙනවා. මුහුදු බෙල්ලොන්ගේ මස් වගේ. (ස)

:       0       0

අනිල් Thursday, 04 September 2014 07:05 AM

ලංකාවෙත් කරලා බලමුද, මෙහෙත් හරියට වැහි කාලෙට ගොලුබෙල්ලෝ. (ස)

:       1       0

ක්‍රිස් Thursday, 04 September 2014 07:18 AM

ඇත්තමට රස කෑමක්. නමුත් ගණන්. ගොළු බෙල්ලෝ 6ක් රුපියල් 2255ක් විතර වෙනවා රෙස්ටුරන්ට් වල. ගොළු බෙල්ලව පුරවල තියෙන්නේ බසිලික් සෝස් වලින්. (ස)

:       0       0

චන්දි Thursday, 04 September 2014 07:56 AM

අපෝ , මතක් කරන්න එපා දැනුත් වමනෙට එනවා.., මම මෙහෙ ආපු දවස්වල වෙච්ච දෙයක් නිසා. හෙත් කනවා යාන්තම් වැහි පොදක් ගිහිපු ගමන් වයසක අයයි, පොඩි කොල්ලොයි බෑග් අරන් ගොළු බෙල්ලෝ ඇහිදිනවා. ක්‍රිස්, ඔයා කාල තියෙනවද ? රසයි කිව නිසයි ඇහුවේ. ගෙම්බොත් කනවලුනේද...? (නදී)

:       0       0

ක්‍රිස් Thursday, 04 September 2014 08:17 AM

චන්දී ඔව් මම කාල තියෙනවා. ඔව් ගෙම්බාගේ කන්නේ පසු පස ගාත් දෙක පමණි. නමුත් ගෙබි මස් කන්නේ නැහැ මහ අපුල ගදක් එනවා ඒ මස් වලින්. නමුත් ගොලුබෙල්ලෝ ලංකාවේ එවුන් වගේ විසාල නැහැ කුඩා දුබුරු පාට. බසිලික් සෝස් සමග කදිම මිල අදික ආහාරයක් (නදී)

:       0       0

ගාමිණී සිරිවර්දන Thursday, 04 September 2014 08:30 AM

අපේ ගෙවත්තේ හුරතලේට ගොලු බෙල්ලෝ රාශියක් හදලා හිටියා.. දිනපතා පැමිණෙන ඇටිකුබ්බෝ ජෝඩුවක් නිසා ආදරේට ගොළු බෙල්ලෙක් හදාගන්න විදියකුත් නැහැ අපට ! (ස)

:       0       0

රත්න Thursday, 04 September 2014 08:44 AM

බෙල්ලා ගොළු හින්ද ඕන දෙයක් කරහැකි (නදී)

:       0       0

චන්දි Thursday, 04 September 2014 12:00 PM

ස්තුතියි ක්‍රිස්, නිහතමානිව පිළිතුරු දුන්නට, මේ රටෙත් කනවා, ඔය දෙකම මට නම් ඇහුවත් අප්පිරියයි, එක එක්කෙනාගේ ප්‍රියතාවය වෙනස් නේ නේද...? (නදී)

:       1       0

තිලක් Thursday, 04 September 2014 01:28 PM

ලංකාවේ වෙද ගොළුබෙල්ලා නැත්නම් ගස් ගොළුබෙල්ලා කියන බෙල්ලා කන්න පුළුවන්. බොහෝ වෙලාවක් තාම්බුවොත් රබර් වගේ කන්න බැරි තරම් දැඩි වෙනවා. ඉක්මනින් උයා ගන්න ඕනේ. (නදී)

:       0       0

ඇසළ Thursday, 04 September 2014 02:33 PM

ප්‍රංශ ජාතිකයිගේ ප්‍රධාන ආහාරයක් වගේම මිල වැඩි දෙයක් ගෙඹි කකුල්, ගොලුබෙලි මස් චීනය, කොරියාව, තායිවානය වගේ ආසියාවේ රටවල් වල හොද මිලක් ඇති ආහාරයක්. අපිට තමයි දැක්කත් අප්පිරියාවේ බැරි. (නදී)

:       0       0

අජිත් Thursday, 04 September 2014 04:58 PM

ගොඩක් රටවල් ඔය සතුන් ආහාරයට ගන්නවා (නි)

:       1       0

අචිර Thursday, 04 September 2014 04:57 PM

අපි හරක් මරන එක නවත්වන්න කතාකරමින් ඉන්නවා. මේ අය තව මස් වර්ග හඳුන්වලා දෙනවා (නි)

:       0       1

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site